🔞 22nd Bite ❤️

1.2K 263 139
                                    

I Bite You In My Eyes ❤️

❤️ ඩැඩී බෝලේ.. ඔන්න බේත් පෙති හතක්ම තියෙනවා ඔයාට බොන්න..

ජාන් , හෙදිය විසින් දුන්න බේත් පෙති ටික අල්ලේ ගුලි කරන් යීබෝගේ ඇද ළගම හිටගෙන දික් කරේ යීබෝ හිනාවෙවී බලන් ඉද්දී...
යීබෝ ජාන්ව තමන් ලගින්ම වාඩි කරවන් බෙහෙත් ටික එක කටට ගිලලා දැම්මා..

❤️ වහ්.. ඔක්කොම එක පාර බිව්වනෙ..

💚 නැතුව ඉතින්.. කෝ එන්න මගෙ පණ ටික.. ලගට..

❤️ හාන්සි වෙන්න එපා ඩැඩී... බේත් බිව්ව ගමන් නෙහ්..

💚 එහෙනම් ඔහොම්ම තව ලගට එන්න.. මූණ දිහා චුට්ටක් බලන් ඉන්න..

❤️ ඔයානම් මාරම රොමෑන්ටික් අප්පාහ්...

ජාන් ඇදේ කොණක් දිහා බල බල යීබෝගේ දෑස් මහහැරියේ යීබෝගේ ඇස් එතරම් සරාගී වූ නිසා.. මග හැරි යන ජාන්ගේ ඇස් යීබෝ තමන් වෙතට හරව ගන්න ලොකු වෙහෙසක් ගත්තා...

💚 මගෙ පණට මගෙ බැල්ම දරාගන්න බෑ.. ඒ උනාට රිදවද්දී නම් අම්මෝ...

❤️ අනෙ කටවහන් ඉන්න අප්පා.. එතකොට මෙහෙම දැනුනෙ නෑනේ මට.. දැන් හරි වෙනස්නෙ...

💚 දැන් ගොඩක් වෙනස්ද බබා...

❤️ ම්... පපුව ගැහෙනවා ගොඩාක්..

💚 අනේ උබ අර කලින් හිටපු නසරානියාමද බන්.. උබ තනිකරම අහිංසකයෙක්.. හුරතලේ පිරුන දගකාරයෙක්.. උබව නසරානියෙක් කරලා තිබුනේ.. මගේ පණ.. ඩැඩී ගාවදි ඔයාට ඕන තරම් හුරතල් වෙන්න චූටී.. උබ මන් ගාව නැතුව කා ගාව හුරතල් වෙන්නද..

යීබෝ ජාන්ගේ මුහුණට බර වෙලා ජාන්ගේ සියුමැලි කම්මුල් දෙකට හාදු දෙමින් පවසද්දී ජාන් යීබෝගේ ඇස් දිහාම බලන් උන්නා.. ඒ මූණ පුරාම තිබ්බෙ ලොකු සැනසීමක්..

💚 මගෙ පණ...යන්න... ගිහින් හොදට වොශ් කරන් එන්න.. ඔයා හරිම තෙහෙට්ටුවෙන් ඉන්නේ.. අපි දොයි ගමු...

❤️ තනියම...

💚 එහෙනම් මන් ඇවිත් ඔයා නානකල් බලන් ඉන්නම්..යමු...

❤️ හී.. ඕන්නෑ අප්පා.. හාන්සි වෙන්න ඩැඩී බෝලේ.. මන් ඉක්මනින් එන්නම් හොදද...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now