Chapter - 12

705 142 12
                                    

.
.
.
.
.
.
.
.
.
.
taehyung's pov ~

වෙන කිසිම දෙයක් තේරුම් ගන්න තරම් මානසිකත්වයක් මට තිබුණෙ නැහැ.හොසෙයොක් දකින් වාරයක් වාරයක් ගානෙ මට මතක් වෙන්නෙ මගෙ අතින් ජන්කුක්ට උන සිදුවීම.

මම හොසෙයොක්ව මේන් බ්‍රාන්ච් එකෙන් ට්‍රාන්සර් කලා.මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.මට එයාව දකිද්දි ඒ හැම දෙයක්ම අලුතෙන් මතක් වෙනවා.

ජන්කුක් එනකම් මම හැමදාම බලාගෙන හිටියා.එයාගෙන් සමාව ගන්න මට ඕනෙ උනේ නැහැ.ඒත් මට එයාගේ හැසිරීම කොයි වගේ එකක්ද බලන්න ඕනේ උනා.ජන්කුක් ඔෆිස් එන එක නතර කරපු එක මට ප්‍රශ්න වලින් පැනලා යන්න උදව් කලත් මම හැමදාමත් එයා එනකම් බලාගෙන හිටියා.

ඒ ඇයි කියලා මම තාම
දන්නෙ නෑ ~

මගෙ පරණ යාලුවෙන් උන ජැකීගේ අදහසකට අනුව මම මගෙ අතට අහු වෙන අහු වෙන අයත් එක්ක සෙක්ස් කරන්න පටන් ගත්තා.මම හැමදාම කාව හරි මගෙ යටට අර ගත්තා.

ඒ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක මට වැඩක් උනේ නැහැ.හැබැයි මම පරිස්සම් උනා.මොකද ඒ හැම වෙලාවකම මම හිටියේ හොද සිහියෙන්.

මම සෙක්ස් කරන්න පටන් ගත්තත් ඒක ඉවර වෙනකම් මගෙ හිතට සැනසීමක් දැණුනත් මගෙම වැඩ නිසා ඇදට බර වෙලා ඉන්න ක්ලබ් එකේ ප්‍රොස්ටෙටියුට්ස්ලා දිහා බලන හැම වතාවකම මට මතක් උනේ මම ජන්කුක්ව එදා ඇද උඩ දාලා ආව දවස.

සතියක් සති දෙකක් ගෙවුණත් ජන්කුක් ඔෆිස් ආවේ නැහැ.අඩුම තරමේ එදායින් පස්සෙ මම එයාව දැක්කෙ වත් නැහැ.මම ජන්කුක්ගේ ගෙදර එහා පැත්තේ තියන මගෙ ගෙදරට කීප වතාවක්ම ගියත් ඒ කිසිම වෙලාවක මන් එයාව දැක්කෙ නැහැ.

අඩුම තරමේ එයාගේ හියුන්ගෙන්වත් කිසිම සද්දයක් තිබුණේ නැහැ.

මෙ අතරේ තමයි මගෙ ඔම්මා මගෙ මැරේජ් එකක් කතා කලේ.එයාගේ නම රෝස්.අව්ලක් නැහැ එයත් පාටි ගල් කෙනෙක්.කොහොමත් මට කිසිම කෙනෙක් ගැන එහෙම හැහීමක් තිබුණෙත් නැහැ.ඒ ඇරත් මට ඔම්මට බැහැ කියන්නත් බැහැ.

ඉතින් මම කැමති උනා.ඒ මැරේජ් එකට ~

එයා මාව හම්බෙන්න අපේ ගෙදර කීප සැරයක් විතර ආවත් අපි අතරේ ඒ හැටි කතා බහක් උනේ නැහැ.ඒත් එයා මට කැමැත්තක් හිටියා කියලා මට එයාගෙ කතා බහෙන් තේරුණා.

𝐃𝐎𝐍'𝐓 𝐆𝐎 𝐀𝐖𝐀𝐘 | 𝐕𝐊𝐎𝐎𝐊Where stories live. Discover now