•••13•••

500 120 28
                                    



..

..

..





..එයා?..එයා කිව්වෙ කවුද යීබෝ..ඔයා ඔය කා ගැනද කියන්නේ...

..ම්හ්ක්..

..මට කියන්න යීබෝ..

..ම්හ්ක්ක්..

..බය වෙන්න එපා මැනික..මං මෙතන ඉන්නවනේ..ඔයාට බය වෙන්න හේතුවක් නෑ...මං මෙතන ඉන්නවා...මට කියන්න..

..ම..ට..බෑ..

..ඇයි යීබෝ බෑ කියන්නේ..ඔයාට මාව විස්වාසයි නේද..හිතේ හිරකරන් ඉන්න දෙයක් මට කියන්න..මං කාටවත් කියන්නේ නෑ...

..බෑ..මා..ව ම..රයි..


  යීබෝ බිදිලා ගිය වෙව්ලන කටහඩකින් කියනකොට මගෙ ඇස් ලොකු උනා..එයා කිව්වේ ගෙවුනු කාලේ ගැන කිසිම දෙයක් මතක නෑ කියලා..සමහර වෙලාවට අසනීප උනාම පහු ගිය ආත්මවල දේවල් පවා සමහර අයට කියවෙනකොට එයත් මේ වෙලාවේ උන විකාරෙන් හරි අමතක උනු දේවල් කියෙව්වා..මං කොයිතරම් ඇහුවා උනත් එයාට ' මාව අරන් යන්න දෙන්න එපා'  කියන එකයි ' රෙබාව මැරුවේ මං නෙවේ එයයි ' කියන එක හැර වෙන මුකුත් මතක තිබුනේ නෑ...ආදරේ කරන මට පවා 'ඔයා' නොකියා  ' උබ ' කියලා කතා කරන යීබෝ, හරියට නමක්වත් නොදන්න කෙනෙක්ට ' එයා ' කියලා කතා කලා..සමහර විට යීබෝ එයාට හුගක් ගරු කරනවා..නැත්නම් අසීමිත විදිහට බය වෙනවා..ඔය දෙකෙන් එකක් තමා හේතුව...මං දන්නවා මට අනුමාන කරන්න බෑ..ඒත් මට තේරෙනවා ඔය කියන දේ යීබෝට මෙහෙම උනු එකට ලොකුම ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා...මාව  ගෙනාවේ වයසත් එක්ක  විද්‍යාගාර මීයෙක් විදිහට උනත් අවුරුදු හයක පොඩි දරුවෙක්ව මොන හේතුවකටද මෙහෙම ගෙනත් දාලා හිර කරන් ඉන්න ඇත්තේ...ඒකත් එක්තරා විදිහක පරීක්ශනයක් වෙන්න ඇති කියලා හිතන්න පුළුවන් උනත් අවුරුදු හයේ ලමයගෙන් පස්සේ එක දිගටම අවුරුදු දහ අටක පිරිමි ළමයි ගෙනත් දාපු එක..ඒක ඇත්තටම හිතාගන්න බෑ..හරි නම් වෙනස් වයස්වල පිරිමි ළමයි නෙවේද මේ විදිහට හිර කරන් ඉන්න ඕන...එහෙම හිර කරන් හිටියත් මුල ඉදන් හිටිය හැමෝම මැරිලා ගිහින් යීබෝ විතරක් ඉතුරු උනේ කොහොමද ...කාමරේ ඇතුලට පිටින් මැරෙන අය හැර වෙන අය ආවේ නෑ කිව්වත් පොඩි කාලේ එයාගේ කකුලට දාපු දම්වැල පරිනත උනාට පස්සෙ කකුලත් එක්කම ලොකු උනා කියලා හිතන්න පුළුවන් ද..එතකොට මේ ඇදුම්..බලද්දි නම් කියන්න බෑ මේ තාම තියෙන්නේ අවුරුදු හයක පොඩි කොල්ලෙක් ඇදපු ඇදුම් කියලා..යීබෝ කොහොම කිව්වා උනත් පිට ඉන්න උන් මේ කාමරේ ඇතුලට එනවා..ඒ විතරක් නෙවේ මට හිතෙන්නෙම උන් අපි දිහා ගෙවෙන හැම මොහොතකම බලන් ඉන්නවා...අපි නොදන්නවා උනාට මේක ඇතුලේ වෙන හැමදේකටම උන් අපිටත් හොරා ඇගිලි ගහනව...මට මේක ලොකු හිසරදයක් ..මොනාද මේ තිරිසන්නු කරන්නේ...උන් මොනාද මෙහෙම කරලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ...








_⚠️️The Room Of Death⚠️️_ ( Yizhan Completed ff)Where stories live. Discover now