Chapter 02

626 150 142
                                    

"Mr.Kim , ඔයාගේ ලොකු බබා නම් ටිකක් පාලනය කරගන්න අමාරුයි . මේකනේ , අපිත් මේ සේවය ලබා දීලා යම් කිසි ලාභයක් බලාපොරොත්තු වෙනවා නේ , ඒත් ඔයාගේ බබාලා දවසට කඩන බඩු ගොඩ බලද්දී අපිට පාඩුවක් මිසක් ලාභයක් නම් වෙලා නෑ. එකපාරටම තැනක් හොයාගන්න අමාරු වෙයි කියලා මං කලින් ම කියන්නේ , මං හිතන්නෙ තවත් වැඩි කාලයක් ඔයාගේ බබාලා මෙහෙ තියලා යන එක අමාරුයි." 

Day care එකේ ළමයි බලාගන්න අජුම්මා එහෙම කියලා ළමයි තුන්දෙනාගේ බෑග් නම්ජුන් අතට දුන්නා.

"අපරාදේ කියන්න බෑ මොනවා නැතත් ඒ අත් යන්නෙත් බාගෙට කැඩිච්ච බඩු වලට . පරම්පරාවෙම අවුලක් ද මන්දා . ඔයාලගේ වරදක් නෑ බබාලා , ඒවා බාල බඩු , ඒවා නිකං ම කැඩෙනවා නේ , trust me babies , Appa knows how it happens"

ජූනී අජුම්මාට ඇහෙන්නේ නැති වෙන්න මුමුණ මුමුණ twins ලා දෙන්නා වඩාගත්තාම කුකීත් නම්ජුන්ගේ blazer එකේ කොණකින් අල්ලං බාගෙට දුවන් ආවේ අප්පාගේ වේගෙටම අඩි තියන්න පුංචි කකුල් කොට වැඩි නිසා.

Office time එක වෙලාවෙම cleaning service එකට කතා කරලා තිබ්බ නිසා නම්ජුන් ගෙදර යද්දී ඔක්කොම පිළිවෙළ වෙලා ආයේ මනුෂ්‍ය වාසයට සුදුසු ස්ථානයක් වෙලා තිබුණා.

දවසම office වැඩ නිසා මහන්සි වෙලා හිටපු නම්ජුන් බබාලා තුන් දෙනාවත් ඇඟ සෝදවලා එයාත් නාලා ඉවර වෙද්දී පැයකටත් වඩා ගිහින් . ඇඳට පැනලා නිදියන්න තදබල වුවමනාවක් තිබ්බත් ළමයින්ට බඩගිනි නිසා නම්ජුන් ආයෙත් කුස්සිය දිහාට ගියා.

පොඩි දෙන්නාට එළවලු තම්බලා බෙරි කරපු අමුතු "බබා කෑම" එක්ක  කුකීටයි ජූනීටයි ramen හදලා ඉවර වෙලා කාමරෙට ගිහින් බබාලාව කන්න එක්කන් එන්න යද්දී පොඩි තුන්දෙනාට හොඳටම නින්ද ගිහින්.
ටේ කුකීගේ ඇඟ උඩ , මිනී කුකීගේ අත යටට රිංගලා එයාගේ චූටි අතකින් ටේගේ අත අල්ලගෙන.

ඒක දැකපු නම්ජුන්ට ආයෙත් ඇහැරවන්න ලෝබ හිතුණත් බඩගින්නේ නිදියන්න දෙන්න බැරි නිසා එයාලව ඇහැරෙව්වා . හැබැයි ඊට කලින් phone එකේ gallery එක පිරෙන්න නිදියන් හිටපු බබාලාගේ photos ගහගන්න එයා අමතක කළේ නෑ.

කවලා පොවලා ඉවර වෙලා කුස්සිය අස් කරලා ඉවර වෙද්දී නම්ජුන්ට අමුතුවෙන් පොඩි දෙන්නාව නම් නිදිකරවන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ . ඒ වෙද්දිත් නිදි කිර කිර හිටපු පොඩි දෙන්නා හිටපු තැන් වලම බදාගෙන නිදාගෙන.

I'm (not) Ok [completed]Where stories live. Discover now