chapter 05

182 56 0
                                    

දවසෙන් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙන් ගෙවිලා යද්දි මට දෙයක් තේරුනා.

කොච්චර පෙරුම් පිරුවත් ඒ ආදරේ මට නොලැබෙන බව.

ඉතිං,

සියාරත් එක්ක මට තරහා වෙලා ඉන්න හේතුවක් නෑ... ටේහ්‍යොන් ගැනත් ඒකමයි.

මට වෛර කරන්න උවමනා නෑ...

ධෛවය කලින් මේවිදියට ලියවිලා තිබ්බනම් මං පැත්තකට වෙනවා. කුරුලු කූඩු විනාශ කරන්න මට ඕනෙ කමක් නොතිබුණ නිසා...

ඒත් ටේහ්‍යොන් එක්ක කතා කරන එක විහිලුවක්.

මං මෙච්චර කල් එයාට කියපු දේවල්, විහිලුවට ලක් කරපු විදිය, කරදර වල පටලපු විදිය

මට ටිකක් ලැජ්ජයි මං ගැන.

ඒත් මම ගියා සියාරා ලගට..

"සියාරා"

මම කතාව පටන් ගත්තා.

"යූෂී....."

"මට. මට සමාවෙන්න.... ඔය දෙන්නා මැද්දට එන්න හැදුවට"

මම සමාව ඉල්ලුවෙ හදවතින්මයි..

එකපාරක් රැවටුන මගෙ හදවත ආයෙ රැවටෙන්න අකමැතියි. ඒත් කෙනෙක් ඇහුවොත්

"එයා ආයෙත් ඔයාට ආදරේ කරන්න ගත්තොත් ඔයාත් එයාය ආදරේ කරනවද?"

මගෙ උත්තරේ සමහර විට...

ඔව්...

මම තාමත් ආදරෙයි..

ඒ නපුරු ඇස් දිහා නොබලා ඉන්න මට බෑ.. කවදාහරි ආයෙත් මට අවස්ථාවක් ලැබුණොත් මමත් ආදරේ කරනවා...

ඒත් මගෙ සිතුවිලි  හරිම පරස්පරයි නේද??

ආයෙ රැවටෙන්නෙ නෑ කියලා කියලා මමම ඒ ආදරේට ආයෙමත් රැවටෙනවා. මං ඒ තරම්ම මෝඩද??

"ඕක මොකක්ද.. අනේ.. සමාව දෙන්න ඔයා වැරැද්දක් කරලා නෑනේ.. අනික ටේහ්‍යොන් කැමති එකම කෙනා ඔයත් නෙමේ මමත් නෙමේ."

එයාගෙ කටහඩේ තිබ්බ ලොකු සංසුන් බවක්. සියාරාත් ඒක කිව්වෙ හදවතින්ම කියලා මම හිතනවා.. සමහර විට මම වැරදිත් ඇති. ඒත් ඒක වැඩක් නෑ...

මං ආසයි පරණ ජීවිතේට යන්න.. ඒත් පරණ ජීවිතේට යන්න බෑ කියලා මං දන්නවා. ජීවිතේ පලවෙනි පාරට බැඳුණ හදවත අමතක කරන්න අමාරුයි.

ආදරය හරියට යුද්ධයක් වගේ, පටන් ගන්න ලේසියි.. ඉවර කරන්න අමාරුයි.. අමතක කරන්න කොහෙත්ම බෑ..

මගෙ මතේනම් ඒක සියයට සීයක් ඇත්ත.

ටේහ්‍යොන්,

මට එයාව අමතක කරන්න බැරි වේවි... මැරෙනකම්ම... කාටද පලවෙනි ආදරේ අමතක කරන්න පුලුවන්.. කාටවත් බෑ නේද??

ඒත් හැමෝගෙම සතුට වෙනුවෙන් මං රගපෑවා..

ටේහ්‍යොන් කෙනෙක් මට එපා වගේ.. 

ඇතුලතින් ⁣මං ආදරේ ටේහ්‍යොන්ට කියද්දි පිටතට මං කිව්වෙ මං ටේහ්‍යොන්ට ආදරේ කරන්නෙ නෑ කියලා.

අමාරු උනත් ඒක කලා මම..

තව ටික කාලයයි..

අපි මේ කොලේජ එකේ ඉන්නෙ... ඇත්තටම තව සතියයි..

ඊටපස්සෙ අපි අපේ මාර්ගවල යයි... අපිට අපි ආයෙ කවදා හම්බෙයිද කියලා නිශ්චිත නෑ. මට ඕනෙ උනා මේ සති⁣ය ඇතුලෙ අන්තිම පාරට එයාගෙන් සමුගන්න... ආයෙ කවදාවත් නොදකින මගෙ ආදරේ... ⁣හැමදාමත් පෙරුම් පුරන ආදරේ... හිමි නොවන ආදරේ..

පලවෙනි දවසෙ ඔයා දකිද්දි මගෙ හිතට මහ අමුත්තක් ආවා.. ඒත් මමවත් හිතුවෙ නෑ ඒක මේ තරම් දුර යයි කියලා.. ඔයාලා සතුටින් ඉදියි කියලා හිතනවා මම.. ඇත්තටම මගෙ එකම බලාපොරොත්තුවත් ඔයාගෙ සතුට.. ඒකට මම ඔයා වෙනුවෙන් ඔයාව අතඇරියා. මට සතුටුයි.. ඔයා ඒ ගැන සතුටු උන එක ගැන..

ඔයා දිහා ඈතින් හරි බලං ඉදලා මං සතුටු උනා.. ඒ නපුරු ඇස් දෙක නැති දාට මට ගොඩක් පාළු හිතුනා.. නොලැබෙන බව දැනදැනම ආදරේ කරා..

ඒක වේදනාකාරීයි...

ඒත් කමක් නෑ..

ඔයා වෙනුවෙන්..

____________________

තා එකයි 🙂💔

#blacklily

HIDDEN LOVE|KTH|✔|Where stories live. Discover now