Chapter 02

497 79 10
                                    

අද මම අලුත් ඉස්කෝලෙට යන පලවෙනි දවස.. උදේම ඇහැරුන මම ඉක්මනට ලෑස්ති වුනා.. අපේ ගෙදර ඉදන් මගේ අලුත් ඉස්කෝලෙට පැයක දුර.. ඉතිං උදේ 6.00ට ගෙදරින් පිටත් වුනේ අම්මයි තාත්තයි මල්ලි එක්ක අපේ වාහනෙන්...

මගෙ අලුත් ඉස්කෝලෙ ගොඩක් ලස්සනයි.. ඉස්කෝලෙ තිබ්බෙ ඉස්සරහම ලස්සන සුදු පාට ලොකු බුදු පිළිමයක්.. ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුළට ගියාම රත්තරං පාට ගාපු හාමුදුරුවෝ නමකගෙ තවත් පිළිමයක් තිබ්බා.. ගේට්ටුවෙන් ඇතුලට යන හැම ළමයම, හැම ගරුවරයම බුදු පිළිමෙට වගේම ඉස්කෝලෙ ඇතුලෙ තිබ්බ පිළිමෙටත් දෑත් එකතු කරලා වඳින හැටි මං හොඳට දැක්කා.. මටත් වඳින්න ඕනිකම තිබ්බත් මං හරි හැටි විස්තරයක් නොදන්න නිසා බුදු පිළිමෙට විතරක් වැඳල ඉස්කෝලෙ ඇතුළට ආවා.. තාත්තා මල්ලි එක්ක වාහනේ නතර වෙද්දි අම්මා මාත් එක්ක ඉස්කෝලෙ ඇතුළටම ඇවිද ගෙන ගියා..  ඉස්කෝලෙ ඇතුලෙ එක පැත්තක කාපට් කරලා හදලා තිබ්බ පාරක් දිගේ ලස්සනට සරසලා තියෙන හැටිත් ඒ තැනින් තැන තද රතු පාට කෝට් (බ්ලේසර්) ඇඳලා, ලොකු බැජ් එකක් ගහගෙන හිටපු ආඩම්බරකාර අක්කාලත් මං දැක්කා.. ඒ එක අක්කා කෙනෙක් අපිට ලොකු දොරක් තියෙන ගොඩනැගිල්ලක් පෙන්නලා ඒක ඇතුළට යන්න කියද්දි මම අම්මගෙ අතේම එල්ලිලා ඒ ගොඩනැගිල්ල ඇතුලට ගියා..

"වාහ්... අම්මා.. මේ මොකක්ද මේ..??"

සාමාන්‍යයෙන් සම්පූර්ණ හිස් ගොඩනැගිල්ලක් වුන ඒකෙ වහලෙ තිබ්බෙ ගොඩාක් උඩින්.. ඒත් අද දවසට නම් පුටු දාලා තිබ්බ නිසා ⁣ගොඩනැගිල්ලෙ හිස් බවක් පෙනුනෙ නෑ...එක පැත්තකින් පඩිපෙල් ටිකකුත් ඒ පඩිපෙලේ උඩින්ම ගුරුවරුන්ට වාඩි වෙන්න හදපු පුටුත්, මැද්දෙන් ලස්සනට සරසපු මයික් එකකුත් තිබ්බා..

"⁣පුතේ මේකට කියන්නේ ස්ටේඩියම් එකක් කියල..."

"ස්ටේඩියම්? ඒ මොකක්ද??"

"ස්ටේඩියම් එකක් කියන්නේ ගෘහස්ථ ක්‍රීඩාංගනයකට.. මේකෙ ඇතුලෙ වොලිබෝල්, නෙට්බොල් වගේ සෙල්ලම් කරන්න පුළුවන්.."

"හරියට අර ටිවී එකේ පෙන්නනවා වගේ?? අර අයියලා අක්කලා සෙල්ලම් කරනවා පෙන්නන්නෙ? එහෙම එකක් ද අම්මේ??"

I'M SORRY | GL ✔Opowieści tętniące życiem. Odkryj je teraz