CHAPTER 3

370 130 54
                                    

ඒ තවත් එක් අඳුරු මූසල රාත්‍රියක්.. අතොරක් නැතිව හැම අස්සක් මුල්ලක් නෑරම අන්ධකාරය පැතිරිලා තිබුණේ අමුතු භයංකාර බවක් පරිසරයට ආටෝප කරම්න්.. හඳත් තරුත් මුළු අහසම අතහැර දාලා කොහේදෝ දුර ගමනක් ගිහින්.. ඇඟ හිරිවට්ටම්න් හමාගෙන යන මූදු හුළං ඇතිකරන බියකරු විලාපයත් රළගෙඩි විඩින් විඩේ ඇති කරන ගැඹුරු අදෝනාවත් ඇරෙන්න ඒ මොහොතේ ඒ පරිසරයේ වෙන කිසිම හඬක් ඇහෙන්න තිබුණේ නෑ..

මුහුදු වෙරළේ එක් කොනක සොක්ජින් වගේම ඔහුගේ ඉස්සරහින් ඒරත් හිටගෙන හිටියේ ඇස්වල අමුතු වෛරයක් දරාගෙන.. ගිනිසිළු වගේ ඒරගේ ඇස් අග දිලිසෙන කඳුලු කැට අඳුරේ උනත් සොක්ජින්ට හොඳින් ම අඳුන ගන්න පුළුවන් උනා..

"ඒරා අනේ අහන්න... මට... මට එක පාරක් සමාවෙන්න..."

සොක්ජින් හඬ අවදි කරත් ඒරා තවමත් නිසොල්මන්..

"මට කියන්න.. මට එක අවස්ථාවක් දෙන්න පුළුවන්ද ඒරා.. එකම එක අවස්ථාවක්..."

අත් දෙක එකට එකතු කරගෙන ඒරා ඉස්සරහා කඳුළු වගුරවමින් සොක්ජින් බැගෑපත් වුනත් ඒරගෙන් කිසිදු ප්‍රතිචාරයක් හිමි වුනේ නෑ.. ඒ වෙනුවට අසීමිත වෛරයකින් ඒ ගෑනු ඇස් දිලිසුනා.. ඒ බැල්ම සොක්ජින්ගේ මුළු ආත්මයම එක මොහොතකින් සසල කරන්න තරම් ප්‍රබල එකක්.. ඒරගේ සුදු පාට ගවුම අතරින් ඉදිරියට නෙරපු කුස අඳුරේදි උනත් ඔහුට හොඳින් ම දැකගන්න පුළුවන් වුනා..

"ඒරා දරුවා වෙනුවෙන්වත් චේබල්... "

ඇස් වලින් කඳුළු කැට වෑස්සෙද්දි සොක්ජින් වැඳ වැටුනත් ඒරාගේ තිබ්බ දරදඬු බව ඒ විදියටම තිබුණා.. බිඳක්වත් අනුකම්පාවක් ඒ ඇස්වල ගෑවිලා තිබුණේ නෑ.. ඉකි බිඳින සොක්ජින් දිහා බලාගෙන හිටපු ඒරා ඊළඟ මොහොතෙ බැලුවේ සුදු පාට ගවුම අතරින් ඉදිරියට නෙරිලා පේන මාස පහක් පමණ වයසැති තමන්ගේ කුස දිහා.. ආයෙමත් ඒ ගිනියම් වෙච්ව ඇස් සොක්ජින්ගෙ අසරණ වෙච්ච මුහුණ වෙතට හැරුණේ ඔහුගේ ආත්මය ම තව තවත් පහතට ඇද දමමින්...

ක්ෂණයකින්...

පිටුපසට කරගෙන හිටපු අතෙන් ඒරා කිරිංචියක් ඉවතට ගත්තේ සොක්ජින්ට හිතන්නට මොහොතක්වත් ඉඩ නොදෙමින්.. ඊළඟ තත්පරයේදී ඇය ඒ කිරිංචිය තමන්ගේ ඉදිරියට නෙරපු කුස පසාරු කරගෙන ඇතුළු කරගත්තෙ සොක්ජින් මර හඬින් ලතෝනි තියද්දිමයි.. කඳුළු වෙනුවට ඒ ඇස්වල තිබුණේ වෛරයක්.. පිරිමසාගන්න බැරි තරමේ වෛරයක්... ආයෙමත් කිරිංචිය කුසෙන් ඉවතට ගත්තු ඒරා තවත් ඇනුමක් සිදුකරගත්තේ සොක්ජින්ගේ විලාපය බිඳකුදු මායිම් කරන්නේ නැතුව.. වේදනාත්මක කිසිදු හඬක් ඇති නොකරපු ඒරා සොක්ජින්ට පිටුපාලා මුහුද දිහාවට හැරිලා හෙමින් හෙමින් අඩි තියන්න ගත්තේ සොක්ජින්ගේ කෑ මොර තියන හඬ නෑසෙනා හිත් පිත් නැති ගෑනියෙක් විදියට...

HINDSIGHT || KSJ || COMPLETEDWhere stories live. Discover now