PROLOGUE

966 188 73
                                    

ඒ වසරේ ශීත ඍතුවයි. හිම කබා පොරවගත්තු බොහෝ දෙනා පාරවල් පුරා එහෙ මෙහේ ඇවිදින්නේ බොහොම කලබලෙන්. වසර අවසාන කාලය වීමත් උත්සව කාලේ ළඟ ළඟම පැමිණීමත් සෝල් නගරය මේ විදියට කාර්‍යබහුල වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතුවක් උනා..

පිටත කොහොම කොයිතරම් ඝෝශාකාරි උනත් සන්හිල් මැදුරේ නම් තිබුනෙ දැඩි නිහැඩියාවක්..සෝල් අගනුවර කීර්තිමත් වෛද්‍යවරයෙක් උන කිම් සොක්ජින් දැල්වෙමින් තිබුණ ගිනි උදුනෙන් උණුහුම් වුන කාර්‍යාල කාමරයේ ලියන මේසය මත දිග ඇරගෙන හිටපු ලිපි ගොනුවල එහා මෙහා සැරිසරමින් හිටියේ ලොකු අවධානෙකින්..

සෝල් අගනුවර කීර්තිමත් වෛද්‍යවරයෙක් උන කිම් සොක්ජින් දැල්වෙමින් තිබුණ ගිනි උදුනෙන් උණුහුම් වුන කාර්‍යාල කාමරයේ ලියන මේසය මත දිග ඇරගෙන හිටපු ලිපි ගොනුවල එහා මෙහා සැරිසරමින් හිටියේ ලොකු අවධානෙකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මහත්තයා මේ කෝපි.."

"ආහ් තියන්න.."

දුම් දමන කෝපි කෝප්පය මේසයේ කොනකින් තබපු සේවිකාව ආයෙමත් දොර වෙතට හැරුණා..

"ලෝරා.. ලියුම් එහෙම..."

"ආහ් මට අමතක උනා මහත්තයා මන් ගේන්නම්.."

කඩිමුඩියේ කාර්‍යාල කාමරයෙන් එළියට ගියපු ලෝරා ආයෙමත් ආවේ ලියුම් මිටියක් අත් අතරේ හිරකරගෙනමයි..

"මෙන්න මහත්තයා.."

ලෝරගේ අතේ තිබුණ ලියුම් මිටිය අතට ගත්තු සොක්ජින් එකින් එක බොහොම පරිස්සමට හැම ලියුමක්ම හොඳින් පරීක්ෂා කරලා බලන තෙක් ලියන මේසය අසලට වෙලා ලෝරා හිටගෙන හිටියේ බොහොම උනන්දුවෙන්...

"මේ ටික අරන් තියලා නෝනා ආවම දෙන්න..."

"මේ ඔක්කොම නෝනටද මහත්තයා..?"

"ඔව්.. මට කොහෙන්ද ඔච්චර ලියුම් එන්නේ..."

ලියුම් මිටියෙන් එක ලියුමක් තම මේසය මතින් තියාගත්තු සොක්ජින් ඉතුරු ලියුම් සියල්ලම නැවතත් සේවිකාවටම භාර දුන්නේ.. මේසය මත තිබෙන ලිපිය ගැන වඩාත් අවධානයෙන් බලන ගමන්..

HINDSIGHT || KSJ || COMPLETEDWhere stories live. Discover now