🔞 28th Bite 😊

1.1K 264 157
                                    

Cover එක Change කරා හොදද... අවුලක් නෑනේ...

I Bite You In My Eyes ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


I Bite You In My Eyes ❤️

යීබෝ ඇදෙන් හාන්සි වී බොහෝ වෙලාවක් බලන් උන්නත් නින්දක් නම් අහලකටවත් ආවේ නෑ.. මාසයක් තිස්සෙ ඇදේ උන්නා නම් උන්නේ ජාන් එක්කම නිසා දැන් තනිවම ඉන්න එකනම් පුරුදුම නැති වැඩක්..

ඇගට විවේකයක් ඕන නිසාම ඇදේ උන්නත් හිත තිබ්බේ තේ වත්තට ගිය ජාන් ගාව.. කකුල් දෙක නම් තේ වත්ත පැත්තට ඇදෙන්නම යද්දී යීබෝ හිත හදන් ඇදට වෙලා උන්නේ යන්න කලින් නසරානි පෝරිසාදයා දීපූ දේශනා ටික නිසා..

" ලොක්කෝ.. නිදි නැද්ද..."

💚 ආ අම්මී.. එන්නකෝ.. නිදි නෑ.. නින්ද යන්නෑ...

යීබෝ ඇදේ වාඩි වෙද්දි අම්මිත් ඇවිත් යීබෝ ළගින්ම වාඩි උනා.. යීබෝ එහෙම්ම අම්මිගෙ උකුලෙන් ඔලුව තියා ගද්දී අම්මී සීරුවට ඒ ඔලුව අතගාන්න පටන් ගත්තා...

" ලොක්කෝ... චූටියා දැන් හරි වගේ නේද... "

💚 අනේ මන්දා අම්මී...

" ඇයි පුතේ එහෙම කියන්නේ.."

💚 එයා හරි ඉක්මනින් හිනාවෙනවා අම්මි.. හැබැයි ඒ පරක්කුවට එයාගෙ හිත රිද්දව ගන්නවා.. ඔයා දන්නවද අර පාහරයා නිසා කොල්ලා බැල්කනියෙන් පනින්නත් ගියා..

" ලගින් තියාගන්න වෙයි එහෙනම්.. කොල්ලගෙ හිත නම් හයිය නෑ වගේ... "

💚 නෑ අම්මී..ඒ හිත අපේ හිත් වලටත් වඩා හයියයි . නැත්තම් කොහොමද එයා මෙහෙම හිත ගල් කරන් උන්නේ.. එයා පව් අම්මී.. කොහොමද එයාව හැමෝම අතෑරියේ..

" මගේ පුතා අල්ලන් ඉන්නකෝ ඒ අත.. එතකොට ඉතින් කවුරු අතෑරියත් එයා බය නොවී ඉදීවී.. තමන්ගෙම කියලා කෙනෙක් ඉන්නකොට හිතට ශක්තියක් පුතේ.."

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now