THE LONE STAR

51 16 6
                                    

හමුවුණ විදිහටම ඉර අදත් සමුගත්තේ මහා ධාරාණිපාත වර්ශාවක අවසානයේ. අහසටත් එපා වෙන්න ඇති පොලොව වෙනුවෙන් කදුලු හලලා. ඉතින් කමක් නෑ. අපි හෙට උදේට නැවතත් මුණ ගැහෙමු. අලුත් දවසකින්. දැනට මේ අඩ සඳට ඉඩ දෙන්න මගේ තනිය මකන්න.

"හන්සෝල්.. මට තරුවක් ගෙනත් දෙනවද?"

"තරුවක්....?? හරී මං ගෙනත් දුන්නා කියමුකෝ. මොනාද කරන්නේ අහසෙන් පැහැරගත්තු තරුවකින්."

"ම්ම්ම්...අහසට දැනෙන්න අරිනවා එයාටත් තරුව නැතුව ඉන්න බෑ කියලා. ඔය තරු කොයි තරම් අහසෙ හිටියත් අහස දන්නේ නෑනේ ඒ තරුවක අගේ."

තරු අඩු අද වගේ දවසක අහස දිහා බලන් ඔයා ඒ කිව්වේ අපි ගැනද? ඔයා නැතුව මට කොච්චර ඉන්න අමාරුයි කියලද මේ දැනෙන්න අරින්නේ. හරී.. මට දැනුනා ඒක. ඔයාට දැන් සතුටුද.?

මුලු රෑම නිදි නැතුව කල්පනා කලෙත් මගේ නරක අත් අකුරු ගැන. ඉතින් මේක කියවලා ඔයත් වද වෙන්න එපා ඒ ගැන. දැන්ම නැතත් මං ඉක්මණට හරි ගස්සගන්නම් මගේ අත් අකුරු.

හැමදාම මේ හැගීම් සීමාවක් නැති හිස් අහසට විසි කරන්නේ ඇයිද කියලා දන්නවද?
මට පුදුමයි ඔයා ඒ ගැන දන්නවා නම්. මං දුක් වෙයි අඩුම තරමේ ඒවා මේ අහසවත් නොදැන හිටියොත්.

අත හිරිවැටිලා. මොකද අද දවසම මේ පෑන අතේ ගුලි කරන් හිටපු නිසා. දන්නවද මේ කී වෙනි පෑනද කියලා. මට විශ්වාසයි ඔයා දන්නෙ නෑ. ඉතින් මං අත දිග හැරියා. ලා රෝස පාට කොලේ චූටි නැමුම් පාරවල් දෙකක් සටහන් කරා.

හොද වෙලාවට කලින්ම ලෑස්ති කරේ හෙට ඇදන් යන ඇඳුම. කලිසම් සාක්කුවට මගේ ආදර ලිපිය දැම්මේ හරි පරෙස්සමෙන්.

මටත් පිස්සු. වැඩක් තියෙනවද මේ තරම් පරෙස්සම් කරලා කවදාවත් අයිතිකාරයාට නොලැබෙන
ආදර ලිපියක්.

.....

A/N

When there is a star in the sky,
it looks beautiful only to us.
And not to the sky.

නිර්මාණයක් හොද වෙන්නෙ රසවින්දකයින් මත.
ඉතින් මටත් ආසයි දැනගන්න හොද නරක.

සරන්ග්හේ..

✍by blacklove..

•𝙻𝚘𝚟𝚎 𝙻𝚎𝚝𝚝𝚎𝚛• | 𝚅𝚎𝚛𝚗𝚘𝚗 𝚂𝚒𝚗𝚑𝚊𝚕𝚊 ✔️Where stories live. Discover now