Chapter 4

577 123 24
                                    

━━━━━━━━━━━━━━━━━
Next day morning

Minhyuk's pov

මන් දැන් මේ කොල්ලව අනිත් 19 දෙනා ඉන්න තැනට එක්කන් යන්නෙ කොහොමද...

ටික වෙලාවක් කල්පනා කරපු මින්හ්‍යුක් තේහ්‍යොන්ව ඇහරන්න ගියේ කොහොමහරි අද එයාවත් අනිත් අය ගාවට එක්කන් යන්න වෙන නිසයි.

තේහ්‍යෝන් තේහ්‍යෝන් පුතේ නැගිටින්නකෝ...

ම්ම්හ්..ම්ම් ලාවට කෙදිරිගාපු තේහ්‍යොන් අනිත් පැත්ත හැරිලා ආපහු නිදාගත්තා..

තමන්ට කොච්චර දුක හිතුනත් වැඩක් නැති නිසා ආපහු වතාවක් ටේ ට කතා කරපු මින්හ්‍යුක් වෙන්දේසියට නියමිත කරලා තිබුන සුදු පාට දුහුල් ටීශර්ට් එකක් හා පොඩි ශෝටක් තබා ලෑස්ති වෙලා පහළට එන්න කියලා එයා ගියා..
.
.
.

tae's pov

ම්ම්ම්..දැන්නම් නැන්දගෙන් වදයක් නෑ☺️ හේ හේ ඉක්මනට නැගිටලා පහලට යන්න ඕනි ඇයි දන් නෑ අජුස්සි මට කතා කරේ..

තමන්ට ලබා දී තිබුන ඇදුමට ඒ තරම් ප්‍රියතාවයක් තේහ්‍යෝන් දැක්වුයේ නැති වුනත් ඒ ගැන ප්‍රශ්න කරන්න ගිහින් මින්හ්‍යුක්ට තරහා යයි කියලා හිතලා ඉක්මනට ලෑස්ති වෙලා තේහ්‍යෝන් පහළට ගියේ ගොඩක් සතුටින්...
.
.
.
.
ඒත් එයා යන්නෙ කරදර ගොඩක පැටලෙන්න කියලා එයා දැනන් හිටියනම්,කීයටවත් එයා අද දවස ගැන සතුටු වෙන්නෙනම් නෑ .

අජුස්සි මන් පහලට ආවා..

තමන් දුන්න ඇදුම ඇදගෙන පහලට ආව තේහ්‍යෝන්ව දැක්කම මින්හ්‍යුක්ට හිතුනේ.. කෙනෙක්ට මෙහෙමත් අහින්සක වගේම ලස්සනක් ලබන්න පුලුවන්ද කියල විතරයි.

ඕහ් ටේ එන්නකෝ ම්ම්ම්.. ඇවිත් මේ ටික කාලා ඉක්මනට කාර් එකට එන්න මන් කාර් එකට වෙලා ඉන්නම්. මතකද ඊයේ රෑ මන් ඔයාට කීවෙ චූටි නන්ගියෙක් ගැන එයාව බලන්න අද අපි යන්න හදන්නෙ හොදද..🙂

හරි අජුස්සි... එහෙනම් අපි ඉක්මනට යන් මන් යන ගමන් කන්නම්.. එහෙම කියපු තේහ්‍යෝන් පාන් පෙති දෙකක් අරන් අතේ ගුලි කරගෙන කාර් එක ලගට දිව්වා..

දෙයියනේ... මන් මේ මොකක්ද කරන්නෙ.. මේ ළමයා ගොඩක් අහින්සකයිනෙ...කොහොමද මන් මෙයාව තව මිනිහෙක්ගෙ පහත් ආශාවක් නිසා විකුණන්න හිතුවේ..
.
.
ඒත් සමාවෙන්න මේ අජුස්සිට මන් මගෙ පවුල නැති කරගන්න ලෝබයි.

|| 𝗛𝗜𝗦 𝗦𝗧𝗥𝗔𝗪𝗕𝗘𝗥𝗥𝗬 ||     (Tk story)Where stories live. Discover now