CHAPTER 2

404 136 54
                                    

මධ්‍යම රාත්‍රිය පසු වුනත් සොක්ජින් හිටියේ බර කල්පනාවක..පහල මාලයේ හොඳින් දැල්වෙන ගිනි උදුන අසලට වෙලා ඔහු සිටින්නෙ අමුත්තෙකුගේ පැමණීම අපේක්ෂාවෙන්..

තම පයිප්පයෙන් නොනවත්වා දුම් රොටු නගමින් නැවත නැවත පයිප්පයට දුම් කොළ පුරවගමින් අතීත වර්තමාන අනාගත සිද්ධි එකින් එක ගලපගන්නට ඔහු මහත් වෑයමක් ගනිමින් සිටියා.. හෘද සාක්ෂිය එන්න එන්නම තමන්ට චෝදනා පිට චෝදනා එල්ල කරනකොට ඒරගේ ඇස් දෙක දිහා බලන එක ඔහුට සෑහෙන්න අපහසු වුණා.. පාජු කඳුකරයේ දරුවෙක් කරපින්නගෙන යන ඔක්ජත් නිවස තුළ උණුහුම් පොරෝනයක් අස්සේ ගුලිවෙලා නිදන ඒරත් ඔහුගේ හිතේ මාරුවෙන් මාරුවට සක්මන් කරන්න ගත්තේ පයිප්පයේ දුම්කොළ ඉවර වෙන වේගය එන්න එන්න වැඩි කරමින්..

"සොක්ජින්..."

උරහිසට ඉහළින් ඔහුට දැනුනේ ඒ පිරිමි ආත්මයම ඇබ්බැහි වෙලා ඉන්න හුරුපුරුදු සිනිඳු ස්පර්ශය..

''ඒරා.. නිදා ගත්තෙ නැද්ද...''

ඒරව තමන්ගේ ඇඟට වාරු කරගෙන පුටුවකින් වාඩි වුන සොක්ජින් ඇහුවේ සාලේ මැද තියෙන බිත්ති ඔරලෝසුවට ඇස් යොමාගෙන..

''නිදාගෙන හිටියේ.. ඔයා නෑ කියලා දැනුන හින්දා පහළට ආවේ...''

''ආහ් මේ වතුර එක බොන්න...''

ළඟ තිබුණ ඩිකැන්ඩරයෙන් වීදුරුවකට වතුර පුරවලා දුන්නු ඔහු පයිප්පය පසෙකින් තියලා ඒරගේ අනෙක් පසින් වාඩි වුණා.. අතට ගත්තු වතුර වීදුරුවෙන් උගුරක් දෙකක් බීපු ඒරා වීදුරුව මේසය උඩින් තියලා සොක්ජින්ගේ අත තමන්ගේ අත් අතර හිර කරගත්තේ කලබල වෙලා එහෙ මෙහේ දුවන ඔහුගේ ඇස් දිහා හරි කෙලින් බලාගෙන...

''සොක්ජින්.... මොකද මේ... ආහ්.... ගොඩක් කාලෙකට පස්සේ ආයෙමත් මේ පයිප්පේ අතට ගත්තේ ඇයි... ''

''නින්ද ගියේ නෑ ඒරා ඒකයි මන් මේ පහළට වෙලා ඉදියේ අනික නම්ජුන් එනවා කිව්වත් තාම ආවේ නෑනේ.. පරක්කු වෙලා හරි එයිද කියලා බලන් ඉදියේ...''

ඔහු කිව්වේ බොරුවක් කියලා දැනගන්න ඒරට මහ ලොකු වෙලාවක් ගියේ නෑ.. ඇස් දිහා කෙලින් බලන්නෙ නැතුව තොල්පටක් දත්වලින් තදකරගෙන දකුණු කකුළ වේගයෙන් වේගයෙන් එහෙට මෙහෙට පද්දමින් සොක්ජින් හැසිරෙන විදිය ඒ බව ඒරට මොනවට පැහැදිලි කරලා දුන්නා..

HINDSIGHT || KSJ || COMPLETEDWhere stories live. Discover now