06| Téir abhaile

158 72 7
                                    

°°Pirate of the Atlantis°°

Chapter 06•


" මොකද්ද අපි දැන් කරන්නෙ? "

" අපි දිශාව වෙනස් කරමු! "

" නෑ- ආපස්සට හරවමු!! "

" කැප්ටන් උත්තර දෙන්න!! "

ඒ හරියටම මධ්‍යහන පහුවෙලා පැය දෙකකට විතර පස්සෙ, රාජකීය නැව දුරදක්නයක් නැතිව උනත් black pearl වාසීන්ට බලාගන්න පුළුවන් උනා. කැප්ටන් ජිමින් තවමත් නිහඬයි. පසී බයෙන් වෙවුලනවා. තමන්ගෙ ඉණ පටියට තියලා හදාගනිපු හම් බෑග්ගෙ ඇතුලෙ තිබ්බ පෙට්ටියට අත යවාගෙන හිටපු පසී ඒකෙන් අත අහකට ගත්තෙම නැහැ!

" අහහන්නවලා....." අන්තිමේ කැප්ටන් ජිමින් මහා හඬින් කතා කරන්න ගත්තා.


" අපි දිශාව වෙනස් කලත්, ආපස්සට හැරෙව්වත් දැන් අපි පරක්කු වැඩියි. අපිව අහු වෙනවා. ඒ ඇරත් මං එහෙම බයේ පැනලා යන ජාතියෙ මිනිහෙක් නෙවෙයි...ඒ නිසා අපි සටන් කරනවමයි! පලවෙනි කාලතුවක්කු උණ්ඩයෙ හඬ ඇහෙන්න ඕනි අපෙන්..ඒ වගේම දිනන්නත් ඕනි අපි!! " කැප්ටන් ජිමින්ගෙ ඒ වචන පසීගෙ හදවත සීතල කරමින් හුලඟට ගහගෙන ගියා. ජිමින්ගෙ අවසාන වචනය හමුවේ ජයගෝසා නගමින් හනි හනිකට වැඩ කරන්න පටන් ගනිපු මිනිස්සු දිහා පසී බැලුවෙ කම්පනයෙන්.

ඊලඟ මොහොතෙ පසීට උණුසුම් අතක ස්පර්ශය දැනුනා. එකපාරින්ම පසීගෙ මූණගාවින්ම මතු උනේ කැප්ටන් ජිමින්ගෙ මූණ. පසී ඒ තරම් කඩවසම් මූණක් ඔය තරම් ළඟින් දැකපු පළවෙනි වතාව ඒක.

" බයවෙන්න එපා...ඔයා දැන් කෙලින්ම කුස්සි අම්මා ගාවට යන්න. ආයෙ මම ඇවිත් කතා කරනකන් එලියට ඒන්න එපා. සටනෙන් දිනන්නෙ මම විතරයි ඒ නිසා කලබල නොවී සුපුරුදු සැහැල්ලුවෙන් ඉන්න. " ජිමින් පසීගෙ වැලමිටෙන් අල්ලගෙනම ඒ විදියට කියලා එකපාරම මොකද්දෝ මතක් උනා වගේ පසීව අතෑරියා.

" දැන් යන්න " ජිමින් ඒ විදියට කිව්වෙ අහක බලාගෙන. හෝන්දු මාන්දු වෙලා හිටපු පසී අන්තිම වතාවටත් ජිමින් දිහා බලලා එතනින් යන්න ගියා...

••••••••••••••••••••••••••••••

පලවෙනි කාලතුවක්කු හඬ ඇහුණෙ පසී නැව ඇතුලට ඇවිත් පැයකුත් ගෙවුණට පස්සෙ. කුස්සි අම්මා කියාපු විදියට ඒක පිට කරලා තියෙන්නෙ black pearl එකෙන්ලු. ඒත් ඊලඟ මොහොතෙ ඉදන් ඉස්සරහට තඅඩ හෝරාවක් යනකන්ම ඒ කාලතුවක්කු හඬවල් ඇහෙද්දිනම් පසීට හොදටම බය හිතුනා. සමහර වෙලාවලදි අනිත් පැත්‍තෙන් ආපු කාලතුවක්කු ප්‍රහාර වලින් නැව දෙදරලා යනවා.

Pirates of the Athlantis| PJM | Completed Where stories live. Discover now