MORNING

194 29 7
                                    

සතුට තිබුණෙ ලගා කරගන්නම නෙවෙයි. ජීවත් වෙන හැටි කියලා දුන්න ආත්ම තෘප්තියට සතුට කිව්වට හැම දවසක්ම අපිට ඕනි සතුට ලැබුණ නම් කොයි තරම් දෙයක්ද?

අලුත් උදයක්, තවත් දවසක්, නව ආරම්භයක්..
ඉතින් මාත් පටන් ගන්න ඕනිද වෙනදා වගේම.

පෑන් තුඩ රෝස පාට පිටුව හරහා යන්නේ හිනා වීගෙන. මගේ හිනාවත් ඒ විදිහටම මැවුණද කියන එක තාමත් සැකයි.

ඉතින්..,,, කොතනින්ද අද දවස පටන් ගන්නේ.
ආහ්.. මගේ බූල් ස්වීටර් එක කොනකින් අල්ලගෙන පාලම උඩින් ගිය හැටි මතකද..? ඒ දවසෙ නේද ඔයාගේ ආසම කොණ්ඩ මෝස්තරය මගේ අතින් අවුල් වුණේ. බොරුවට මූණ ඇද කරගෙන මාත් එක්ක තරහයි වගේ රගපෑවා මතකද? ඒ නපුරු මූණේ තිබුණ වල ගැහුණ කම්මුල් මං තෙමද්දි චෙරි ගෙඩියක් වගේ ලැජ්ජාවෙන් රතු වුණ මූණ මට තවමත් මතකයි.

ඒ දවස වගේම අදත් අහස පැහැදිලි. ඒත් හරිම හිස්. එදා පිරිලා තිබුණ වලාකුලු අද හැන්ගිලා ගිහින්. නිල් පාට හිස් අහසක් විතරයි උදේ ඉන්ම තිබුණේ. ඒත් ඒ ඇයි...? ඔයාට පුලුවන් වුණා නම් ඒකට හේතුවක් මට කියන්න....

"අද පෝස්ට්මන් නිවාඩු ගිහින්. ලෙටර් බොක්ස් එක හිස්."

කාමරේට කඩාපාත් වුණ හ්‍යුන් මගේ උරහිසට තට්ටු කරන ගමන් කියාගෙන ගියේ ලා රෝස පාට කොලේ මගේ අත් වලට පොඩි වෙද්දි.
"මං දන්නවා."
මට එහෙම කියන්න ඕනි වුණා. ඒත් ඊට කලින් හ්‍යුන් වොශෲම් එක ඇතුලට ගිහින්. ඇයි හැමදාමත් මං පරක්කු. ඒක මගේ වැරැද්දක්. තාමත් හදාගන්න බැරි වුණ වැරැද්දක්.

මං නැවතුනා. ඒත් කොතනින්ද..? ආයෙමත් බැලුවෙ අතින් පොඩිවුණ රෝස පාට පිටුව දිහා.

"මේ අත් අකුරු... ආශ්.. මට තාමත් මගේ අත් අකුරු හදාගන්න බැරි වුණා."

අත් අකුරු ගැන කලකිරිලා පෑනෙන් ඔලුවට එකක් ගහගෙන ආයෙමත් ලියපු අකුරු කියවලා ඉවර කරේ නැවතුන තැන හොයාගන්න. ඒත් මං වැරදි. මං නැවතිලා තියෙන්නේ රෝස පාට කොලේක නෙවෙයි.
වේදනාකාරී අතීතෙක.

.....

A/N


ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මට.

සරන්ග්හේ..

✍by blacklove..

•𝙻𝚘𝚟𝚎 𝙻𝚎𝚝𝚝𝚎𝚛• | 𝚅𝚎𝚛𝚗𝚘𝚗 𝚂𝚒𝚗𝚑𝚊𝚕𝚊 ✔️Where stories live. Discover now