RISING SUN

101 18 2
                                    


ලියන්න හුගක් දේවල් තියෙනවා. කවදද ඒ දේවල් කියලා ඉවර කරන්නේ. මට අහන්න දේවල් හුගක් තියෙනවා. ඒවා අහන් ඉන්නේ කවද්ද?

මං අපහසුවෙන් ලියන වචන ගැඹුරු වැඩිද..? ඔයාට නොතේරුණාට අපේ පරණ මතක තමයි ගැඹුරු. මට අමාරුයි වචන ගලපන්න. මේ පෑන් තුඩ මාව පාලනේ කරනවා. දන්නවද...?? මං තාමත් ආධුනිකයි මේ භාෂාවට. ඉතින් කියවලා දුක් වෙන්න එපා ඒ ගැන.

"හන්සොල්.. කෑම නිවෙනවා."

ආයෙමත් හ්‍යුන්. මට ඕනි එක දිගට අපේ මතක මේ ලිපියෙන් බෙදාගන්න. හැම දෙයක්ම. පොඩි පොඩි මතකයක් පවා ඔයා එක්ක කතා කරන්න. ඒත් හැමදාමත් ඒකට බාධා වෙනවා. හරියට ඒ දවස් වගේම.

උදේ තිබුණ නිල් අහසෙ මේ වෙද්දි සුදු පාටින් වලාකුලක් ඇදිලා. මේ කාලෙට ඔයා කිව්වෙ ඉර හැමදාම හිනා වෙලා ඉන්න කාලෙ කියලා. ඇවිදලා ඇවිදලා මහන්සියට කඩයක් කඩයක් ගානේ අයිස් කීම් ඉල්ලුවා මතකද? ඒ හැමදේම අස්සෙන් දැන් සුදු වලාකුලක් ඇදිලා නේද? කවදා කොහොම කොතනදි ඇදුනත් මගේ අහසෙ තාමත් ඒ වලාකුල මැකිලා නෑ. ඉතින් වැඩක් තියෙනවද අහසට වත් මේ වචන විසි කලා කියලා.

මං බලන් හිටියා සීතල හුලඟක් ඇවිත් අපිව වැලඳ ගන්නකන්. අන්තිමට වුණේ මහ කුණාටුවක් ඇවිත් මගේ අතේ තිබුණ ලා රෝස පාට කොලේ ගහගෙන ගියපු එක විතරයි. ඒත් තාමත් මගේ නරක අත් අකුරු ඒ පිටුව පුරා ඇදිලා. මට ඕනි වුණේ වෙනදා වගේම අපේ ආදර මතක වචන කරන්න වුණත් හැමදාම වගේ වේදනාකාරී අතීතය පිටුව පුරවලා.

ඒ නිසාමයි අදත් කුණු කූඩය තවත් පොඩි වුණ රෝස කොලේකින් පිරවුණේ.

"ඔයාගේ හිතත් හරියට ඔය ඩස්ට්බින් එක වගේ හන්සොල්. පේන්නැද්ද..? දවසින් දවස නොහිතන වචන නිසා විසි කරන වැඩකට නැති කොල ගොඩගැහෙනවා විතරයි. කිසිම යාවත්කාලීන කිරීමක් නෑ."

"ඔව්.. හරියට හ්‍යුන් හැමදාම මට කියන වචන වගේ."
මං එහෙම කියලා අලුත් පිටුවකට පණ දුන්නා.

"නරකද තව එක පාරක් ඒ ඇඩුස් එකට ගිහින් බලලා ආව නම්.
අඩුම තරමෙ එයා ඒ ගෙදර ඉන්නවද නැද්ද කියලවත් දැනගන්න තිබ්බා."

මගේ ඇද උඩින් ඉදගන්න ගමන් හ්‍යුන් කතා කරේ හරියට අද ඊයෙක දෙයක් ගැන කතා කරනවා වගේ. එක අතකට හ්‍යුන් එහෙම කියන එක සාධාරණයි. තොරතුරකට කියලා දන්න එකම දේ ලිපිනය වෙලා තියෙද්දි මං ලියුම් ලියනවා නම් ඒ ලිපිනය හරිද බලලා ආවා කියලා වැරැද්දක් නෑ.

ඒත් මං දන්නවා. ඒ ලිපි එකක්වත් එයාට නොලැබුණ බව. හැමදාමත් මං ලියලා තියෙන්නේ මිරිගුවකට කියලා.

...

A/N

තේරෙන්නැද්ද..?
හිතෙන දේ කියාගෙන යනවද?

සරන්ග්හේ..

✍by blacklove..

•𝙻𝚘𝚟𝚎 𝙻𝚎𝚝𝚝𝚎𝚛• | 𝚅𝚎𝚛𝚗𝚘𝚗 𝚂𝚒𝚗𝚑𝚊𝚕𝚊 ✔️Where stories live. Discover now