Chapter 01

341 63 0
                                    

"දුව යූෂි නිදා ගන්නෙ නැද්ද ලමයො "

යූෂිගෙ ඔම්මා යූෂිගෙ කාමරේට ඇවිල්ලා කළු කෝපි වීදුරුවක් මේසෙ උඩින් තියන ගමන් ඇහුවා.

"ආහ් ඔම්මා... පොතේ අවසාන හරියෙ ඉන්නෙ.. ලියලා නිදා ගන්නම්."

යූෂි කිව්වෙ පොඩි පොතක් මේසෙ උඩින් තියන ගමන්.. කෙල්ලගෙ ඔලුව අතගාලා ඔම්මා එලියට ගියාට පස්සෙ යූෂි පොත හිමීට පෙරලලා බැලුවා.

යූෂි... අව්රුදු 30 ක මැදි වයස් කාන්තාවක්.. සෝල් වල ප්‍රධාන පෙලේ විශ්වවිද්‍යාලයක කතිකාචාර්‍යවරියක්. ඒ වගේම ලෝකප්‍රසිද්ධ සම්මාන රැසක්ම ගත්ත දක්ෂ ලේඛිකාවක්.

පොතේ පිටු අස්සෙන් කෙල්ලගෙ හිත ගියෙ අව්රුදු 15ක් ඈතට... ඒ මතක සිහි වෙද්දි කෙල්ලටම හිනා ගියා... ඒ වගේම හිත ඇතුලෙන් පොඩිම පොඩි දුකක් ආවෙ පසුතැවීමකුත් එක්කමයි.

Yushie's pov.

Flashback

එතකොට මට වයස අව්රුදු 16ක්.අපේ ඔම්මගෙ මාරුවීමත් එක්ක ග්වන්ජු වලින් මට සෝල් එන්න උනේ නොහිතපු විදියට. සෝල්වල තිබ්බ middle school එකකට දාපු මං පලවෙනි දවසෙ ස්කූල් එකට ගියෙනම් සතුටින් නෙමේ.

අලුතෙන් යාළුවො හදාගන්න මං ටිකක් දුර්වලයි. මං දන්නෙ නෑ.... ඉස්සර ඉදලම මං නිශ්ශබ්ද චරිතයක්.. ඉතිං අමාරුවෙන් ග්වන්ජු වලින් හදාගත්තු යාළුවො ටික දාලා ආපු එකට මං දඅක් නොවී කොහොමද?

"Students.... silent please"

ක්ලාස් ටීචර මිසීස් හන් අතින් සන් කරද්දි ළමයි ටික ඉදගත්තා.

"ටේහ්‍යොන්ග් කොහෙද??"

පිටිපස්සෙ පෙලේ කෙලවරේ පුටුව හිස් හිංදා මිසීස් හන් ඇහුවා...

"දන්නෙ නැ... කොහෙද ගියා."

එක ළමයෙක් එහෙම කියද්දි කව්ද එකපාරම මගෙ ඇගෙත් හැප්පිලා ඇතුලට ආවා.. දෙයියනෙ.... ඒ ඇස් දෙකේ ලස්සන..

"Sorry"

"It's ok"

"ටේහ්‍යොන්ග් දැම්ම ගිහිං ඉදගන්නවා."

මිසීස් හන් තර්ජනාත්මක හඩකින් කියද්දි ඒ කොල්ලා ගිහිං ඉදගත්තා...

"මේ ඉන්නෙ ඔයාලගෙ අලුත් යාළුවා.. අදුනගන්න lee yushie...යූෂි දරුවො අතනින් ඉදගන්න."

ගැහැනු ලමයිගෙ පැත්⁣තෙ පිටිපස්සෙ පේලියෙ කොනක ඩෙස්ක් එකක් පෙන්නන ගමන් මිසීස් හන් කිව්වා.

__________________

ඒ තමයි මට එයා දැකපු පලවෙනි දවස.. අනේ මංදා දැක්ක වෙලේ ඉදං මං හිටියෙ වෙනම ලෝකෙක ඒක හරි පුදුමයි.. මගෙ ඇගෙ හැප්පුන වෙලාවෙ අහම්බෙන් මං නැවතුනෙ ටේහ්‍යොන්ගෙ ඇස් දෙක ළඟ. ඒක පුදුම අහම්බයක්.. විනාඩි ගානකට මං ඒ ඇස් අස්සෙ අතරමං උන්නෙ පුදුමාකාර විදියට..මං හිතුවෙ යාළුවො හදාගන්න අමාරු වෙයි කියලා. ඒත් හිතුවටත් වඩා ඉක්මකට මට පංතියෙන් භාගයක්ම යාළු කරගන්න පුලුවන් උනා..ජංකුක්,ජිමින්,හොබී,හේරා,සියාරාව මං ගොඩක් ළඟින් ආස්‍රය කරන්න හිතුවා.. ටේහ්‍යොන් නම් වචනයක් කතා කරේ නෑ... මුලදිනම් හිතුවෙ ඒ පිස්සගෙ ඔලුව කියලා ඒත් පහුවදා උදේ වෙච්ච දෙයින්..

"අද යාළුවො නැද්ද??"

කොරිඩෝවෙ කෙලවරක වෙන කල්පනාවක හිට⁣ය මං ගැස්සුනෙ මරියානා ⁣ආගාදෙ වගේ ගැබුරු කටහඩක් කන ළඟින් ආපු හිංදා.

"ආහ්... තාම නෑ"

"ම්.."

"ඇත්තටම මං හිතං හිටියෙ ඔයා කතා කරන්නෙ නැත්තෙ ලොකුකම හිංදා කියලා."

"යාහ්... පිස්සුද මට ලොකුකමක් නෑ.. ඔයා ඉතිං කතා කරේ නෑ. මං කතා කලෙත් නෑ.."

"හ්ම්"

"ඉතින්....... අද ඔයාගෙ ගැන්සියත් පරක්කුයි වගේ"

"මාත් ඒකමයි බැලුවෙ."

ඒ අපි දෙන්නා මෙච්චර වෙලා කතා කරපු පලවෙනි පාර... ඊට පස්සෙ හැමදාම හැම වැඩේටම ටේහ්‍යොන් කතා කරේ මට.. කොයි වෙලෙත් යූෂි යූෂි ගගා පස්සෙන්. ඕක හිංදම පංතියෙ ළමයි පද හදන්න ගත්තෙ මාවයි ටේහ්‍යොන්වයි දෙන්නම අපහසුවට පත් කරන ගමන්.

ම්ම්... හිතුවට වඩා සෝල් ජීවි⁣තේ ඇත්තටම හොදයි.. මේ අව්රුද්දෙ අවසානෙ.. ඊලග අව්රුද්දත් මේ විදියටම වෙනවනම්.. මං ගොඩක් ආසයි.. කාලයත් එක්ක ටේහ්‍යොන් දැක්කම නුපුරුදු හැගීමකින් මගෙ හිත පිරෙන්න ගත්තෙ අමුතු විදියට.. ඒක හරිම අමුතු හැගීමක්......
_____________

ඇත්ත බොලද ඉක්කූල්ලව් කතාවක්.. දන්නො දනිති 😶❤️‍🩹 දන්න අය කියන්න එපා කාගෙ කතාවද කියලා ඉතිම් 🙂💔

#blacklily

HIDDEN LOVE|KTH|✔|Where stories live. Discover now