🔞 47th Bite 😊

882 212 115
                                    

I Bite You In My Eyes ❤️

තෙමසකට පසු...

ඉතා අපහසු කාලසීමාවකින් පසුව අද උදා වී ඇත්තේ සිතට සැනසුමක් මෙන්ම බලාපොරොත්තු ලබාදෙන දිනයකි...

යීබෝ ලහි ලහියේ තම බෑග්ස් පැක් කරද්දි ජාන් ඇදට වී ගෙවුන තෙමස පිලිබදව සිතන්නට වුනා.. කොතරම් කටුක ජීවිතයක් වූවත් තවමත් මේ උතුම් මනුස්සයා ජාන්ගේ අත අතාරලා නෑ.. මුල්ම දින වගේම අදටත් ඒ ආදරය ලස්සනට ගලන් යන්නේ විවිධාකාර හිත් රිදීම් මැද..

එදා දින ශියාඕ නිවසේ සිට පැමිණි පසුව යීබො හැඩ කල කාමරය තවමත් ඉතාමත් සුන්දරයී.. බැලු බැලු අත කුඩා ජාන් සිනාසෙමින් බිත්තියේ එල්ලී සිටියදී යීබෝ දවස ගානේ ඒ පින්තූර පිහදාන්නේ දවස ගානෙ ජාන්ව නාවනවා වගේමයී...

එදායින් පසුව කොතරම් දේවල් සිදු උනාද.. පහුවදා ජාන් යීබෝ එක්ක කැම්පස් එකට යද්දි ෆ්‍රෑන්ග් ජාන් දිහාම බලන් උන්නා.. ජාන් යීබෝගේ අතේ එල්ලිලා ෆ්‍රෑන්ග්ට ඔරවගෙන යද්දි යීබෝ දැක්කේ ෆ්‍රෑන්ග් ගෙ ඇස් වලින් පුදුමාකාර අසරණ කමක්.. ඒ ඇයි.. ඒක තවමත් නොවිසඳුණු ගැටලුවක්...

ජාන්ට වගේම යීබෝටත් කිසිම කෝල් එකක් ලුවිස්ගෙන් නැවත නොඑද්දී ජාන් හැමදාම මිමිනුවේ එයාගෙ මමා කරදරයක කියලමයි.. කුමක් නිසාද යත් සෑම දිනෙකම ජාන් ඇයව සිහිනෙන් දුටුවා..

යීබෝ ජාන්ට මේතාක් නොපැවසු මීට සතියකට පෙර පොලීසිය විසින් සොයාගත් හෝඩුවාවක් තිබුනා... යැංසී කිසිම දිනක එදායින් පසු චීනයෙන් පිටවී නොතිබ්බා.. එසේම ඈ අතුරුදන් වගෙම යැංසී වෙසුන නිවසෙ සේවිකාවන්ගෙන් පොලීසිය අසද්දි ඇය කොහේදෝ ගියා යැයි පැවසුවත් මේ වෙනකල් යැංසී ගිය තැනක් නෑ...

ඒ වගේම හැරිස් කිසිම සද්දයක් නැතිව උන්නා සේම ජාන් යීබෝ එක්ක හොස්ටල් එකට යන හැම දවසකම කලු පැහැති වෑන් එකක් එදෙසින් ගමන් කරේ තවමත් මම උබේ පස්සෙන් යැයි අගවන්නට වුනත් දිනෙන් දින ඒ වාහන මාරුවෙන් මාරුවට ඇවිත් යද්දි පොලීසිය පවා ඒවා අල්ලා ගන්න අපොහොසත් උනා...

කරදර එසේ සිදු වෙද්දි සුන්දර දේවල්ද නොවුනා නොවේ... යූ බින් හා යෙන්ග්මී දැන් පෙම්වතුන් වගේම යීබෝගේ ගෙදරින් කැමැත්තත් මේ වෙද්දි එයාලට ලැබිලා තිබුනා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now