03| I don't know

208 74 10
                                    

°°Pirate of the Atlantis°°

Chapter 03•

" පසී....පසී...ඇස් අරින්න! " පසීට ඇහුණු ගැඹුරු කටහඬ නිසා පසී ඇස් ඇරලා වටපිට බැලුවා.

" කවුද ඔයා!? " පසී ඇහුවෙ තමන්ගෙ දිහා නැවීගෙන බලන් හිටපු කොල්ලගෙන්. රන්වන් පාට හිසකෙසුත් දිලිසෙන නිල්පාට ඇස් දෙකකුත් තිබ්බ ඒ කොල්ලා පසීට නැගිටින්න අත දුන්නා.

කිසි අකමැත්තක් නැතිව ඒ කොල්ලගෙ අත අල්ලගනිපු පසී වැටිලා හිටපු තැනින් නැගිට්ටා. එයාලා හිටියෙ වෙරළක! මුහුදු හුළඟින් පසීගෙ කොණ්ඩෙ අවුල් වෙමින් තිබ්බා.

"ඔයා කවුද? " පසී ආයෙමත් කලින් ප්‍රශ්ණෙම ඉදිරිපත් කරලා අර කොල්ලා දිහා බැලුවා.

" මම තියෝ...තියෝ හිඩ්ල්ස්ටන් " ඒ කොල්ලා ක්ෂිතිජය දිහාට ඇස් යැව්වා.

පසී තියෝ දිහා බැලුවෙ ඇස් ලොකු කරගෙන.ඒ නම පසීට හොදටෝම මතකයි.

" මොකක්!! තියෝ? ඔයා නේද ජූල්ස් වර්න්ගෙ ඇත්ලෑන්ටිස්හි කළු මුතු ඇටය පොතේ ප්‍රධාන චරිතෙ? " පසී ඒ විදියට ඇහුවෙ උඩ පනින ගමන්. තියෝ පසී දිහා බලලා ලාවට හිනාවුණා.

" ඔව්...ඉතින් ඔයා හිතනවද ජූල්ස් වර්න් මම ගැන ඒ ලියපු පොත නිකන්ම විද්‍යා ප්‍රබන්ධයක් කියලා ? " තියෝ ඒ විදියට පසීගෙන් ඇහුවෙ පසීගෙ උරහිසට අතකුත් තියන ගමන්.

" අපොයි නෑ! මගෙ පෞද්ගලික මතය තමයි ජූල්ස් වර්න් ලියපු සේරම පොත් ඇත්ත.එයා අතිශයෝක්තිය පාවිච්චි කරපු තැන් තිබ්බත් ඒවා ඇර ඉතුරු සේරම ඇත්ත. ඒත් මිනිස්සු ඒක විශ්වාස කරන්නෙ නෑ "

" මම මගේ ගමන ගැන ජූල්ස් වර්න්ට කිව්වෙත් අන්න ඒ හේතුව නිසා....මිනිස්සු මාව විශ්වාස කරන්නෑ. ඒත් මිනිස්සු ජූල්ස් වර්න්ගෙ කතා රස විදිනවා "

" ආහ්....ඒ කියන්නෙ ඔයත් ඇත්තටම ගියාද!!!!??? "

" ඔව්! හරි- මේ අහන්න...මට ඔයාට දෙයක් තියෙනව...මේක අහලා පිස්සු හදාගන්න එපා හරිද? " තියෝ එක ඇහිබැමක් උස්සලා පසී දිහා අනුකම්පාව මුසු බැල්මකින් බැලුවා.

" ආහ්...ඉතින් කියන්න "

" ඔයාට ආයෙ ගෙදර යන්න ඕන්නම් ඔය කළු මුතු ඇටයෙ අනිත් එක හොයාගන්න. ඒ දෙකම එකට එකතු කරලා දොර ඇරගන්න...නැත්නම් ඒ දෙක එකතු කරාම ඇරෙන අනිත් දොරෙන් ඇත්ලෑන්ටිස් වලට ගිහින් ලොකු ධනයක් ලබාගන්න. හැබැයි ඔයාට තෝරගන්න පුළුවන් එකම එකයි...තේරුනාද? පරිස්සමින් වැඩ කරන්න...මුතු ඇටය හොයාගන්න නිල් තාරකාව දිගේ කිඳුරු දූපත දක්වා කෙලින්ම යන්න! අතරමග හම්බවෙන කිසි දේකට රැවටෙන්න එපා...ඔයාට ඒක කරන්න පුළුවන් " තියෝ පසීගෙ අතට තදවෙලා තිබ්බ කළු මුතු ඇටේ ඇස්වලින් පෙන්නලා අතින් පසීගෙ ඇස් වැහුවා. පසීට වචනයක්වත් කතා කරන්න තියෝ ඉඩක් තිව්වෙ නෑ....

Pirates of the Athlantis| PJM | Completed Tahanan ng mga kuwento. Tumuklas ngayon