three_03

537 119 13
                                    

අය්ශ් කෙහෙල්මල් එලාම් එක ,
එලාම් එක වැදුන්නැති එකට එලාම් එකටත් කැ ගහන ගමන් ලැස්ති උන ටේහ්‍යුන්ග් ඉක්මණට ඔෆිස් එකට දිව්වෙ පළවෙනි දවසෙම පරක්කු වෙන්න ඔනි නැති නිසා .

කාර් එක පාර්ක් කරලා ඔෆිස් එක ඇතුලට යන්න යන්නකොටම හන්බුන කෙනෙක්ගෙන් යන්න ඔනි තැනත් අහන් යනකොටම ටේහ්‍යුන්ග් විනාඩි පහලවකට වඩා පරක්කුයි .

පුලුවන් වෙගෙන් දුවන් ඇවිල්ලා ඔෆිස් එක ඉස්සරහා නැවතිලා ඇඳුමත් හදාන ඇතුලට යනකොට ටේහ්‍යුන්ග් දැක්කේ ජන්කුක් තාම ඇවිල්ලා නැති බව .

ශිට් මෙකාත් පරක්කුයිනේ අපරාදෙ , හිමීට එන්න තිබ්බා
ළඟ තිබ්බ පුටුවක් ඇඳලා ඉදගන්නකොට ආයෙමත් දොර ඇරෙන සද්දයක් ඇහුන නිසා ආයෙමත් නැගිටලා එ පැත්තට හැරුණ ටේහ්‍යුන්ග් දැක්කේ

සුගා හ්‍යුන්ග් ?

V ?

කව්ද වී ? කව්ද සුගා ? එ වෙලේ යුන්ගි පස්සෙන් ආපු ජන්කුක් ඇතුලට ඇවිල්ලා තමන්ගෙ පුටුවෙන් වාඩි උනා  

මිස්ටර් ටේහ්‍යුන්ග් ?

මිස්ටර් ජන්කුක් ,

යුන්ගි ඔයා මෙයාටද වී කිව්වේ .

අය්ශ් ජන්කුක් සර් වී කියන්නෙ අපිටනේ W . E . වී ... මම යනවා මෙ ඔයාගෙ සෙකට්‍රිද ?

අහ් හ්ම්ම් ඔව් , ඔයා යන්න .

මිස්ටර් ජන්කුක් මෙ තියෙන්නෙ මගෙ සෙටිෆිකට්
තමන් අතේ තිබ්බ ෆය්ල් එකක් මෙසෙ උඩට අතාරින ගමන් ටේහ්‍යුන්ග් ජන්කුක් ට ඉස්සරහින් වාඩි උනා .

මෙතන ඉන්ටර්විව් එකක් නෑ , ඔයාට ජොබ් එකක් දීලා ඉවරයි අද ඉදන් වැඩ පටන් ගන්න . ඔයාගෙ ටේබල් එක උඩ ඇති එ ෆය්ල්ස් ඔක්කම චෙක් කරලා මට සය්න්ග් කරන්න තියන එව්වා අරන් එන්න . ජන්කුක් ටේහ්‍යුන්ග් දුන්න ෆය්ල් එක දිහා නොබලා කියලා දැන්මට පස්සෙ ටේහ්‍යුන්ග් එ රූම් එකේම පැත්තක තිබුණ ෆය්ල් ගොඩ ගැහිලා තිබ්බ ටේබල් එකගාවට ගිහින් වාඩි උනා .

_________

ෆය්ල් කන්දෙන් භාගයක් චෙක් කරලා ඉවර කරන්නත් කලින් ටේහ්‍යුන්ග් ගේ බඩ කැ ගහන්න ගත්තේ උදේටත් කාළා එන්න බැරි උන නිසා . එයා ඔලුව උස්සලා ජන්කුක් ගේ ටේබල් එක දිහා බලනකොට ජන්කුක් මොනා හරි බොන ගමන් ලැප් එකෙ වැඩක් . දවල් කැම වෙලාවටත් ළඟයි .

My secretary is OUT of orders | TaekookDonde viven las historias. Descúbrelo ahora