Chapter 04 :_🥀_:

362 96 12
                                    


Next Day Morning at The College

"Good Morning චිමී."

"අනේ good morning ටේටේ."

ජිමින් සුපුරුදු පරිදිම එයාගෙ උනුසුම්ම hug එක එයාගෙ හොදම යාලුවට දුන්නෙ ගේට් එක ගාවදිමයි.

"හහ් මුන් දෙන්න බලපංකෝ හොබියෝ.තමුසෙලා දෙන්න යාලුවොද ලවර්ස් ලද?"

මේ වෙලාවෙම ඉස්කෝලෙට එයාලගේ සුඛෝපභෝගි වාහන වලින් ආපු bangtan ලා දැක්කෙ ගේට් එක ගාව බදාගෙන ඉන්න ටේ,ජිමින් දෙන්නව.අඩියට දෙකට එතනට ගියපු ජන්කුක් සමච්චලයට එහෙම කිව්වෙ වටපිටාවේ අයටත් ඇහෙන විදිහට.ඒත් එයාගෙ හිතේ තිබ්බෙ කැකෑරෙන තරහක්.එයාගෙ දෙයක් වෙන කවුරුහරි අයිති කරගත්තම එන තරහක්.ඒත් ජන්කුක්ට අයිති කිසිම දෙයක් ටේ,ජිමින් ගාව නෑ.ඇත්තටම නැද්ද? ඒක එහෙමද?

"ඇයි හියුන්ග් එයා මගේ යාලුවා.ඔයාට ඒකෙ ප්‍රශ්නයක් නෑ නේ.උදේම වද දෙන්න එපා ප්ලීස්."

ටේ කිව්වෙ උදේම රණ්ඩුවකට පැටලෙන්න ඕනි නැති නිසා.ඊයෙ වුන දේ නිසා ජන්කුක්ලා එයා එක්ක තරහින් ඉන්නෙ කියල ටේ හොදටම දන්නවා.

"ඕහ් මේ ඉන්නෙ අපේ මිරිස් කරල.ඊයෙ හරි ලොකු වැඩක් කලා කියල හිතන් ඇති නේද ආ? තමුසෙට වෙන දේ හිතාගන්න බැරි වෙයි කිම් ටේහ්‍යුන්.තමුසෙ අර කැෆේ එකේ නේද වැඩ කරන්නෙ.බලමුකෝ අපි.මේ ජන්කුක් ලේසියෙන් අත අරින්නෙ නෑ."

ජන්කුක් ටේගේ මූණටම ලං වෙලා කෑ ගැහුවේ ටේට මරණ බය දැනෙද්දි.ජන්කුක් ඒකෙන් ලොකු විනෝදයක් ලැබුවා.ඒත් ඊලගට වුන දේ ජන්කුක් බලාපොරොත්තු නොවෙන්න ඇති.

"අ-අනේ මියානේ හියුන්ග්.මං එහෙම කලේ හිතල නෙමේ.මියානේ.අනේ මගේ ජිනී හියුන්ග් ට මොකුත් කරන්න එපා.එයා අහිංසක කෙනෙක්.ප්ලීස් ජන්කුක් හියුන්ග්."

ටේ අඩාගෙනම ජන්කුක්ගේ කකුල් දෙක ගාවට වැටුනේ ලොකු අසරණ කමකින්.තමන් නොහිතා කරපු එක මෝඩ වැඩක් නිසා තමන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන අය කරදරේ වැටෙනවා බලන් ඉන්න ටේට කොහොමත් බෑ.

ජන්කුක් ටේගෙන් මේ වගේ ප්‍රතිචාරයක් හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නෑ.ජන්කුක් ගේ පිට දිගේ ගලාගෙන ගිය හිරිය නිසා එයා ලොකු අපහසුතාවකින් හිටියේ.කකුලේ එල්ලිලා අඩන ටේ දිහා නොබලා ජන්කුක් එතනින් යන්න ගියේ තමන්ව පාලනය කරගන්න බෑ වගේ දැනුන නිසා.

