CHAPTER-26

428 98 148
                                    


ජැක්සේනව හෝසොක් යුන්ගි දෙන්නා එකතු වෙලා අල්ලගෙන පැන්ඩා එක්ස්ප්‍රස් මැන්ශන් එකට ගෙනල්ල හිර කරගත්තෙ බීපු උදවියට පහුවදා සිහිය ඇවිත් ජැක්සේනත් එක්ක තියෙන ප්‍රශ්න බේරුමක් කරගන්නකන්  ..

Time skipped ..

"දැන්වත් කියපන් ඇයි එහෙම කරේ කියලා !" ජන්කුක් කෑ ගැහුවා

" ක්-කියන්නම් කියන්නම් "

" කියහන් ඉතින්.. "  ජැක්සේන දිහා බලන් නම්ජුන් එහෙම අහද්දි ජැක්සේන බැලුවෙ යුන්ගි දිහා.

" මෙන්න මුගෙ කට වැඩි නිසා තමයි කරේ හුහ් "පොඩි එකෙක් වගේ කට හදන ගමන් ජැක්සේන එහෙම කියද්දි යුන්ගිගෙ ඇස් උඩ ගියා .

" මොකක් කියන්නෙ තෝ !"

" ඔව් තෝ අවලන් බිලාලය
කට වැඩියි උඹේ
ඒකයි ගුලියක් ඇඹරුවෙ මම "

"අද අපි මේකෙ දෙකෙන් එකක් විසඳගමු " යුන්ගි එයාගෙ අත් දිග කමිසෙ උඩට නවන ගමන් ජැක්සේන ලඟට ඇවිදන් යන්න ගත්තා 

" වරෙන් වරෙන් ! මාත් ඕනෙ දේකට ලෑස්තියි " ජැක්සේන කිව්වෙ පන්ච් කරන්න ලෑස්ති වෙන ගමන්

" ඉඳපල්ලා !!!නවත්තපල්ලා!! " කායි  අත් දෙක දෙපැත්තට දික් කරලා කෑ ගැහුවෙ යුන්ගිවයි ජැක්සේනවයි නවත්තන්න ." අපිට මෙතන තව ප්‍රශ්න තියෙනවනෙ විසඳගන්න ...පස්සෙ මරාගන්න බැරියැයි .."

" ඔව් ඔව් ...ඒක හරි මටත් ප්‍රශ්නයක් තියෙනවා .." හෝසොක් කිව්වා..
" දැන් තමුන් ඇත්තටම තාපසයෙක් නෙවෙයිද ..?එදා වගේ කිසිම තාපස පෙනුමක් නෑනෙ දැන් ! යුන්ගි අඳුරගත්තට මන් නම් අඳුරගත්තෙත් නෑ ක්ලබ් එකේදිවත් ...රැවුල නෑ  ඇට මාල නෑ..බ්ලොන්ඩ් හෙයා ..ඕපන් ශර්ට් ...වට් අ සෙක්සි තාපසයෙක් නෝ!"

" මන් සෙක්සිද ?" ජැක්සේන හෝසොක් දිහා බලන් එහෙම ඇහුවෙ පැණි බේරෙන වලත්ත හිනාවක් මූණේ තියාගෙන හෝසොක්ට තමන් කියපු දේ තේරුනේ ඒ වෙලාවෙ .

" අහ්ම්.." උගුර පාදලා බෙල්ල පිටුපස අතගාපු හෝසොක් " මන් එහෙම එකක් නෙවේ කියන්න ගියේ---මන් අහන්න ගියේ....තමුන් දැන් මන් අහපු එකට උත්තර දෙනවද නැද්ද !!!!!" හෝසොක් කෑ ගැහුවම ජැක්සේන විතරක් නෙවෙයි මුළු මැන්ශන් එකම මීයට පිම්බා වගේ නිශ්ෂබ්ද වුනා . මොකද කියනවනම් දන්නවනෙ  ඉතින් ....හිත හොඳ   මිනිස්සුන්ට කේන්ති ගියාම තමයි භයානකම.....

Panda Express[ Completed]Where stories live. Discover now