Chapter 04

388 60 21
                                    

දින සති මාස ගෙවිලා යද්දි මට එයාව නිතරම වගේ හම්බුනා.. ඒකත් සැරියේ දි විතරයි.. තවමත් කතා කරලා නැතත් අපි අපි ගැන අවදානෙන් හිටියා.. එයා නැතත් විශේෂයෙන් මම.. එයා මං දිහා බලන හැම වෙලාවෙම මං අහක බලාගත්තේ ඒ ඇස් මගාරින්නත්, ඒ වෙලාවෙ ඇති වෙන ලැජ්ජාව නැති කර ගන්නත් එක්ක.. ඇයි කියන්න මම දන්නෙ නෑ.. එයා මං දිහා බලද්දි හරිම අපහසුවක් මගෙ හිතට දැනුනා.. කාලය ගෙවිලා යද්දි රිෂිනි වගේම මිංදුත් එයා ගැන දැන ගත්තා.. ඒ දෙන්නමයි එයාගෙ නම හොයා ගත්තේ...

එයා ගැන කියනවා නම්, එයාගෙ නම නිෂාධි.. ඒත් එයාගෙ යාළුවෝ කියන්නේ නිෂූ කියලා.. ඉතිං අපිත් පාවිච්චි කලේ නිෂූ කියන නමම තමයි.. මං හිතුවා වගේ ම එයා අක්කා කෙනෙක්.. මොකද එයා උදේට බස් එකෙන් බැහැලා යන්නේ ඉස්කෝලෙ ඒලෙවල් මැත්ස් ක්ලාස් තියෙන පැත්තට.. හරියටම කිව්වොත් එයා ඉන්නෙ 12 පන්තියේ..

සැරියෙ දි අපිට අපේ වයස අපිටම හරියන තවත් කට්ටටයක් සෙට් වුනා.. ඒ සෙට් එකත් නිෂූට පැනි හලන සෙට් එකක් කිව්වොත් හරි.. හැබැයි එයාලා මට වඩා නම් ගොඩක් දියුණුයි.. මොකද දැනටමත් එයාලා නිෂූ අක්කාත් එක්ක කතා කරන්න පටන් අරන්.. අපි තුන් දෙනත් එයාලටම සෙට් වුනේ නිෂූ එක්ක කතා කරන්න.. රිෂිනි මිංදු දෙන්නටත් නිෂූ එක්ක කතා කරන්න ආසාවක් තිබ්බා.. එ දෙන්නත් නිෂූට කැමති ද? මං දන්නෙ නෑ..

2012 දී නිෂූ ඉස්කෝලෙ ගොඩක් ප්‍රසිද්ධ චරිතයක්.. එයා අපේ ඉස්කෝලෙ ස්පෝට්ස් වයිස් කැප්ටන් වගේම, එයාගෙ හවුස් එකෙත් කැප්ටන්.. මං හිටියෙ නම් වෙන හවුස් එකක.. අපේ ඉස්කෝලෙ නිෂූට කැමති ගොඩක් අය එයාලගෙ හවුස් එක දාලා නිෂූගෙ හවුස් එකට පවා ආවා.. මං මුලින් ඒ දේට අකමැති වුනත් මාත් අන්තිමේදි මගෙ හවුස් එක අතෑරලා නිෂූගෙ හවුස් එකට ගියා.. මොන විලි ලැජ්ජා නැති වැඩක් ද ඒ...!? මං එයාට එච්චරටම බැඳිලා ද??

කාලයක් යද්දි රිෂිනි මිංදු දෙන්නා නම් නිෂූ එක්ක හරි හරියට කතා කලා.. මං නම් කතා කරන්න ගියේ නෑ.. මට ලැජ්ජයි..

"රිෂිනි.. ඔයාගෙ යාළුවාට කතා කරන්න බැරි ද?"

අපි හිටියෙ සැරියේ.. එයා ඉන්නෙ ගොඩක් දුර නිසා අපි හැමවෙලාවෙම එයාට ෂීට් එක දුන්නා.. එයාට වඩා දුර ඉන්න අය ඉන්නවා.. ඒත් අපිට එයාව විශේෂයි නේ..

I'M SORRY | GL ✔Where stories live. Discover now