07| lonely

151 69 11
                                    

°°Pirate of the Atlantis°°

Chapter 07•



" පසී...පසී...ඇහැරෙන්න " පසීට හුරුපුරුදු හඬක් කන්වල ගැටෙද්දි පසී යාන්තමට ඇස් විවර කලා.

මෙදාපාර තියෝ හිටගෙන හිටියෙ තරුපිරුණු අඳුරු ආකාස පසුබිමේ. තියෝගෙ උදවුවෙන් නැගිටපු පසී සුසුමක් හෙලලා අහස දිහාත් මුහුද දිහාත් බැලුවා.

" මොකද්ද වෙන්නෙ කියලා හිතාගන්න බෑ නේද පසී? " තියෝට අහන්න ලැබුණෙ එච්චරයි. කොහේදෝ මන්දා හංගගෙන හිටපු කඳුළු බින්දු පසීගෙ කම්මුල් දිගේ ගලාගෙන යන්න පටන් ගත්තා.

" මට මේ මොකද්ද උනේ තියෝ? "

" සමහරවිට අපේ ඒකාකාරීව ගලන් යන ජීවිතේ පොසෙයිඩන්ට පෙනෙන්න ඇති..." තියෝ උරහිස් ගස්සලා අත් සාක්කුවල ඔබාගත්තෙ එක මොහොතකටවත් පසී දිහා හැරිලා නොබල.

" ඒත්-ඒත් මේකට වඩා ඒකාකාරී ජීවිතේ හොඳයි...මගේ ජීවිතේට මෙහෙම වෙනසක් මට කවදාවත් උවමනා කලේ නැහැ. මාව මේ ප්‍රශ්ණෙට පොසෙයිඩන් ඇදලා දැම්මා...මට හරි බයක් දැනෙනවා, ඒ මදිවට හරි තරහයි...මට මුකුත් කරගන්න බැරිව අසරණ වෙලා..." නොනැවතී ගලන කඳුළු නවත්තන්න උත්සාහ කරමින් පසී වෙවුලන හඬකින් තියෝට උත්තර දුන්නා.

" එහෙම නෑ පසී. ඔයා මම කලාටත් වඩා හොඳට කරනවා... ඉස්සරහට ඔයා මීටවඩා හොඳ අදහසකින් මාව හම්බවෙන්න එයි. ඇවිත් මගේ එක්ක සතුටින් හිනාවෙයි...එතකන්, දිගටම නිල් තාරකාව හඹා යන්න. රැවටෙන්න එපා...ඔයාගෙ වටේ ගොඩාක් දේවල් බොරුවෙන් පිරිලා.ඒවට රැවටෙන්න එපා...සුභ ගමන් "

ඇහි පිල්ලම් ගහන තත්පරයට පසී වෙගෙන් හුස්ම ගන්න ගමන් නැගිට්ටා. මැටිල්ඩගෙ පිදුරු මෙට්ටි නිදාගෙන හිටපු පසී නාන බේසමේ අඩ හෝරාවක් ගත කරලා ඇඳුම් ඇදගෙන එලියට ගියේ විශේෂ යමන් බලාපොරොත්තුවෙන්.

මැදියම් රෑ පහුවෙල පැය පහක් ගිහින් තිබුණත් තවන නැගෙනහිර ඉම කළුවරයි. නැව් තට්ටුවෙ තැනින් තැන එල්ලුණු ලන්තෑරුම් වල ආලෝකය ඇරුණු කොට වෙන කිසිම ආලෝකයක් තිබ්බෙ නැහැ. සුක්කානම දෙවෙනි කැප්ටන් උණු ජොනතන්ට භාර දීලා කැප්ටන් ජිමින් නිදාගන්න ගිහින් තිබ්බා...

Pirates of the Athlantis| PJM | Completed Where stories live. Discover now