HAPPY ENDING

83 16 15
                                    

"හන්සොල්... උදෙන්ම පෝස්ට්මන් ආවා. ඔයාගෙ නමට ලියුමක් ඇවිත්."

කණ්ණාඩියෙන් පේන මං දිහාම බලන් ඉද්දි හ්‍යුන් කිව්වේ මං හැමදාමත් අහන්න කැමති දෙයක්. ඇස් වලට වඩා ඉක්මණ් වුණ මගේ දෙඅත හ්‍යුන් මගේ දිහාට එල්ල කරන් හිටපු ලියුම දිහාට ගියේ මං හිතන්නත් කලින්.

"ලා රෝස පාට.. ඒ කියන්නේ...!!"

තනියම හිනා වුණ මං දිහා බලලා හ්‍යුන් එලියට ගියේ ලා රෝස පාටින් තිබුණ ලියුම් කවරය හිමින් සීරුවේ මගේ අතින් දිග ඇරෙද්දි. දෙකට නමලා තිබුණ තවත් ඒ පාටම කොලයක ඇදලා තිබුණ හා කන් දෙක කාලෙකින් මගේ මූණට හිනාවක් ගෙනාවා.

"ඉතින් හන්සොල්.. නැවතුන තැනින් ආයෙමත් පටන් ගමුද? හැමදාම එවන ලියුමකට ආපිටට ලිපියක් එවා ගන්න බැරි වුණා. ඒකට සමාවෙන්න. හැමදාම අපි හම්බුණ පාලම ලගට එනවද අද හවසට."

ඔව්.. ඒ එයා... අවුරුදු පහකට පස්සේ ඒ එයා. මං හැමදාම ලියපු ආදර කතාවෙ අයිතිකාරී. ඒ කියන්නේ මට පුලුවන් ආයෙත් ඒ හිනාවෙන ඇස් දකින්න. මට පුලුවන් ලැජ්ජාවෙන් රතු වෙන කම්මුල් දකින්න.

දවස ගෙවුණෙ නොඉවසිල්ලෙන් මගේ හිත කෑ ගහද්දි. කියපු වෙලාවට පැයකටත් කලින් ලෑස්ති වුණේ ඊයේ ලියලා ඉවර කරපු ලියුම සාක්කුවේ තියෙනවද කියලා දෙතුන් පාරක්ම සෝදිසි කරලා. එයා ආසම විදිහෙ බූල් ස්වීටරේ ඇදගත්තේ එහෙම නැත්තන් මාව දැකපු ගමන් මූණ ඇද කරගනී කියලා.
ඉර අදත් සමුගත්තා ඊයෙ වගේම. හැබැයි මට ඕනි වුණේ නෑ හෙට උදේටත් හම්බවෙමු කියන්න. මොකද මං කැමති අද රෑ දීර්ඝ වෙනවට.

හවසට ඇවිදින්න සෙල්ලම් කරන්න එන අය වගේම අතින් අල්ලන් යන ආදරවන්තයින් ඉන්න පාර්ක් එකේ අද ඇවිදන් ගියේ කාලෙකින් මගේ ආදරේ දකින්න තියන කලබලෙන්.

ලං වෙන්න ලං වෙන්න නොසන්සුන් වෙන හිත අමාරුවෙන් මට අවනත කරගත්තේ පාලම ලග නැවතිලා හොද හුස්මක් ගන්න ගමන්. ආයෙමත් කලිසම් සාක්කුවට අත ගියේ ලියුම තියෙනවද බලන්න.

මං ලං වුණා. ඈත ඉදන් මට හිනා වෙන ඇස් ලගට පියවරෙන් පියවර ලං වුණා. ඕහ්.. තාමත් ඒ රතු පාට ගවුමද? මට අහන්න හිතුනා. අර ආසම කොණ්ඩ මෝස්තරය. ඒ වලගැහෙන කම්මුල්. චෙරි බ්ලොසම් මලක තියෙන ලා රෝස පාට තොල් පෙති තාමත් එහෙම්මයි.

"ඔයා ආවා එහෙනම්."

"ම්ම්ම්.. ඔයාට පුලුවන්ද මට අත දෙන්න."

මං අහද්දි මගේ දිහාට අත දික් කලේ ඉස්සර වගේ.

"මෙන්න.. මේක ඔයාට."

තාමත් නොමැකුණු හිනාව ඔයාගේ මූණට ගෙනාවේ බැහැගෙන යන ඉරටත් වඩා ලස්සනක්.
මට අදයි තේරුණේ බලන් හිටපු එකේ අගේ එදා ඔයා කියපු විදිහටම. එදා වගේම හරි ලස්සනට මං වෙනුවෙන් රැකගත්තු ඔයාගෙ ආදරේ විශ්වාස කරපු එක ගැන මං සතුටු වෙනවා.

"හන්සොල්.. මං අද ලං කරගත්තා හැමදාම ඔයාගෙන් ඉල්ලපු මම ආසම තරුව. ඉතින් ඒ තරුව අරන් ආයෙම මං එනකන් බලන් හිටපු ඔයාට ස්තූතියි."

"නෑ.. මං බලන් හිටියෙ නෑ. ඉවසුමක් නැති මං හැමදාම ඔයා වෙනුවෙන් ලිව්වා. උත්තරයක් නැති
ආදර ලිපියක්.

.....

A/N

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/N

Seventeen - Love Letter
මේ සින්දුව නිසා හිතට ආපු සිතුවිල්ලක් වචන කරේ. වර්නන්ට මං ආස නිසා මේකට එයාව ගත්තේ. ගොඩක් පොඩියට ලිව්වේ. මගේ පලවෙනි Seventeen ff එක. මේ පරිවර්තනේ. හොදද දන්නෑ ඉතින්.

විශ්වාසය කියන්නේ හුගක් වටින දෙයක්. හොද සීයක් ඇතුලෙ එකම දේකට අවිශ්වාස කරන එක බොරු වැඩක්.

කියවලා දුවන්න කලින් අදහසක් කියන් යනවද? මං ආසයි මං ලියපු වචන වලට ලැබෙන හොද හෝ නරක ප්‍රතිචාර දැනගන්න. ඉතින් කැමති දෙයක් කියාගෙන යන්න.

සරන්ග්හේ..

🎉 You've finished reading •𝙻𝚘𝚟𝚎 𝙻𝚎𝚝𝚝𝚎𝚛• | 𝚅𝚎𝚛𝚗𝚘𝚗 𝚂𝚒𝚗𝚑𝚊𝚕𝚊 ✔️ 🎉
•𝙻𝚘𝚟𝚎 𝙻𝚎𝚝𝚝𝚎𝚛• | 𝚅𝚎𝚛𝚗𝚘𝚗 𝚂𝚒𝚗𝚑𝚊𝚕𝚊 ✔️Where stories live. Discover now