10| Black Pearl

250 81 52
                                    

°°Pirate of the Atlantis°°

Chapter 10•

" අර බලන්න " නැව් තට්ටුවට ආපු ගමන්ම පසීගෙ අතින් අල්ලගනිපු ජිමින් ඈතට අත දික් කලා...

ජිමින්ගෙ අත දිගේ ඒ පැත්තට ඇස් යවපු පසීට දැකගන්න පුළුවන් උනේ තමන් මුලු කාලෙ පුරාම හොයමින් ඇවිද්ද ඒ දේ.....ඔව්, ඒ කිඳුරු දූපත !!!

" කිඳුරු දූපත..." පසී වැඩිය නොහිතම ජිමින්ගෙ අත ගසාදාලා නැවේ ඉස්සරහා කොටසට දුවගෙන ගියා. තමන්ගෙ අත දිහා බලපු ජිමින් සුසුමක් හෙලමින් සුක්කානම ගාවට ගියේ හිත් වේදනාවෙන්..

සමහර වෙලාවලදි , අපේ හැඟීම් තේරුම් ගන්න අවශ්‍යම කෙනා තේරුම් නොගත්තම එතන ඉතුරු වෙන්නෙ හිත් වේදනාව විතරයි....

දරාගන්න බැරි උනත්, ඒ වෙලාවල් වලදි ඒක අපිට දරාගන්නම වෙනවා....

කිඳුරු දූපත දිහාට හිස හරවපු black pearl නෞකාව සුමටම සාගර ජලයේ ඉදිරියට ඇදෙමින් තිබුණා. කිඳුරෙකුගෙ හැඩයට හැදිලා තිබ්බ ඒ දූපත වක්‍රා කාරව තමයි පිහිටලා තිබ්බේ.. ඒත් අවාසනාවකට වගේ නැව නවත්තන්න පුළුවන් පුංචි වරායක්වත් දූපතට තිබ්බෙ නැහැ.

ඉතින් වැඩිදුර හිතපු කැප්ටන් ජිමින්, ජොජෝවත් තවත් එක නාවිකයෙක්වත් තෝරගෙන පසී එක්ක පුංචි බෝට්ටුවකින් දූපතට ගියේ black pearl නෞකාව අඩක් ගැඹුරු මුහුදෙ නැංගුරම්ලෑවට පස්සෙයි.

" දැන් මොකද්ද ? " ජිමින් පසීගෙන් ඇහුවෙ බෝට්ටුව ඇදලා ගොඩට අරන් පොල් ගහකත් ගැටගැහුවට පස්සෙයි.

" මේකෙ අනිත් කළු මුතු ඇටය මේ දූපතේ කොහේහරි තියෙන්න ඕනි....අපිට තියෙන්නෙ ඒක හොයාගන්න තමයි " පසී උරහිස් ගස්සලා දෑතින්ම හම් බෑග් එක තද කරගෙන වැල්ලෙන් කැලෑවට අඩිය තිබ්බා. පසී දිහා බලලා සුසුමක් හෙලපු ජිමින් පසී පස්සෙන් යන්න ගත්තෙ මලානිකව අඩි තියමින්. ජිමින්ගෙ හදිසි මලානික බව ජොජෝට විතරක් නෙවෙයි අනිත් නාවිකයටත් හොඳටම තේරුනා...

කිසි කතාවක් නැති මිනිස්සු හතරදෙනෙක් සත්තුන්ගෙන් පිරුණු කැලෑවකට ඇතුළු වෙද්දි ඒ බව දැනුනේ එකම එක කෙනෙකුට විතරයි.....

ඔව්,
ඒ පොසෙයිඩන්...

මුහුද යට තිබුණු තමන්ගෙ මාළිගාවෙ සිංහාසනයට වෙලා පොසෙයිඩන් කට කොනකින් හිනාවුණා...

Pirates of the Athlantis| PJM | Completed Where stories live. Discover now