The First Raindrops

69 16 2
                                    

සුදු වලාකුල විතරක් නෙවෙයි, නිල් අහසත් අපැහැදිලි වෙලා. ඉරත් එක්කම අහස අදුරු වෙලා. ඈත අහසෙ පියාඹන වැහිලිහිණියෝ තුන් දෙනා කියන්නෙත් අමුතු කතාවක්.

දහවල් රස්නෙට වේලිලා ගිය තාර පාරටත් පලමු වැහි බිංදුව නිවනක් වුණා. තව තවත් පොලොවට වැටෙන වර්ශාව නිසා මතුවන දුම් වලාව දහවල් කොයි තරම් නම් මහන්සිද කියලා පෙන්නන්න හොද සාක්ෂියක්.
තත්පරෙන් තත්පරේ විශාල වන වැහි බිංදු එක අතකට මගේ හිතටත් සැනසීමක්.
ඒත්,
ඒ වැස්ස දන්නවා නම් තමන් වැටෙන්න ඕනි රත් වුණ තාර පොලොවට නෙවෙයි දූවිලි වැදුණ වැලි පාරකට කියලා..
වැස්ස තෙමලා තියෙන්නේ කොයි තරම් තෙමුණත් සෑහීමක් නොලබන තැනක් කියලා වැස්ස දන්නව නම්,
හැමදාමත් වහිනකන් බලන් ඉන්න දූවිලි පාර අදත් මග බලන් ඉන්නවා කියලා දන්නවා නම්,
ඒ වැස්සත් මෙහෙට නොවැටි ඉන්න තිබ්බා.

"හන්සොල්.. මට තෙමෙන්න ඕනී..."

දවසක් මහ වැස්සේ ඔහොම කියලා මාව තරහ ගැස්සුවා මතකද? අන්තිමට මාව තෙමෙන්න ඇරලා ඔයා හිනා වුණා. ඒ හිනාවේ හැම දේම තිබුණා. එක අඩුවක් එක්කම.

ඇස් වලින් හිනා වෙන ඔයාව මගේ අත් වලට අරගෙන දෙන්නත් එක්කම වැස්සෙ තෙමුණා. ඒ මතක මගේ මූණට අදටත් හිනාවක් ගේනවා. මගෙත් එක්ක හුරතල් වුණ ඒ හිනාව මං තදින්ම අල්ලගත්තා. ඔව්.. ආයෙ අත් නොහරින්නම අල්ලගත්තා. මං කිව්වා මං ඉන්නේ ඔයාගේ පැත්තේ කියලා.
ඉතින් මං අදත් ලියනවා..
"මං ඔයත් එක්ක හැමදාම ඉන්නවා."

"ඔහ්.. හන්සොල්.. වැස්ස සැරයි. ඔය ජනේලේ වහලා දාන්න."

වහලා දැම්මම කොහොමද වැස්ස දිහා බලන්නේ. හ්‍යුන් කොච්චර කිව්වත් මං තවත් වැස්සට ඇබ්බැහි වෙලා. ඒක නිසා මේ වෙලාවේ මට ඒක කරන්න බෑ.

වැස්ස අපිට ජීවිතේ ගැන හරි ලස්සනට කියා දෙනවා. ඉතින් මං ජීවිතේ ගැන ඉගෙන ගන්නවා වැස්සෙන්. ඉතින් ඒක වැරදිද.
අඩුම තරමෙ මට ඉඩ දෙන්න වැස්සටවත්
ඇබ්බැහි වෙන්න.

...

Let me control your thoughts..
(rain)

අඩුපාඩු කියාගෙන යනවද?.

සරන්ග්හේ..

✍by blacklove..

•𝙻𝚘𝚟𝚎 𝙻𝚎𝚝𝚝𝚎𝚛• | 𝚅𝚎𝚛𝚗𝚘𝚗 𝚂𝚒𝚗𝚑𝚊𝚕𝚊 ✔️जहाँ कहानियाँ रहती हैं। अभी खोजें