chapter 06

235 61 15
                                    

After 15 years.

"දුව ඔයාට ලියුමක්"

යූෂිගෙ අම්මගෙ කටහඩට පහලට ආවෙ යූෂිට ආව තවත් ෆෑන් ලෙටර් එකක් බලන්න.

"යූෂි... ඔයා මාව දන්නවා.. අපිට කතා කරන්න ගොඩක් දෙ තියෙනවා.. මං ඇමරිකා ඉදලා මේ ළඟදි ආවෙ.. ඔයාගෙ පලවෙනි පොතෙන්ම මං ඔයාගෙ ලොකු ෆෑන් කෙනෙක් උනා. ඇත්තටම ඔයාව හොයාගෙනමයි මං ආයෙත් කොරියා ආවෙත්.. ඉතිං දවසක අපි මී⁣ට් වෙමුද?? ලබන සතියෙ උදේ 9ට white cafe එකේදි??"

සුදු රෝස මල් පොකුරක් එක්ක ලැබිලා තිබ්බ ලියුම මුල කියවද්දි යූෂිට කුතුහලයක් ආවෙ කව්ද මේක ලිව්වෙ කියලා.. ඒත් කොලෙ අයිනක තිබ්බ නම...

මම ටේහ්‍යොන්

යූෂිගෙ අව්රුදු 20ක ආදරේ...

අව්රුදු 15කට පස්සෙ හම්බෙන්න පුලුවන්ද??

ඔව් පුලුවන්.

ඒක හරි පුදුමයි නේද??

________________

After 1week

යූෂි white cafe එකේ කලින් බුක් කරපු ටේබල් එකකින් ගිහිං ඉදගෙන නොඉවසිල්ලෙන් වටපිට බැලුවෙ ටේහ්‍යොන් එනවද බලන්න.

හරියට අව්රුදු 20කට කලින් වගේ..

හැමදාම උදේට ටේහ්‍යොන් එනකම් මගබලං හිටිය දිලිසෙන දගකාර ඇස් දෙකෙන් අව්රුදු 20කට පස්සෙ අදත් බලං ඉන්නවා. වෙනස එයාලගෙ වයසයි හම්බෙන තැනයි විතරයි.

එයා ආවා....

යූෂිගෙ කට ඇරුනෙ ඉබේමයි.. ටේහ්‍යොන් තවත් හැන්ඩ්සම් වෙලා.. අව්රුදු 20 ට කොල්ලා මාර විදියට වෙනස්වෙලා.

"යූෂි.... මාව අදුරගන්න බැරිද??"

"හැ....... ට්...ටේහ්‍යොන් මොකද බැරි."

"මොනාහරි ඕඩර් කරනවද??"

"ඇමරිකානෝ එකක්"

යූෂිගෙ උත්තර කෙටියි... ඒ යූෂි කලබල වෙලා ඉන්න නිසා... අව්රුදු ගානක ආදරේ ආයෙමත් තමන් ඉස්සරහා.

HIDDEN LOVE|KTH|✔|Donde viven las historias. Descúbrelo ahora