CHAPTER 7

284 123 64
                                    

ඒ රුව සොක්ජින්ගේ හදවත ආයෙත් කැළඹුවා.. ඇයගේ රූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගිහින්.. පෙරදින් සිටි ඒ සුන්දර සුකොමළ ගැහැනිය එහි සිටියේ නැහැ.. ඊට වඩා හාත්පසින්ම වෙනස් දරදඬු පෙනුමක් ඇයට තිබුණේ.. කලින් තිබුණු ගන නිල් කෙස්වැටිය තඹ පැහැයට හැරිලා ගිහින්.. තරු වගේ බබළපු ඒ ඇස් මලානික වෙලා දුඹුරු කහ පැහැයට හැරිලා ගිහින්.. සුදුමැලි නොවූ දීප්තිමත් හම කහ පාට වෙලා රැළි වැටිලා ගිහින්.. ලස්සන රෝස පාටින් බැබැලුනු සිහින් තොල්පෙති වේලිලා ගිහින්.. කලින් නොතිබුණු ශක්තිමත් බවක් ඒ මුළු සිරුරටම ආටෝප වෙලා තිබුණා..ගෙවුණු අවුරුදු ගාණටම මේ හුදු මහත් පරිසරයෙන්ම ඇය විදපු පීඩාව කෙතරම්ද කියලා වෙනස් වෙලා තිබුණ ඒ පෙනුම හොඳින්ම සාක්ෂ්‍ය සැපයුවා..

අපිරිසිදු කඩමාලු වෙච්ච ඇදුමක් ඇඳ සිටි ඇයගේ අතේ එක් පසෙකින් එල්ලිලා හිටියේ අවුරුදු අටක් පමණ වයසැති පුංචි කොලු ගැටයෙක්.. ඒ මූණෙත් ඒ හැටි වෙනසක් තිබුණේ නෑ.. එහෙන් මෙහෙන් පටලවගත්තු කඩමාලු කෑලි ටිකක් ඇඟේ දවටගෙන.. මොනවදෝ දෙයක් කටේ දාගෙන හපමින් ඒ පුංචි කොල්ලා ඇස් දල්වාගෙන බලන් හිටියේ මේ අමුතු ආගන්තුක මහත්මයා දිහා...

පපුවේ සිට හිස දක්වා ගින්දරක් පැතිරීගෙන එනවා දැනෙද්දී සොක්ජින්ගේ ඇස් ඉබේටම යොමු වුණේ ඒරා දිහාවට.. ඒ බැල්ම හරිම අසරණයි.. ඒරත් ඒ බැල්මේ මොහොතක් පැටලුනේ ඔහුට සන්සුන් වෙන්න කියලා කියන්න වගේ...

"ආහ්ම්... ම්.. මේ.. ම්.. මෙතනින් වාඩි වෙන්න.. "

සොක්ජින් තමන්ගේ ඉදිරියෙන් තිබුණු අසුන අතින් පෙන්වමින් වාඩිවෙන්න ආරාධනාවක් කළේ අර අතේ එල්ලිලා හිටපු පුංචි දරුවා දිහා නොබලමයි.. ඒ දරුවා දකින හැම වෙලාවකම මොකක්දෝ මන්දා හිත වෙලා ගත්තු අප්‍රසන්න හැඟීමක් ඔහුගේ හිත පුරා උඩුදුවන්නේ නිරායාසයෙන්මයි.. මද සිනාවක් මුවඟට නගා ගත්තු ඔක්ජා පුටුව මදක් පස්සට කරලා එතනින් ඉඳ ගෙන දරුවවත් තමන්ගේ ඉස්සරහින් තියාගත්තා...

ඇත්තෙන්ම සොක්ජින්ට වචන ගළපගන්න අමාරුයි.. පපුව අස්සේ යමක් හිර වෙලා වගෙයි.. උගුර ඇදුම් දෙනවා වචනයක් පිටකරගන්න එක හරිම අමාරුයි.. ඒ හිතේ තියෙන වරදකාරී හැඟීම නිසාම වෙන්න ඇති.. කාලෙකට කලින් තමන්ගේ ඉදිරියේ ඉන්න මේ ගැහැනියගේ උකුලෙන් ඔලුව තියාගෙන තොරතෝංචියක් නැතිව කතා කියවපු හැටි ඔහුට මතක් වුණේ නැතුවමත් නෙමෙයි.. තරුණ කාලේ ඒ ලැබුණු ක්ෂණික ආස්වාදෙන් මත් වුණ ඔහුට අදටත් ඒවා මිහිරි මතකයන්.. අත් පටලන් කඳුවැටි පුරා බඩගාපු හැටි... වරු ගණන් දොඩමලු වෙවී කතා කරපු හැටි... ලස්සන මල් ඔටුනු හදලා ඔක්ජගෙ හිස පළන්දලා හැඩ බලපු හැටි.. මේ හැමදෙයක් නිසාම හඳක් වගේ ලස්සනට ඔක්ජා කට පුරා හිනා වුණ හැටි එක පෝළිමට චිත්‍රපටයක් වගේ සොක්ජින්ගේ මනස තුළ රූ රටා මැව්වා... ඔක්ජගේ ඇස් දිහා බලන්න සොක්ජින්ට ශක්තියක් නෑ.. මොකද.. තත්පරයකට හරි ඒ තමන් ආදරය කරපු ගැහැනිය.. එපා කියලා ප්‍රතික්ෂේප කරලා දුර ඈතකට දාලා ගියපු ගැහැනිය ඉදින් කොහොමද.. හිත හදන් ඒ ඇස් එක්කලා දොඩමළු වෙන්නේ..

HINDSIGHT || KSJ || COMPLETEDWhere stories live. Discover now