🔞 54th Bite ❤️

952 216 119
                                    

I Bite You In My Eyes ❤️
අවසානයට පෙර

❤️ ඩැඩී.. ඔහොම ඉන්නකෝ ඒයී... ආ කියන්න අප්පා...

💚 අයියෝ ඇති බබා.. මට පරක්කුයිනේ...

❤️ ඔයා ආයේ කන්නෙ දවල්ටනෙ අප්පා.. කාපියකො ගුටි නොකා...

💚 අනේහ්.. මේ උඩ බොත්තම දාගන්න බෑනේ.. බෙල්ලත් රිදෙනවා දැන්..

❤️ කවලා දාන්නම් අප්පා...

💚 බෑග් එක කෝ බබා... අයියෝ වොලට් එක මොන තූත්තුකුඩියක දාලද.. වොච් එකත් නෑනේ...

අලුත් රැකියාවට යන්න ගිහින් සතියක් නෑ තවම යීබෝ වෙනස් වෙලා තියෙන්නේ පුදුම විදියට.. ඉස්සර ජාන්ගෙ වැඩත් එක්ක කරපු මනුස්සයා මහ පාන්දර වෙනකල් වැඩ අල්ලලා උදේ නැගිටින්නේ පරක්කු වෙලා වෙද්දි ජාන් තමයි එයාට ඕන දේවල් ඔක්කොම සූදානම් කරන්නේ...

❤️ බෑග් එක කුස්සියේ.. කෑම එක දාන්න ගෙනිච්චා මම.. වොලට් එකයි වොච් එකයි ෆෝන් එකයි සාලේ මේසේ උඩ.. අනේ මන්දා ඩැඩියෝ ඔයා නම්...

💚 හී.. කලබලේනේ බබෝ...

❤️ අද පරක්කු වෙනෝද අප්පා...

💚 නෑ අද 3ට එනවා.. කෝ කෝ හිනා වෙන්න සුට්ටක්.. අම්මෝ.. මේ හිනාව නැතුව නම් මන් ගෙයින් එලියට වත් බහින්නෙ නෑ...

කෑම පිගාන සෝදන ජාන්ගේ බඩත් අතගාමින් පිටුපසින් වැලදගෙන ඉන්න ගමන් යීබෝ පවසද්දි ජාන් ඒ ඇදුම පොඩි නොවෙන්න හරි පරිස්සමෙන් තුරුල් උනා...

❤️ සුදූ ඩැඩී...

💚 ම්ම්..

යීබෝ ගෙල උඩට ඔසවන් සිටියදී ජාන් ඒ කමිසයේ උඩු බොත්තම දමා පසුව ටයි එක ගැට ගසන අතරතුර යීබෝට කතා කරද්දි යීබෝ හූමිටි තබන්නට විය...

❤️ එද්දී බබාට චොකෝ අයිස් ක්‍රීම් ඕනී.. කාලෙකින් අයිස් ක්‍රීම් කෑවේ නෑ අප්පා..

💚 මේ ටිකේම වැස්සනේ මැණික.. හරි අද ගේන්නම්කෝ...

❤️ ම්... කෙලින්ම ඔයා අම්මීලගෙ ගෙදරට නේද එන්නේ.. මන් එහේ යන්නම් ඇදුම් අරන්.. ඩැඩී වොශ් දාලා ඉවර උනාම ඔක්කොමලා යන් හොදේ...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now