ජිමින් ඉක්මනට ටේව නැගිට්ටුවේ කොලේජ් එකේම ලමයි මේක දිහා බලන් ඉන්න නිසා.එයා ටේවත් අල්ලගෙන වොශෲම් එකට ගියේ ටේගේ මූන හෝදවන්න.

"ටේ බබා දැන් අඩන්න එපා.ඒක දැන් ඉවරයි.කෝ මේ මූන හොදගන්න.මෙහෙම ක්ලාස් එකට යන්න බෑ නේ ළමයෝ."

ටේ ජිමින්ගේන් ඈත් වෙලා සද්ද නැතුව ගිහින් මූණ හොදගත්තා.කන්නාඩියෙන් මූන පෙන්නෙද්දි ටේගේ ඉකිය ආයේ වැඩිවුනා.එයාට දැනුනේ පරාජිත හැගීමක්.එයා ජන්කුක් ට දණ නැවුවා.ටේ අනාත කෙනෙක් වුනත් එයාටත් තියෙනවා ආත්මගෞරවයක්.ඒත් තමන් ආදරේ කරන අය කරදරේක නම් ඒ කිසි දෙයක් ටේ තඹේකට මායිම් කරන්නෙ නෑ.ටේ කියන්නෙ ඒ වගේ කෙනෙක්.

ජිමින් පිටිපස්සෙන් ගිහින් ටේව බදාගත්තේ ටේගේ හිත හදන්න.ටේ ජිමින්ට තවත් තුරුල් වුනේ තමන්ගේ එකම යාලුවා ගාව ඉද්දි දැනෙන සැනසීම උපරිමයෙන් විදගන්න.

"දැන් යන්.නැත්තම් අර බඩ තඩියා අපි දෙන්නව මැල්ලුම් කරයි"

ජිමින් කටත් ඇද කර කර කතා කලේ එයාලගේ ප්‍රොෆෙසර්ව මතක් වෙලා.

ඒ කියපු දේට නම් ටේටත් හිනා නොවී ඉන්න බැරි වුනා.

එදා දවස වෙන කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවිල ගියා.ටේ,ජිමින් දෙන්න ක්ලාස් එකේ ඉදන්ම කෑම කෑවේ කැෆෙටේරියා එකට ගියොත් අනිවාර්යයෙන් ජන්කුක් ලව හම්බෙනවා කියල දන්න නිසා.ටේ,ජිමින් වගේම bangTan ලත් කෝලේජ් එකෙන් පස්සෙ ගෙදර ගියා.

ජන්කුක් ගෙදර යද්දි එයාගෙ අප්පා සෝෆා එකේ ඉදගෙන හිටියේ බැරැරුම් පෙනුමකින්.ඔම්මාත් ඒ ලගම හිටියා.ජන්කුක්ට අමුත්තක් දැනුනත් එයා ඒ බව නොපෙන්වා ලෑස්ති වුනේ උඩ තට්ටුවේ එයාගෙ කාමරයට යන්න.ඊට කලින් මිස්ටර් ජියෝන් එයාව නැවැත්තුවා.

"ජන්කුක්"

ඒ කටහඩේ තිබුනේ අවධාරණාත්මක බවක්.

"ද්-දේ අප්පා."

"ඔයා කොලේජ් එකෙන් අවුට් වුන ගමන් මැරි කරන්න ඕනි ජන්කුක්.මේ ඉන්නෙ ඔයාගෙ Fiancee."

"What??????"

____________________________________
Hey Roses,
ම්ම් ඔන්න අද කොටස කොහොමද කියල කියන්න.අඩුපාඩු නම් කියන්න.
බොහොම ස්තූතියි.

Then Bye 💜️
Will meet you guys with next chapter 🍃🍷
Saranghaeo ♥️

Dreamy Meg 🌈️

Unexpected Love 🥀 (Taekook) COMPLETED Where stories live. Discover now