Chapter 03

440 74 38
                                    

A/N : "Italic" < මේ විදිහට ලියල තියෙන්නේ සිනෙල්යා, එහෙමත් නැත්තම් අපේ කතා නායිකාව හිතින් හිතන ඒවා..

____________________________________________________________

කාලයත් එක්ක අපි තුන් දෙනා හොඳම යාළුවො වුනා.. අවුරුදු දෙකක්ම අපි එකට හිටියත් අපේ තුන් වෙනි අවුරුද්දේ එහෙමත් නැත්තම් අපි 8 වසරේදී අපිට වෙන් වෙන්න සිද්ද වුනා.. මොකද අවුරුද්දෙන් අවුරුද්ද අපේ ඉස්කෝලෙ පන්ති වල ළමයි වෙන වෙනම කඩලා අලුත් පන්ති වලට දාන නිසා.. වාසනාවකට 7 වසරේ දී නම් අපි වැටුනෙ එකට වුනාට 8 දී අපි තුන් දෙනා පන්ති තුනකට වැටුනා.. අපි තුන්දෙනාගෙ ගෙවල් එකම පැත්තෙ තිබ්බත් අපි ගියේ ගෙවල් ළඟටම එන ස්කූල් වෑන් වල නිසා අපිට හම්බෙන්නවත් වුනේ නෑ..

8 වසරේ ඉදපු අවුරුද්ද මං ගෙව්වෙ හරිම අමාරුවෙන්.. මොකද අලුතෙන් යාළුවො හම්බුනත්, රිෂිනි මිංදු තරම් මගෙ හිත දිනා ගත්ත යාළුවො 8 පන්තියේ දී හම්බුනෙ නැති නිසා.. 8 වසරත් අර පිස්සො දෙන්න නැතුව ගොඩක් ඉක්මනට ගෙවිලා ගියා..

9 වසරෙදී අපි තුන්දෙනාම ආයෙත් එකම පන්තියට වැටුනා.. දෛවය හරිම පුදුමාකාරයි.. අපි ඒ අවුරුද්දේ තනිකරම නැටුවෙ පිස්සු.. එකට ඉන්න බැරි වුන අවුරුද්ද අපි 9 වසරෙදි පියව ගත්තා.. මුළු ඉස්කෝලෙන්ම අපි තුන්දෙනා තරම් දඟ මළු වෙන කොහෙවත් නැතුව ඇති.. අපි අනන්තවත් එක එක පිස්සු වැඩ කරලා බැනුම ඇහුවා ගුටිකෑවා.. ඒත් ඒවා හරි ජොලි වැඩ.. ඒවා නරක වැඩ නෙවෙයි.. දැන් අපේ භාෂාවෙන් කිව්වොත් ඒවා තනිකරම සිඟිති ආතල්..

කොහොම හරි අපි තුන්දෙනාගෙ මේ බැඳීම ඒ පිස්සු වැඩත් එක්ක තවත් ශක්තිමත් වුනා. 9 වසරෙ කියන්නේ අපි ටිකක්.. නෑ සාමාන්‍යයෙන් ලොකු ළමයි.. ඉතිං අපේ අම්මලා තාත්තලා කතා වෙලා අපි දෙන්නව ස්කුල් වෑන් වලින් අයින් කරලා ස්කූල් බස් එකට දැම්මා..

අපේ ඉස්කෝලෙට ගොඩක් දුර ඉදන් ළමයි එන නිසා ස්කූල් වෑන් බස් ගොඩක් ආවා.. ඒ අතරින් රජයෙන් දාපු එක එක පැති වලට යන බස් කීපයකුත් තිබුනා.. අපි ඒවට කිව්වේ 'සිසු සැරි ' කියලා මම, රිෂිනි, මිංදු එකම පැත්තෙ නිසා අපේ අම්මලා අපිව සිසු සැරියට දැම්මා. මොකද ස්කූල් වෑන් වලට ඒකාලෙ ගත්තා රු. 2500 ක් වගේ ලොකු ගානක්.. ඒත් සැරියෙ නම් එහෙම නෑ.. ඒ කාලෙ සිසු සැරිය අපෙන් ගත්තේ රු. 30 යි..

I'M SORRY | GL ✔Where stories live. Discover now