Chapter 01

925 174 123
                                    

නිදාගෙන හිටපු ජුනීට මූන දිගේ ඇලෙනසුලු ද්‍රාවණයක් වැක්කෙරෙනවා වගේ දැනුනා.

"අප්පා... අප්පා..."

චූටි ඇගිලි දෙකක් නාස් කුහරය හරහා ගිහින් මොලේට වැදුනු පාර නම්ජුනී උඩ ගිහින් ඇහැරුනා. සියලු ආතතීන් පත ඈනුමකින් පිට කරපු ජුනී ඇස් දෙකත් පොඩි කර කර බොහොම අමාරුවෙන් යාන්තං ඔලුව උස්සලා බැලුවා.

චූටි දිලිසෙන ඇස් එක්ක කට පුරා හිනා වෙවී තමං දිහා කෙල පෙරං බලං ඉන්න පොඩි සෙවල බබෙක්.
නම්ජුනී උස්සපු ඔලුව ආයෙත් සයනයේ සතපා  ඇස් දෙක පියා ගත්තා.

" wait a damn minute ... ජිමිනා..."

නම්ජුනී කරන්ට් වැදිලා වගේ එකපාරට ඇදෙන් කෙලින් උනා.

" මෙයා කොට් එකේනෙ හිටියෙ, මෙතන කොහොමද..."

ජුනීට එතකොටම ඇහුනේ bathroom එකේ වතුර වැටෙනවා වගේ සද්දයක්.

" කුකියා.... "
ජුනී පොඩි එකාවත් වඩාගෙන ඔලුව කස කස bathroom එකට ගියේ සද්දෙ මොකක්ද බලන්න..

"කුකියා....!!!! ආයිශ් මේ පොඩි එකා...!!!"
ජුනී යද්දි Bathroom එක swimming pool එකක් වෙලා ඉවරයි.

"ආයිශ්... මගෙ ඔලුවත් එක්ක කැරකෙනවා දැන්නං... කුකියා!!!!!! "

ජුනී ඇරලා තිබ්බ ටැප් එකත් වහලා බෙරිහන් දීගෙන ගියේ නසරානි පොඩි එකා හොයාගෙන.ජුනීගෙ සද්දෙට බය වෙලා අතේ හිටපු පොඩි එකත් රැහැයියා වගේ අඩන්න ගත්තා.

"අයිගෝ... මියාන් මියාන් මියාන්.."

බර වෙලා තියෙන ඇස් දෙකත් බොහොම අමාරුවෙන් ඇරගෙන පොඩි එකාවත් නලවන ගමං ජුනී ගියේ තමංගෙ නසරානි කොලුවාව හොයාගෙන. යද්දි කුස්සිය පැත්තෙන් ලොකු දුමක්.

" ආයිශ් ..!! කුකියා...!!"
ඒ පාර නම්ජුනීගෙ බෙරිහන් දීම කොච්චද කිව්වොත් අල්ලපු කාමරේ කොට් එකේ නිදං හිටපු අනිත් රැහැයි පැටියත් කෑ ගහන්න ගත්තා.

"ආහ්හ්... මගෙ ඔලුව... යා.. ලී යූනා... මීට වඩා හොදයි යද්දි මාවත් මරාගෙනම ගියානං"

අතේ හිටපු චූටි ජිමිනාව දුවල ගිහින් කොට් එකෙන් තියලා ජුනී වැටි වැටි කුස්සියට දිව්වේ කුකී මොනා හරි කරගෙනද බලන්න. යද්දි වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි.

I'm (not) Ok [completed]Where stories live. Discover now