🩸•••02•••🩸

805 175 39
                                    

..

..

..

අත් දෙක කැඩෙනකම්ම යකඩ දොරට තඩි බෑව මගෙ ඇගේ ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් තියෙද්දි මං දොරට හේත්තු වෙලා බිම ඉදන් හිටියා..කිසිම දෙයක් නොපෙනුනත් දරාගෙන ඉන්න බැරි තරමට් මිනී කුනු උනු ගඳ නාහේ කඩාගෙන යද්දි අමාරුවෙන් හුස්ම ගන්න හදපු මගෙ සද්දෙ විතරක් ඒ කාමරේ දෝංකාර දුන්නා..දවස් දහ අටක ජීවිත කාලයක් ඉතුරු කරලා මං මැරෙනවද නැද්ද කියලා බලන්න මෙහෙම මාව හිර කරලා තියෙද්දි පොලොව හාරගෙන හරි මෙතනින් පැනලා යන්න ඕන කියන එක මට දැනුණා..මේ කාමරේ ඇතුලේ මොනා තියෙනවද දන්නෙ නෑ..ඒත් මට දැන්ම මැරෙන්න ඕන නෑ..මං ජීවිතේ පටන් ගත්තා විතරයි ..හේතුවක් නැතුව මෙහෙම මාව මැරෙන්න අතෑරලා ගිහින් තියෙද්දි මට ඉන්නෙ මං විතරයි කියලා තේරුම් යනකොට මට ඉකි ගැහුනා..අඩලම කදුලු ඉවර වෙලා තිබුණත් තාමත් මට ඉකි ගැහුනා ..දණහිස් දෙක ලන් කරගෙන ඒ අස්සෙ ඔලුව ගහ ගත්තු මං කවදාවත් නොදැකපු මගෙ මමාගෙන් මාව බේරගන්න කියලා ඉල්ලලා ඇඩුවා..ඒගොල්ලෝ මට දරාගන්න බැරි තරම් වගකීම් පැටෙව්වත් මං ලොකු මිනිහෙක් නෙවේ..මං තාම පොඩි ළමයෙක්..දහ අට ලැබුවා උනත් මං කිසිම කෙනෙක්ගෙන් ආදරේ නොලබපු..ඒත් ආදරේ හොයන ලමයෙක්..

..ම..මා.හ්..මාව එ..එක්ක යන්න..කෝ..මට මෙතන ඉන්න බෑ..ගො..ඩක්..ගදයි..අනි..ක..කලු..වර..යි..අනේ..හ්..මං කලු..වරට බය..යි මමා..මා..ව එක්ක යන්නකෝ..



මම තාමත් අඩනවා..ඕන කෙනෙක් හිතයි කම්පැනි එකක් තනියම බලාගන්න පුළුවන් තරමට හයියක් තියෙන කොල්ලෙක් මොකද කාමරේක හිර වෙලා අඩන්නෙ කියල..හහ්..මට මේ වෙලාවෙ දැනෙන විදිහ තේරුම් යන්න ඔයත් ඒ තත්ත්වෙටම පත් වෙන්න ඕන..එකපාරටම එක්කන් ඇවිත් කාමරයක් අස්සට දාලා ජීවත් වෙන්න තියෙන්නෙ දවස් දහ අටයි කියලා කිව්වම ඔයාට මොනාද හිතෙන්නේ..ගියපු කිසි කෙනෙක් පණපිටින් එන්නෙ නෑ කියලා කියන කළුවර කාමරේක ඔයාව හිර කරලා දාලා හැමෝම යන්න ගියාම ඔයාට කොහොමද දැනෙන්නේ..ඒක දරාගන්න බෑ..ඇගම පන නැති කරවන බයත් එක්ක ජීවත් වෙන්න තියෙන ආසාව ඕනාවටත් වඩා දැනෙද්දි ඒත් ඒක හීනෙකින්වත් කර ගන්න පුළුවන් දෙයක් නෙවේ කියලා දැනෙනකොට හිතාගන්න පුළුවන් ද මට දැනෙන අසරනකම..කොයි වෙලේ මොනා වෙයිද කියලා දන්නෙ නැතුව හිත බයෙන් ගැහෙද්දි, මේ ඇද ගන්න හුස්ම ඊලග මොහොතෙ මගෙන් ගිලිහිලා තියෙයිද කියලා හිතා ගන්න බැරිව මාව වෙව්ලනකොට.. තප්පරේකට හරි මං කොයිතරම් අසරනද කියලා තේරුම් ගන්න පුළුවන් ද ..නෑ..ඔයාට බැරි වෙයි..කලුවරට බය මම ඉදිකටු තුඩකවත් එලියක් නැතුව ඇස් දෙක තද කරගෙන මරන බයේ ගැහෙද්දි ..ඒ වේදනාව ඇට මස් නහරවකට කා වැදීගෙන ගිහින් ඊලග මොහොතෙ මං මැරෙනවා කියලා මොලෙයි හදවතයි එකපාර කෑ ගහද්දි උදවුවක් ගන්න තියා මං කියන දේ අහන්නවත් කෙනෙක් නැතුව මං පත් වෙලා ඉන්න තත්ත්වෙ ඔය කාටවත් තේරුම් ගන්න බෑ..



_⚠️️The Room Of Death⚠️️_ ( Yizhan Completed ff)Where stories live. Discover now