🔞 39th Bite ❤️

899 231 86
                                    

I Bite You In My Eyes ❤️

කදුළු කැට බේරෙන්නේ දුකටයි මගේ හදේ ලැගුම් ගත්ත..
කිසිදා සිතුවේ නෑ පවසන්න මේ ඇත්ත...
කියන්නට බයක් දැනෙනවා මේ ඇත්ත..
කලකිරෙන්න එපා කියු විට ඔබට මෙය මැණික..

( ආදරණීය අම්මිගෙන් පැංචිට.. )

කිසි දිනෙක වෙනසක් මා හට නොකළේ මන්ද...
එතරම් මා හට ආදරේ දුන්නේ මන්ද....
නිවසේ පුංචි වදකාරී මේ මම නේද...
හැමදාම මාගේ පව්ල ඔයාලාමයි නේද.....

( දුකින් ඉන්න යෙන්ග්මීගෙන් පවුලට... )

*

*

*

*

*

වන්ග් ලීසා... යීබෝගේ අම්මී... නොකී කතාවක්.. කිසි දිනෙක කිසිවෙකුට... නමුත් අද කෙසේ හෝ එය එළි වෙලා.. ඒ දුක්බර ඇත්ත අද එලිවෙලා.. තවත් කුමක් සගවන්නද...

අම්මී යීබෝගේ වගේම යෙන්ග්මීගෙත් අත් වලින් අල්ල ගත්තා... තමන්ගෙ මුළු ලෝකෙම මේ දරු පැටව් දෙන්නා වෙද්දි කවදාවත් යෙන්ග්මී තමන්ගෙ නෙවෙයි කියලා අම්මී හිතුවෙ නෑ...

" අහගන්න එහෙනම්.. හරියටම අවුරුදු 28කට කලින් කතාවක්... "

💚 ම්ම්....

" මේ ගෙදරට මම එද්දි මට විසි පහයි වයස... ඔයාලගේ පපා අම්මී...පපා තාත්තී මට හරිම ආදරෙයී පුතේ.. මන් ගොඩාක් වාසනාවන්ත ගෑනියෙක් ඒ අතින්... දන්නවද මගෙ බඩට පැටියෙක් ආවා මුලින්ම.. මට පුදුම සතුටක් තිබුනේ මැණික... මට ඕන උනේ චූටී දූ පැටියෙක්ව.. මට ඕනා ලස්සනට අන්දලා බෝලයක් වගේ තියාගන්න පුළුවන් දූ පැටියෙක්ව... ඉතින් මන් බලාපොරොත්තු ගොඩාරියක් තියන් තමයි බඩ ගෙඩිය ලොකු වෙනවා බලන් උන්නේ .. මන් භාරත් උනා දුවෙක්ම වෙන්න කියලත්... දන්නවද මේ මෝඩ කොල්ලා බඩේදිත් මහ විසේකාරයා.. පයින් ගගහා නටන විදියට නම් ඩොක්ටර් කිව්වේ කොල්ලෙක්ම වෙන්නති කියලා.. දැන් වගේ ඉස්සර බලන්න බෑනේ දූද පුතාද කියලා.. මොනා කරන්නද හිත හදාගත්තා.. ඊලග පාරවත් දුවෙක් හදනවා කියලා... 

දන්නවද මැණික.. ඔයාව හම්බෙන්න මට අමාරු වෙලා යද්දී වාහනයක් වත් හරියට නෑ මේ පැත්තේ.. ඒත් තාත්තිගෙ යාලුවෙක් උන්නා.. එයා එක්ක ගියා.. අන්තිමට ඩොක්ටර් කිව්වා වගේ බෝල කොලු පැටියෙක් තමයි මට හම්බුනේ.. පුතෙක් උනත් ලස්සන වැඩි කමට පුදුම ලෝභ කමක් තමයි දැනුනේ.. මගේනෙ ඉතින්... දන්නවද ඔයාව හම්බෙලා දවස් තුනකින් තමයි ටිකට් කැපුවෙ මගෙ..  එද්දි රෑත් උනා... අර පහළ ඔයාලා නාන්න යන ගග හරියේ අපි එද්දී කවුද මන්දා කෙනෙක් පාරෙන් මොකක්ද තියලා දුවලා ගියා.. මන් කාර් එකේ පිටිපස්සෙ හිටියේ.. මන් බයට මගෙ පැටියව ගුලි කරගත්තා... මොකක් හරි නරකක් වෙයි කියලා බය හිතුනා පුතේ.. තාත්ති තමයි වාහනෙන් බැහැලා ගිහින් බැලුවේ...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now