Chapter 05 :_🥀_:

343 89 8
                                    

Unexpected Love 🍃🖤-Chapter 05 🍷

"What!!!"

"Is this Taera?"

"Yah my son.She is"

"අප්පා ඔයා මට විහිලු කරනවද ටේරා මට මගේ නංගි වගේ.එයා මගේ වයිෆ් විදිහට දකින්න මට කවදාවත් බැරි වේවි."

"ඔහ් ජන්කුක් කලබල වෙන්න එපා.Mr.Kang අද මෙහෙ ආවා family එකත් එක්ක.ඩැනියෙල් පුතයි,ටේරයි දෙන්නම හිටියා.එයාලම තමා මේක යෝජනා කලේ.අනික මේකෙ ඇති වැරැද්ද මොකද්ද? "

"ඒත් අප්පා,ඔම්මා කියන්නකෝ අප්පාට."

"ඇයි ජන්කුක් මුරණ්ඩු වෙන්නේ.ටේරා කොච්චර හොද ගෑනු ලමයෙක්ද?"

ජන්කුක්ගේ ඔම්මා කිව්වේ එහෙම.

ජන්කුක් හිටියේ ගොඩාක් කේන්තියෙන්.ටේරා කියන්නෙ කන්ග් ෆැමිලි එකේ එකම ගෑනු ලමයා.ජන්කුක් ගේ කොලේජ් එකේම 1st year student කෙනෙක්.සෝයූන් ගේ හොදම යාලුවා.මිස්ටර් ජියෝන්,මිස්ටර් කන්ග් කියන්නෙ දන්න කාලෙක ඉදන්ම යාලුවෝ.ඉතින් ඒ යාලුකම නැදෑ කමකට පෙරලෙනවා දකින්න මොන දෙමව්පියෝ ද අකමැති.ටේරා කියන්නෙත් ගොඩාක් ලස්සන ගෑණු ලමයෙක්.ඒ අතින් බැලුවම ජන්කුක්ට මේකට අකමැති වෙන්න සාධාරණ හේතුවක් නැති තරම්.ඒත් පොඩි කාලෙ ඉදන්ම එකට හැදුන වැඩුන ජන්කුක් ටේරා දෙන්න සහෝදර සහෝදරියෝ විදිහට මිස හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදිහට දකින්න ජන්කුක්ගේ හිත එකග වුනේ නෑ.ඒත් ඒකමද එකම හේතුව?

"අප්පා ඔයා මාව බලෙන් කසාද බන්දන්නද හදන්නේ ආ? පොඩි කාලෙ ඉදන්ම ඔයාල කියන විදිහට හැමදේම මම කලානේ.ඔයාලගෙ බිස්නස් වෙනුවෙන්මනේ මගේ මුලු ළමා කාලෙම විනාශ වුනේ.දැන් මගේ තරුණ ජිවිතේ වැදගත්ම දේ,මගේ කසාදෙත් ඔයාලගෙ බිස්නස් නිසා නැති කරල දාන්නද හදන්නෙ? කියන්න!!"

"ජන්කුක් කට වහගන්නවා.තමුන් කතා කරන්නෙ තමුන්ගේ අප්පාටයි,ඔම්මටයි.සද්දේ අඩු කරගන්නවා.මේක අපේ කම්පැනි එකට ලොකු වාසියක්.තමුසේ බදින්නෙ ටේරවම විතරයි.ඒක ආයෙ වෙනස් වෙන්නෙ නෑ."

ජන්කුක් කවදාවත් නැතුව කදුලු පෙරාගෙන කාමරයට ගියත් ජන්කුක්ගේ ඔම්මාටයි,අප්පාටයි ඒ කිසි දෙයක් ගානක් ගියේ නෑ.බිස්නස්!!! බිස්නස්!!! ජන්කුක් මේ ලෝකෙ වැඩිපුරම වෛර කරන වචනේ.එයාගෙ ළමා කාලෙ නැති කරපු වචනේ.දැන් එයාගේ තරුණ ජීවිතයත් අලුත් විදිහකින් ඒත් ඒ වචනේ නිසාම නැති වෙන්න යනවා.එයා දැක්කේ එයාගෙ ඇඳ උඩ වාඩිවෙලා ඉන්න තමන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන කෙනා.

"නූනා............!!"

"ජන්කූ"

"නූනා ඇයි එයාල මාව පාවිච්චි කරන්නෙ නූනා.මං කාටවත් විකිනෙන්න ඕනිද නූනා.ටේරා මගේ නංගි වගේ.මං කොහොමද එයා බඳින්නේ?"

