Chapter - 10

795 138 46
                                    

.
.
.
.
.
.
.
.
.
.

ටේහ්‍යුන් උදේ ඇහැරුණේ එයාගේ ඔලුවේන් දැණුණ තද ඔලුවේ කැක්කුමක් එක්ක.ඒත් වට පිට බලද්දී එයාගේ ඇදේ දැක්ක තව කෙනෙක් නිසා ටේහ්‍යුන් පුදුම උනේ  කවදාවත් එයා උදේට වෙන කෙනෙක් එක්ක ඇහැරිලා නැති නිසා.ඒකත් තමන්ගෙම ගෙදර තමන්ගේ ඇදේ.

ඊටත් වඩා ඒ ඉන්නේ ජන්කුක් කියලා තේරුණ ගමන් ටේහ්‍යුන්ට ඊයේ උන දේවල් එක පෙළට මතක් වෙන්න ගත්තේ ඒ හැම දෙයක් ගැනම දරාගන්න බැරි තරමෙ පසුතැවීමක් එක්ක.

ටේහ්‍යුන් ඇද ළගට ගියත් ජන්කුක් තාමත් නිදි නිසා එයා ඉක්මනට ලෑස්ති වෙලා ගෙදරින් ගියේ එයාට ජන්කුක්ට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැති නිසා.

ටේහ්‍යුන් කෙලින්ම ඔෆිස් එකට ගිහින් එයාගේ කැබින් එකට ගියේ ඊළගට කරන්න දෙයක් හිතාගන්න බැරි නිසා.

එයා දැන් ජන්කුක්ට මූණ දෙන්නෙ කොහොමද? එයා අතින් ඒ තරම් වැරැද්දක් උනාට පස්සෙත් ජන්කුක් එයාට සමාව දෙයිද කියන එක ගැන ටේහ්‍යුන් හිතුවත් එයාට ඒ කරපු දේ ගැන කිසිම පසුතැවිමක් තිබුණේ නැහැ.

වෙන කරන්න දෙයක් නැති තැන ටේහ්‍යුන් යුන්ගිට කෝල් කලේ මේ වෙලාවේ මේ දේවල් තව කෙනෙක්ට කියලා තියන එක හොද නිසා.

~

ටේහ්‍යුන් කොච්චර ඉවසීමෙන් බලන් හිටියත් යුන්ගි තාමත් නැති නිසා එයාට දැනටමත් කේන්ති ගිහින් තිබුණත් යුන්ගි එනකම් බලන් ඉන්නවා ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.

" මොකද මනුස්සයෝ මේ මල පාන්දර එන්න කියන්නෙ "

" යුන්ගියා "

" මොකො තමුසෙ උදේ පාන්දර කලු කුමාරයා දැක්ක සොගඩං වගේ ඉන්නේ "

ඇස් දෙකත් වටේ කලු කරන් ඉන්න ටේහ්‍යුන් දැක්කම යුන්ගිට හිනා යන්න ආවත් ටේහ්‍යුන් මෙච්චර උදේම ඔෆිස් එකට ඇවිල්ලා මේ විදිහට එයාට කතා කලේ මොකක් හරි වැදගත් දේකට කියලා තේරුණ නිසා එයා ටේහ්‍යුන්ට අවදානය දෙන්න හිතුවා.

" හරි මොකක්ද උනේ කියපන් මට "

" මම ඒක කලා "

" මොකක්ද ඔයා කලේ "

𝐃𝐎𝐍'𝐓 𝐆𝐎 𝐀𝐖𝐀𝐘 | 𝐕𝐊𝐎𝐎𝐊Where stories live. Discover now