•••12•••

517 118 37
                                    

..

..

..









..යීබෝ...







      අපි දෙන්නට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන අන්තිම නවවෙනි දවසටත් ඉර පායලා තියෙනකොට මං එයාට කතා කලා....ඒත් එයාට ඇහුනේ නෑ..මාවත් තුරුලු කරගෙන කාමරේ කෙලවරක තිබුනු ඒ එලි නවය දිහා බලන් හිටියා..බිත්තියේ තියෙන පොඩි හිඩැස්වලින් ඉර එලිය ගලන් ඇවිත් කාමරේ අඳුර නැති කරලා තිබ්බත් ඒ හිරු කිරණ නිසා දවසින් දවස අපේ ජීවිත නම් අඳුරු වෙලා ගියා...

..යි..බ්..බෝ..

..ස්..සීන්..කෝ..ඔයාට රිදෙ..නවද..කොහෙද රිදෙන්නේ..මං අතගාන්නද....

  එයා එකපාරටම ගැස්සිලා ගිහින් මාව හරව හරව බලද්දි මං  ඉදගෙන හිටිය ටයිල් පොලොවෙන් ඉස්සිලා එයාගේ කම්මුල් දෙක අත්වලින් අල්ල ගත්තා..

..ඔයාට රිදෙන්නේ නැද්ද යීබෝ...

..උබ අහන්නේ මොකක් ගැනද සීන්..

....................

..උබට තේරෙනවනේ..ඒ නිසා ආයේ අහන්නේ නැතුව හිටපන්...




    එයා ඇහුවේ රිදෙන්නේ ඇගද නැත්නම් හදවතද කියන එකයි..ඔව් ඒක හරි...අපි දෙන්නට අපේ තැලිලා ගිය ඇගවල්වලට වඩා බිදිලා ගිහින් තියෙන හිත රිදෙනවා...එයා වැඩිය කතා කරන්න කැමති නෑ..කොච්චර දුක හිතුනත් දරා ගන්න බැරි උනත් එක වචනෙකින්වත් එයා ඒ හැගීම් එලියට දාන්නේ නෑ...ඒත් උබට තේරෙනවනේ කියලා අහපු වචනෙන්ම මට ඒ හිතේ තියෙන හැගීම් තේරුනා..එයාට මාව අතාරින්න බයයි...අවුරුදු දහ අටකට පස්සෙ දැනුනු ආදරේ , ඒ හැගුම ආයේ විදින්න බැරි වෙයි කියලා එයා මාව අතාරින්න බයයි..ඊටත් වඩා එක බැල්මකින් හරි දුකක් පෙන්නුවොත් අපි දෙන්නට ආදරෙන් ගෙවන්න තියෙන මේ දවල් කාලේ පැය දොලහා නැති වෙලා අඩන්නයි කදුලු පිහන්නයි නාස්ති වෙලා යයි කියලා එයා බයයි..මට ඕනෙත් නෑ අපේ හිත් රිද්දගන්න..ජීවත් වෙලා ඉන්න තියෙන කාලේ අඩු බව ඇත්ත..ඒ උනත් අපි ඉර එලිය තියෙනකම් පුළුවන් තරම් අපිට කන් වෙලා හිත්වල ආදරේ පුරවගන්නවා..මට අඩන්න ඕන..නෑ නෙවේ..ඒත් කලුවර වැටුනු ගමන් ඇගේ.වේදනාවට අඩන්න සිද්ද වෙනකොට හිතේ වේදනාවත් ඒ වෙලාවටම පිට කරන්න මං ඉතුරු කරගත්තා...හිනා වෙන්න පුළුවන් වෙලාවේ අඩන්නේ නැතුව ඉවසන් ඉන්න උත්සහා කරන්න ඕන..කදුලකට පුළුවන් ඕනම දෙයක් වෙනස් කරන්න..සමහර විට ජීවිත කාලෙටම ගත උනත් ආයේ නොඑන සුන්දර මොහොතක් පවා...ඉතින් අපි දෙන්නගේ ජීවිත කාලෙත් දවස් නවයක් වෙලා තියෙනකොට ඉවසන්න අමාරු උනත් මං ඉවසුවා..ලස්සන මතක නැති උනත් මං ලස්සන මතකයක් හදාගන්න උත්සහා කලා....



_⚠️️The Room Of Death⚠️️_ ( Yizhan Completed ff)Where stories live. Discover now