ජන්කුක් එයාගේ නූනා එහෙම නැත්තම් ජියෝන් ලීසාගේ ඔඩොක්කුවෙන් මූණ හංගගෙන අඩන්න ගත්තේ පොඩි එකෙක් වගේ.

"ශ්ශ්ශ්.......ජන්කූ.මේ බලන්නකෝ"

ලීසා කිව්වෙ ජන්කුක්ගේ මූන එයාගෙ අත් අතරට ගන්න ගමන්.

"මගේ හා පැටියට කවදාවත් මම එහෙම වෙන්න දෙන්නෙ නෑ.ඔව් මං එයාලගෙ බිස්නස් නිසා මගේ මුලු ජීවීතේම ආපායක් කර ගත්තා.ඒත් මගේ මල්ලිට එහෙම වෙන්න දෙන්නෙ නෑ.මගේ ජන්කූට නූනාව විශ්වාසයී නේද ම්ම්ම්?"

"මටත් වඩා නුනා."

"ම්ම්ම් ඒකනේ.කෝ කෝ ලොකු කොල්ලො අඩන්නෙ නෑ ආපෝ."

"දැන් වොශ් දාගෙන කාල එන්න.මං කාල ඉන්නෙ."

"හරි නූනා.සරන්හේ"

"නදු සරන්හේ ජන්කු"

After a week

සතියක කාලයක් ගෙවිලා ගියේ කිසිම වෙනසක් නැතුව.එදා සිද්ධියෙන් පස්සෙ ජන්කුක් වැඩිය ටේට කරදර කරන්න ගියේ නෑ.මොකද ජන්කුක් හිටියෙත් හොදින් නෙමේ.ජන්කුක් ට වුනේ මොකක්ද කියල දැන ගන්න එයාගේ යාලුවෝ සෙට් එකට සෑහෙන්න මහන්සි ගන්න වුනා.ජන්කුක්ගෙන් ඒ ගැන හැමවෙලේම එයා කලේ කෑ ගහගෙන බනින එක විතරයි.ගෙදරින් ආපු wedding proposal එක ගැන එයාල දැන්ගත්තේ ලීසාගෙන්.ජන්කුක් ලාගෙ කරදරයත් අඩු නිසා ටේ සූපුරුදු විදිහට සතුටින්ම කොලේජ් එන්න ගත්තා.එකපාර ජන්කුක් වෙනස් වුනා එක ටේටත් ප්‍රශ්නයක් වුනත් එයා ඒ ගැන හොයන්න ගියේ නෑ.ඒත් ටේ දැනන් හිටියේ නෑ මේ වෙනකොට වෙන කෙනෙක්ගෙ බැල්මක් එයාට වැටිල කියල.

සුපුරුදු පරිදි ටේ අදත් කොලේජ් එකට ආවත් එයාගෙ චිමී හිටියේ නෑ.සතියකට එයා එන්නෙ නෑ.මොකද චිමීට එයාගෙ ඔම්මලා එක්ක ගමනක් යන්න වුන නිසා.
අද ඒ වෙනුවට ගේට් එක ගාව හිටියේ වෙන කෙනෙක්.තමන්ගේ ගොදුර එනකම් බලන් ඉන්න කපටි නරියෙක්.ඒ බෝගම්,පාර්ක් බෝගම්.ජන්කුක්ලාගෙම වයසේ ටිකක් අමුතු චරිතයක්.ඒ වගේම Playboy කෙනෙක්.
(සොරි බෝගමී.තරහ වෙන්න එපා කොල්ලො.මොනා වුනත් ඔයා තමා බෙස්ට්ම.😄♥️)

"Hello Good Morning Little Prince."

____________________________________
Hey Roses 🥀,
සමාවෙන්න ගොඩක් පරක්කු උනා.ඩේට නැතුව හිටියේ.Sorry අද පාට් එක ගොඩාක් පොඩියි.ඊලග එක ඉක්මනට වගේම දිගට දෙන්නම්.ගොඩාක් Thank you comments වලට.

Happy Birthday Park Bo Gum 🎉️💕

Then bye 💜️
Will meet you with  next chapter 🍃🍷
Saranghaeo ♥️
Stay safe 🥀

Dreamy Meg 🌈️

Unexpected Love 🥀 (Taekook) COMPLETED Where stories live. Discover now