CHAPTER 9 (Final)

494 129 171
                                    

සොක්ජින් කාර්‍යාල කාමරයට වෙලා කොළ ගොඩක් දිග ඇරගෙන මොනවදෝ යමක් කියවමින් හිටියේ... ඒත් එක්කම කාර්‍යාල කාමරයේ දොර ඇරගෙන ඇතුළට ආවේ යොන්හි.. සොක්ජින්ගෙත් ඒරගෙත් බාල දුව.. දැන් ඇය රූමත් තරුණියක්.. ඇස් දෙක ඇරෙන්න මුළු මුහුණම සොක්ජින්ගේ වගෙයි.. ඒත් ඒ ඇස් විශේෂයි කහ දුඹුරු බළල් ඇස්... ඒරගේ වගේ.. ඒ ඇස්වල පුදුම කාන්තියක් තිබුණේ.. උඩපැනගෙනම කාමරයට ආපු යොන්හි සොක්ජින්ට ඉදිරියෙන් තිබුණ පුටුව ඇදගෙන වාඩිවුණේ... මේසය මත තිබුණ කොළ ගොඩ දිහා බලමින්මයි...

"අප්පා මේ අර මන් ඊයේ මේල් කරපු කතාව නේ... හයියෝ අනේ ඔච්චර ඉක්මනට කියෙව්වද..."

"නැත්තන්.. මගේ දුව මගේ කතාව මේ විදියට ලියලා තියෙනකොට ඒක ඉස්සෙල්ලම කියවන්න ඕන මන් නෙමෙයිද... ආහ්..."

"හපෝ ඉතින් හරි හරි.. අප්පා මොකෝ කියන්නේ ඒක හොඳද.. හොඳ හිතින් කියෙව්වා වගේ කමෙන්ට්ස් දෙන්න දැන්.."

"ලස්සනයි ලස්සනයි ඉතින්..."

"අනේ අප්පා.... මොකක්ද අනේ ලස්සනයි ලස්සනයි ගාන්නේ... හ්හ්හ්..."

"ලස්සන හින්දනේ ළමයෝ ලස්සනයි කිව්වේ.."

"මහ නරකයි ඔයා.. අප්පා.. මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්නද..."

"ආහ් අහන්නකෝ බලන්න... "

සොක්ජින් හරි බරි ගැහිලා පුටුවේ වාඩි වුණේ යොන්හි මේ අහන්න යන ප්‍රශ්න මොනවද කියලා ඉවෙන් වගේ තේරුම් යද්දි..

"අප්පා.. අපේ අයියා ඕවා දන්නවද... "

"ම්ම්ම්ම්ම් ඔව්... එයා දැනගන්න ඕන දේවල් දන්නවා..."

"එතකොට එදා අප්පා ඔම්මට කිව්වෙ නැත්තේ ඇයි අපේ අයියා අප්පගෙම දරුවෙක් නෙමෙයි කියලා..."

"යොන්හි.. මන් දන්නවා මන් ඒක කිව්වත් ඔයාගේ ඔම්මා දෙන උත්තරේ මොකක්ද කියලා... එයා කියයි නෑ සොක්ජින් යොන්දෝ අපි දෙන්නගෙම දරුවෙක්.. ඔයාට එහෙම කියන්න අයිතියක් නෑ කියලා... මන් පස්සේ දවසක ඒ කතාව ඔයාගෙ ඔම්මට කිව්වාම එයා කළේ හිනාවෙලා වෙන කතාවක් පටන් ගත්තු එක.. අපිට ඔය දෙන්නගේ වෙනසක් නෑ දරුවෝ.. ඔය දෙන්නම අපේ ළමයි තමයි..."

HINDSIGHT || KSJ || COMPLETEDWhere stories live. Discover now