Chapter 17 :_🥀_:

288 78 13
                                    

"මම විරුද්ධයි"

අමුත්තෝ වගේම පවුලේ හිතවතුන් සේරම නිශ්ශබ්ද වෙලා ගියා.

ඒ වෙන කෙනෙක් නෙමේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඒ ජන්කුක්ගේ මනාලිය. කන්ග් ටේරා.

ජන්කුක්ගේ ඇස් පුදුමයෙන් මහත් වුනා.මිස්ටර් කන්ග් වගේම පූජකතුමා පවා පුදුම වුනා.මොකද ඒ පිටස්තර අයෙකු නෙමේ විරුද්ධ වුනේ මනාලියමයි.

"හ-හරි එතකොට තව කවුරුත් විරුද්ධද?"
පූජකතුමා ඇහුවේ බය වෙලා වගේ.

"මමත් විරුද්ධයි"
ඒ කන්ග් ඩැනියෙල්.

"අපිත් විරුද්ධයි"
ඒ ජිමින්,යුන්ගි,ජින්,නම්ජුන්,හොබී,ජිසු.

"මමත්"
ඒ මිස්ටර් කිම්.

"මමත් මේකට කැමති නෑ"
ඒ මිසිස් මින්.

"ඇයි මම!!! මමත් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ."
ඒ ලීසා.

"මමත්"
ඒ ජන්කුක්.

මනාලිය,මනාලය අකමැති නම් ඒ විවාහය කොහොමත් වෙන්නෙ නෑ නේ.අනික දැනටම හිටපු පිරිසෙන් භාගයක් ම මේකට විරුද්ධව අත උස්සලා ඉවරයි.

මේ වෙලාවෙ මිස්ටර් ජියෝන් ගේ මූනෙ පෙනුම පිංතූරයක් අරන් රාමු කරල බිත්තියේ එල්ල ගන්න ඕනි කියලා යුන්ගිට නොහිතුනාම නෙමේ.ඒත් එයා කට වහන් හිටියා.

"ටේරා ඔයාට මොකක්ද වෙලා තියන්නෙ ආ? ඇයි අපේ නම්බුව නැති කරන්න හදන්නෙ කියනවා?"

මිස්ටර් කන්ග් ගොඩක් කේන්තියෙන් ඒත් සද්දෙ අඩුවෙන් ටේරාගෙන් ඇහුවා.ඒත් ටේරා කතා කරන්න ගත්තේ හැමෝටම ඇහෙන්න.එයාට තව දුරටත් හැංගෙන්න උවමනාවක් තිබ්බෙ නෑ.

"ඔව් ඔයා,ඔයාගෙ වයිෆ් හැමදාම හිතුවේ ඔයාලගෙ නම්බුව ගැන විතරනේ.මගේ සතුට ගැන හිතුවේ කවුද නේද? ඔයා මෙහෙම කසාදයක් තීන්දු කරද්දි මගෙන් ඇහුවද එකම එක පාරක් හරි මං ආදරේ කරන කෙනෙක් ඉන්නවද  කියලා නෑ නේ නේද? ඔව් ඉන්නවා මං මගේ පණට වඩා ආදරේ කරන කෙනෙක් ඉන්නවා.මගේ චන්ග්හ්‍යුන්.අද හොස්පිටල් එකේ ඇදක් උඩ ජීවිතේ බේරගන්න පණ අදිනවා.මං බදිනවා කියලා දැනගෙන එයා ජීවිතේ නැති කරගන්න හදලා.ඒත් ඔයාලා? හහ්

Unexpected Love 🥀 (Taekook) COMPLETED Where stories live. Discover now