CHAPTER-2

697 158 266
                                    

" ජිමිනා..මොකද කරන්නෙ තවත් රෑ වෙනවා ..."

" මන් දන්නෑ ටේ ..තව ටිකක් බලමු නේද  .."

" තව ....බලන්නෙ කොහෙද-- දඩාං!!
දැන් එක-- ' බඩාං'

ටේයි ජිමිනුයි කර කර හිටපු කතාව නවත්තලා කිචන් එක පැත්තට අැහුන්කම් දුන්නෙ මහ හයියෙන්  බඩු
පොළේ ගහන සද්දෙ නිසා ...

" අද එක්කෙනෙක් අම්බානක කන්න වගේ යන්නෙ ..."

" ජින් හ්යොන්ග්ද ඒ ..."

" ම් ම් "
ජිමිනුයි ටේයි පහක් ගහගන්න ගමන් හිනාවෙන්න ගත්තා ...
"ශ්ශ් හිනාවෙන්නෙපා යකෝ අැහුනොත් අපි දෙන්නටත්
කන්න වෙයි " ටේ එහෙම කිව්වමයි ජිමිනුත් හිනාව පාලනය කරගත්තෙ

" මේ කෝ ළමයි ..." ජිමින් අැහුවෙ උඩ තට්ටුව පැත්ත සෝදිසි කරන ගමන් ...

අහ්  ටේනුයි  යුන්මිනුයි දෙන්න පාඩම් කරනවා ..නම්ජින් නම් නිදි ..

" එහෙමද එහෙනම් කමන්නෑ ..." ජිමින් අාපහු සෝෆා එකෙන් වාඩි වුනා ..

______________________________

Meanwhile  ළමයි :

" ටේනු බබා අහන්නකො .."

" යනවා යන්න නලකයා "
ටේනු අත්දෙකත් බැඳන්  යුන්මින්ට පිටුපාලා හිටගත්තා ...

" එහෙනම් ඉන්නව ඉතින් ...මම යනවා යන්න ..." යුන්මින් ...හැරිලා යන්න හදනකොට ටේනු යුන්මින් ගෙ අතින් අල්ලලා නැවැත්තුවා ...

යුන්මින් ටේනු දෙන්නම එකිනෙකාගෙ මූණවල් දිහා බලන් හිටියෙ...

*( පසුබිම් වාදනය ....)* තුජේ දේකා තෝ යේ ජානාසනම් ..*

යුන්මින් එකවරම ටේනුගෙ අතින් අැදලා ළඟට අරන් එයාගෙ ඉණවටේ ග්‍රහණය තද කරා ..

" හ්--හ්යුන්ගී ..." ටේනු ලැජ්ජාවෙන් බිම බලාගෙන මිමිනුවා...

" මාව විශ්වාස නැද්ද ටේනු ...."

" ඒත් --ඒත් හ්‍යුන්ගීඉඉඉ මොනිතාා කීව්ව ඔයා එයාත---"

" ශ්ශ්ශ් ....." යුන්මින් ටේනුගෙ තොල් උඩින් අැගිල්ල තද කරා ...

" මාව විශ්වාස කරන්න බබා ..."
යුන්මින් ටේනුගෙ තොල් වලට බර වුනා ...

" පුතාලා දැන් පාඩම් කරා අැත්---" කාමරේ දොර අැරපු ටේහ්යුන් දැක්කෙ ගැරඬි දෙන්නෙක් වගේ වෙලිලා  ඉන්න ටේනුවයි යුන්මින්වයි....." ම්--මොනවද මේ තමුන්ලා දෙන්නා කරන්නෙ ...."

ටේහ්යුන් කොර ....

______________________________

මේ අතර නම්ජින්ගෙ කාමරේ....

"අද තමයි මම පපාත කියල දෙල්ලෙ මමත් අප්ප වදේ මෝදයෙක් නෙවෙයි කියල " නම්ජින් හිටියෙ බැල්කනියෙ ..
එයාගෙ ඉණ වටේ ගැට ගහපු රෙද්දයි බැල්කනියෙ බැම්මෙ ගැට ගහපු රෙද්දයි තද කරන ගමන් ...

" මම තමයි සුපල් මෑන්...!!යා.....!!"
නම්ජින් එක අතක් උඩට උස්සන් කෑ ගැහුවා ....

" අනේ මගෙ දෙයියනේ පොඩි බල්ලො ...මොනවද මේ කරගන්න යන්නෙ ....." ජිමින්  නිකමට වගේ කාමරේට එබුනෙ නම්ජින් කෑ ගහන හඬට ....

" ඔයාගෙ පපා දැක්කනම් 'මූත් අර අප්ප වගේම කාබාසිනිය කියල ' ඒකටත් ගුටි කන්නෙ නම්ජුන් හ්යොන්ග් "

ජිමින් බැන බැන නම්ජින්ගෙ රෙදි පටිය ගැලෙව්වා ...

____________________________

😂👉🏻👈🏻

MinSUgA✨

Panda Express[ Completed]Where stories live. Discover now