2.

403 67 39
                                    


මාස හතකට පෙර

එදා 'පරණවිතාන' ගෙදරින් දේශපාලන රැස්වීමක චන්ද අපේක්ශකයෙකු මයික්‍රෝෆෝනයක ආධාරයද නැතිවම හඬ නඟමින් කතාවක් පවත්වනවා වැනි හඬක් අහල පහල ගෙවල්වලට ඇසිණි. කතා කරන දේ හරි හැටි නෑසුනා නම් එය ගෙදර මහ රණ්ඩුවකැයි කියා කීමට එය හොඳම හේතුවකි.

මල්කාන්ති පරණවිතාන මහත්මිය සිටියේ වම් කම්මුලට අතකුත් තබාගෙන මේ කතාවට සවන් දෙමිනි.

කථානායක වූයේ ඇයගේ මාමා වූ ඉන්ද්‍රසේන කොඩිතුවක්කු ය.

"මේ කිසි පෞරුෂයක් නැති මිනිහෙක්ට පුළුවන්ද රට හදන්න? අපේ ගාමින්ද මහත්තයාව පරද්දපු උන්ට හෙන ගහන්නේ හෙන. මේ ජනාධිපති කියන මිනිහට වඩා අපිටත් පුළුවන් දුව රට පාලනය කරන්න හරි විදියට."

"එහෙනම් සුදු සීයා ඊළඟ සැරේ ජනාධිපතිවරණයට ඉල්ලන්න."

ලොකු මිනිස්සුන්ගේ කතාවලට නොපැන ඉන්න නිශ්ඵල උත්සහයක යෙදෙමින් සිටි ලශාන්‍යා පරණවිතාන කීවාය. ඇගේ අම්මා නැතහොත් මල්ලිකා ඈ දෙස බැලුවේ කටවහන් හිටපිය කියා ඇස්වලින් අඟවමිනි.

සාමන්‍යයෙන් අම්මාගේ සංඥා නොතේරෙන ලශාන්‍යා හට වාසනාවට මෙන් එදිනද එය තේරුම් ගන්නට නොහැකි විය.

"පිස්සුද කෙල්ලෙ. කොහොමත් ඔය කාලේ වෙද්දි මන් ජීවතුන් අතර ඉඳියිදවත් විශ්වාසයක් නෑ."

"ඉතින් සීයේ මේ අවුරුද්දෙන් දැන් ජනාධිපති ගේ කාලේ ඉවරයි නේ. සීයා එච්චර ඉක්මනට මැරෙන්නේ නෑ."

ඒ කිව් දේට සීයා ගිය පසු අම්මාගෙන් හොඳ ගුටියක් කන්න වෙන බව ඈට තේරුනේ අම්මාගේ රත් වුනු මුහුණ දුටු විටය.

"අපි අද මැරෙයිද හෙට මැරෙයිද දැන් මැරෙයිද කියලා කවුද දන්නේ?...ආහ් ඉලන්දාරියා මෙච්චර වෙලා නිදාගත්තද?"

ධර්ම දේශනාවක් ආරම්භ කරන්න ගිය සුදු සීයා එය නැවැත්වූයේ ඇස් පොඩි කරමින්ම සාලයට ආ තරුණයා නිසා ය.

මෘදුකාංග ඉංජිනේරුවෙකු වූ ඔහු රාත්‍රී කාලයේ තමන්ගේ වැඩකටයුතු කිරීමට ප්‍රිය කළ නිශාචරයෙකි.

උස අඩි පහයි අඟල් නවයක් පමණ වූ ඔහුගේ සමේ පැහැය සුදු වීම නිසා බොහෝ දෙනා ඔහු විදේශිකයෙක් හෝ මුස්ලිම් ජාතිකයෙක් කියා හෝ සිතා රැවටෙති.

අළු ✔Where stories live. Discover now