SPECIAL

301 116 28
                                    

ඇයගෙන් ඔහුට...,

" ඔයා දන්නවද ඔයාගෙ අතීතයටවත් , අනාගතයටවත් අයිති නැති මම අද දවස මේ ගෙවෙන පුංචි මොහොත පවා ලස්සනට විදිනවා සොක්ජින්..

මම දන්නවා අපිට ගලපගන්න බැරි බලාපොරොත්තුවක් අනාගතේ අපේ ඉස්සරහට එනවා කියලා, ඒ වුනත් මම සතුටින් ... මේ ලස්සන මතක මගේ ජීවිතේ හොඳම කොටස කියලා මට කෑ ගහන්න ඕනි... ඔයා දන්නවද?  නෑ මම දන්නවා ඒක දරාගන්න කොච්චර අමාරු උනත් හිතට  සැනසීමක් කියලා..

සොක්ජින් මට ඕනි මේ ජීවිතේ , මට ඕනි මේ ගෙවෙන පුංචි මොහොතවල් අපේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදයක් කරන්න, ඒක සමහරවිට ලියවෙන්නේ නැති , ප්‍රසිද්ධ වෙන්නේ නැති පොතක් උනත්, දන්නවද අපිට අපේ මතක තමා වටින්නෙම.... 
හවසක පාර දිගේ ඔයාගෙ අතේ එල්ලිලා කියව කියව මට යන්න ඕනි, මට ඒකට අවසරයක් ගන්න ඕනි වෙන නැති තරමට අපි ළං වෙලා හැමදාම ඉන්න ඕනි සොක්ජින් ... හැමදාම නැති උනත් මේ වර්තමානයේ හරි.....

දන්නවද ශීත කාලෙට මම ගොඩක්ම කැමති අපි දෙන්නගේ පුංචි කතාබහට, උණුම උණු කෝපි එකක් බොන ගමන් හිම වැටෙන පාර දිහා  බලාගෙන ඔයාගෙ ඇස් වල තියෙන ආදරේ බලන් ඉන්න,
අපි තාමත් බලන් ඉන්නවා වගේ මට තව ඉස්සරහට ගොඩාක් දේවල් විදින්න ඕනි සොක්ජින් ...

ඔයාගෙ ඇස් දෙක දිහා බලන් ඉන්න හැම වෙලාවකම මට ඕනි කියවන්න හොඳටම, සොක්ජින් මට මේක ඕනි මම මේකට කැමැතියි කියලා, මම වෙනස් වෙලාද සොක්ජින් ? මම මගෙන්ම ගොඩක් වෙලාවට ප්‍රශ්න කරනවා සොක්ජින් .... ඔයාට පුලුවන් ද මේ සේරම අතඇරලා අපි අපේම පුංචි ලෝකෙක හදාගත්ත පුංචි හැගීමක අතරමං වෙන්න ? මගේ හීන ලෝකෙ වර්තමානෙක තනි කරලා දාලා හිත තද කරන් ඉන්න මටත් ගොඩක් මහන්සි සොක්ජින් ... අපි අපේම ගමනක ආපු මේ දුර එක පුංචි ආවේගෙකින් ඉවර කරන්න බැරි තරමට අපි අපේම වෙලා සොක්ජින් !

ඔයා දන්නවද මම රෑ අහසේ තරු බලන හැම වෙලාවෙම තරු වලට තාමත් ස්තුති කරනවා.. ඔයා මගේ ළඟින් ඉන්නවට වගේම මේ හැමදේටම ..

ඇයි අපේ පුංචි පැටියා,! මට ඒක අමතක වෙලා නෑ මම අම්මා කෙනෙක් වෙන්න යන ලස්සනම ජීවිතේ කොටසක ඉන්නේ... නෑ ඒක තමයි ජීවිතේ කියන්නෙම.. මම කියනවා ඔයාගෙ අප්පා ගැන පුංචි පැටියො, එයාගෙ හැගීම් ඔයාට දැනෙනවා නේද පැටියෝ?

සොක්ජින් ඔයාට මම තාමත් ස්තූති කරන්නේ , මට වචනෙන් කියාගන්න බැරි ලස්සන පෙම්බර මොහොතවල් ඔයා මට දුන්නු නිසාම නෙමේ, ඔයා මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදය නිසා...

  ඉතින්, මම දන්නවා ඔයාගෙ අනාගතේ වත් අතීතයටවත් මම අයිති නැති වෙයි කියලා,නමුත් මම තමා ඔයාගෙ වර්තමානය.. ඒක වෙනස්  හැගීමක් වෙන්න පුලුවන් ..... ඒත්, දන්නවද මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදය ඔයා විතරමයි සොක්ජින් ............"

__අවී___

abcdefgzlnsn

මන් ඉල්ලගත්තු තෑම්ගක්.. ඒ වචන ලස්සනයි.. ගොඩක්...ටෙලිපෙති කියම්නේ නිකන් නෙමේනේ නේ...  දස්සයා නේ කෙම්ල.. (වෙන නැත්තන් ඉතිම්)

ටෑම්ස් ටෑම්ස්.. මනුස්පයෝ.. ඉතිම්ම්...

Thank you all

@ Jongbin

HINDSIGHT || KSJ || COMPLETEDWhere stories live. Discover now