chapter 03

180 59 2
                                    

Summer vacation එකෙන් පස්සෙ ආපහු කොලේජ් එකට ගියෙනම් මම ඉගෙනගන්න. ඒත් මගෙ හිත...

මගෙ හිතනම් උන්නෙ වෙනම ලෝකෙක.. ඔව් හිත හැමවෙලේම හෙව්වෙ පිටිපස්සෙ පේලියෙ නපුරු ඇස් දෙකක්ව...

"ඒයි..."

"යූෂි...."

"මොන ලෝකෙද ඉන්නෙ...???"

හේරා කතා කරනවවත් මට ඇහුනෙනෑ... ඒ තරම් මං වෙන ලෝකෙක අතරමං වෙලා උන්නෙ... බැරිම තැන හේරා මගෙ අතට ගැහුවා...

"මොකද බං ඊරියෙ වෙලා තියෙන්නෙ... නිවාඩුවෙ විදගන්න කිව්ව ජලබීතිකා එන්නතවත් විදගත්තෙ නැද්ද??"

"අනේ පලයං බං."

"උබ කියනකම්මනෙ හිටියෙ...ආව වෙලේ ඉදලා අර දලබුවා දිහා බලං ඉන්නවා.. මොන රෙද්දක්ද මංදා.."

______________

සියාරගෙයි ටේ⁣හ්‍යොන්ගෙයි වෙනස දැනෙන්⁣න මට වැඩි කාලයක් ගියෙ නෑ.... සියාරගෙයි මගෙ යාළුකම ඈත් වෙන්න ගත්තා.... ටේහ්‍යොන් මාත් එක්ක කතා කරන්නෙ නැති වෙන්න ගත්තා.. ඒ හැමදේම මගෙ හිතට ගෙනාවෙ මහ අමුත්තක්.

ඕනෙ එකක්,

මට මොකද???

මොලේ එහෙම කිව්වට හදවත කිව්වෙ වෙන දෙයක්...

මං දැං හිරවෙලා...

මොලේ එකක් කියද්දි හදවත තව එකක් කියනවා.. මට මේ මොකවත් තේරුණේ නෑ...

"උබ දැක්කද ඒක???"

මං ආසම නැති ක්ලාස් එක... history class එක.... බිත්තියට හේත්තුවක් දාං නිදාගන්න හදද්දිම හේරා පිටට දඩස් ගාලා එකක් ගැහුවා...

"මොනාද බං.."

"ටේහ්‍යොන්ග් සියාරට චිට් එකක් පාස් කලා.."

"ඉතිං"

"උ⁣බේ බ්‍රෂ් එකනෙ ඔය ටේහ්‍යොන් කියන්නෙ."

"දැං මට කියන්නෙ ඕක ටීචට කියන්න කියලද??"

මං ඒක ගානකට ගත්තෙ නෑ කියලා පෙන්නුවත්....... ඇතුලාන්තෙන් මට හිතුනෙ වෙන දෙයක්...

බැරිවෙලාවත්,

සියාරයි ටේහ්‍යොනුයි affair එකකද??

History class එකට පස්සෙ ඉන්ටර්වල් එක තිබ්බෙ... බෙල් ගහලා විනාඩි ගානට සියාරයි ටේහ්‍යොනුයි අතුරුදහන් වෙලා..

හේරාවත් අඩගහං මං මුලින්ම ගියෙ කැෆටේරියා එක පැත්තට... කන එකත් පැත්තට දාලා මං දැං රහස් පරීක්ෂක වැඩක් පටන් අරගෙන..

කැෆටේරියා එක ඇතුලෙ වටේම බැලුවත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් හම්බුනෙ නැති හිංදා... කැෆටේරියා එක පිටිපස්සට ගියා..

කැෆටේරියා එක පිටිපස්සෙ ටිකක් අදුරු පරිසරයක් තිබ්බෙ.... මේ හරියෙ ගහක මෙහෙ ඉගෙනගත්ත ස්ටුඩන්ට් කෙනෙක් එයාගෙ බෝයිෆෙන්ඩ් දාලා ගියා කියලා බෙල්ලෙ වැල දාගෙන මැරිලා එයාගෙ ආත්මෙ මෙහෙ සැරිසරනවා කියන කතාව හිංදා ගොඩක් කට්ටිය මේ පැත්තට එන්නෙ නෑ.. අඩුම ගුරුවරයෙක්වත්.. හොර වැඩ කරන්න කියාපු තැන...

හිතපු විදියටම එතන ටේහ්‍යොන් හිටියා..

සියාරත් එක්ක..

කොල්ලෙක්ට මෙච්චර ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්ද???

මාස දෙකකට කලින් ටේහ්‍යොන් මට ආදරෙයි කිව්වා.. එදා එයා දුන්න රෝස පාට වොච් එක දැං මගෙ අතේ බැදං ඉන්නෙ.. ඇයි එයාට මාස දෙකක් ඉවසන්න බැරි උනේ???

කොල්ලො කියන්නෙ මහ බොරුකාර ජාතියක්...

එතකොට ආදරේ,හැගීම් කියන දේවල් බරක්,වේදනාවක් විතරමයි...

හේරාවත් තල්ලු කරගෙන මං දිව්වෙ වොෂ්රූම් එකට... මොකද මට තවත් මේ දේවල් බලං ඉන්න උවමනාවක් තිබ්බෙ නෑ..

වොෂ්රූම් එකටරිංගගත්ත මං හිතන්න ගත්තා...

මොකද,

මට අඩන්න පුරුදු නෑ.. මං ආස නෑ මං දුර්වලයි කියලා පෙන්නන්න.

මං හිතුවා.... දිගටම හිතුවා... ටේහ්‍යොන්!!

අව්රුදු තුනක්ම ටේහ්‍යොන් ආදරේ කලා හිතින්..
එයා එදා මට ලව් යූ කිව්වෙ මාව බයිට් කරන්නද??
සියාරා ටේහ්‍යොන්ට ඇත්තටම ආදරේද??
ඇයි ආදරේ මේ තරම් වේදනා.???

මං හිතුවා.. එදා මං ක්ලාස් එකටවත් ගියේ නෑ.. වොෂ්රූම් එකේ හිටියෙත් මං විතරක් හිංදා මට ඇති තරම් දුක් වෙන්න හිතන්න ඉඩ තිබ්බා.. ඇස් වලින් ඉබේ කදුලු වැටෙනවා... ඒත් මට අඩන්න ඕනෙ නෑ..

පිරිමි කියන්නෙ විස්වාස කරන්න බැරි ජාතියක්.

මං හිතුවා..

________________

හී..🙂💔

මට පාළුයි...😪💔

ඔය comment කීලා තීන එකෙන් මොනා හරි දාං යන්න...

#blacklily

HIDDEN LOVE|KTH|✔|Where stories live. Discover now