💚 Special Bits ❤️

965 157 103
                                    

I Bite You In My Eyes..  මගේ කතාව.. මන් ආදරේ කරන මගේ කතාව.. ඔයාලා ගොඩාක් ආදරේ උන කතාව.. එතෙක් මෙතෙක් මට වැඩිම වීව්ස් ලැබුන කතාව..

පපුවට දැනෙන , දුක් කම් කටොලු මැද ගෙවුන , අසරණ අහිංසක දරුවෙක්ව නිකන්ම නිකන් අතෑරපු මවක් පියෙක් , හදවතින්ම එකතු උන මිතුරන් දෙදෙනෙක් , වචනේ පරිසමාප්තියෙන්ම ආදරේ දුන්න පෙම්වතෙක් , තම ජීවිතේ පසෙකට දාපූ අපූරූ මල්ලි කෙනෙක් , අහිංසක දෙමව්පියන් දෙදෙනෙක් , පව් කාරයන් පිරිසක්ද  වටා ගෙතුන කතාවක්...

අපේ ජීවිතේ හිතන තරම් ලස්සන නෑ.. සල්ලී ගොඩාක් තිබ්බට හිතේ සතුට සැනසීම ලැබෙනවද.. නෑ නේද.. කවදාවත් නෑ.. මිනිස්සුන්ට ආදරේ ඕනේ..  ඒ නිසයි යැංසී රැවටිලා තමන්ගෙ දරුවවත් දාලා යන්න ගියේ... එයා වැරදි නොවු වැරදි කාරයෙක්.. අසරණ ගැනියෙක්.. ඒත් එයා එයාගේ පුතාට ගොඩාක් ආදරේ කරා.. අන්තිමට තමන්ගෙ ජීවිතේ පුතා වෙනුවෙන් දෙන්න තරම් ඒ හිත තමන්ගෙ පුතාට ආදරේ කරා...

ඒක එහෙම වෙද්දි වන්ග් ලීසා හා වන්ග් යී.. මොන වගේ දෙමාපියන්ද මේ... එයාලා තමයි උතුම් දෙමාපියන් වෙන්නේ.. තමන්ගේ දරුවෝ නොවන අයටත් ආදරේ දෙන්න පුළුවන් නම් හිතට දැනෙන්න.. පපුව පිරෙන්න... අන්න එයාලා උතුම් මව්පියන්..

යෙන්ග්මී , ජීවිතේට තමන් හදාගන්න ගත්ත කෙනෙක් කියලා දැනන් උන්නේ නෑ.. කොහේවත් ඉන්න කෙනෙක් එක දවසක් කිව්ව කතාවක් නිසා කෙල්ල නැවුනේ නෑ.. හාමදේම දන්නවා කිව්වා.. නමුත් අදටත් දන්නෙ නෑ.. එයාට හොයාගන්න ඕන කමක් නෑ.. ඕන නෑ කියලා ගිය මිනිස්සු ගැන ඇයි හොයන්නේ.. රත්තරන් අම්මෙක් තාත්තෙක් අයියෙක් මල්ලියෙක් සැමියෙක් වගේම තවත් සහෝදරයො දෙන්නෙක් ඉද්දි ඇයි එයා එයාව දාලා ගිය අයව හොයන්නේ.. එයා ඉන්නෙ සතුටින්..

බින් , ශුවාන් යාලුකම සහෝදරකම කියන දේ අන්තෙටම ගිය දෙන්නෙක්.. යාලුකමට පණ උනත් දෙයි.. අනාථයෙක් වෙච්ච බින්ට පවුලක් ලැබෙද්දි ශුවාන්ට එයාගෙ ආදරේ නිසා පවුල නැති උනා.. ඒත් කොල්ලා සැලුනද.. නෑ.. අදටත් එයාලා සතුටින්... මට නම් හිතෙන්නෙ දරුවන්ව තේරුම් ගන්නෙ නැත්තම් දෙමාපියන් උනත් ඈත් වෙන එක හොදයි.. මොකද දෙමාපියන් උනා කියලා දරුවන්ගේ ජීවිත වලට ඕනාවටත් වඩා ඇගිලි ගහන්න අයිතියක් නෑ.. දරුවන්ටත් එයාලගෙ ජීවිත ගැන තීරණ ගන්න පුළුවන්...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now