Chapter 01

758 85 7
                                    

" ඔයා දැන් ඇවිල්ලද ඉන්නේ ....ඔතනම ඉන්න මං ඉක්මනට එන්නම් ලග ඉන්නේ"
කෝල් එක කට් කරලා ෆොන් එක එහා පැත්තේ සීට් එකට විසි කරන ගමන් කාර් එකේ වේගෙ තව ටිකක් වැඩි කරපු කොල්ලා සිංදුවකුත් දාගෙන ඉස්කෝලෙට ගියා
කාර් පාර්ක් එකේ කාර් එක නවත්තලා කරලා කාර් එකෙන් බහිනකොටම කොල්ලා දැක්කේ දුර ඉදන් දුවගෙන එන එයාගේ හොදම යාලුවා නේහා

" ඊලග දවසෙවත් ටිකක් කලින් එනවා "
හති දානගමන් තමන් දිහාට අතකුත් දික් කරන් බනින තමන්ගේ හොදම යාලුවා දිහා කොල්ලා බලන් හිටියේ හිනාවෙලා

හැමදාම වෙන්නේ ඕකම තමයි , කොල්ල පරක්කු වෙනවා කෙල්ල කෑගහනවා ....ඒක දිහා බලන් කොල්ලා හිනාවෙනවා

" ඊලග දවසේ ඔයත් පරක්කු වෙලාම එන්න එතකොට අවුලක් නෑනේ "
කොල්ලා එහෙම කියන ගමන් නෙහා ලගට ඇවිදන් ගියා

" හැමදාම එකම දේ කියලා බේරෙන්න හදන්න එපා ජියෝන් ජන්ග්කුක් ...."
නේහා බෙල්ල ලගින් අත තියලා කොල්ලට මරන තර්ජනයක් කරා

" හරි හරි පස්සේ මිනිමැරුමක් කරමු දැන් යන් "
නේහාගේ කරටත් අතක් දාගන්න ගමන් ජන්ග්කුක් පන්තියට ගියා

ජන්ග් නේහා සල්ලිකාර පවුලක කෙල්ලෙක් උනත් ඉස්කෝලේ කිසිම කෙනෙක් ඒ ගැන දැනගෙන හිටියෙ නැ... කෙල්ලට ඒ ගැන අනිත් අයට කියන්න ඕනි උනෙත් නෑ , හැබැයි ඉතින් කෙල්ලගෙ හොදම යාලුවා උනු ජන්ග්කුක් නම් ඒක දන්නවා
ඒ වගේම කෙල්ල රවුම් කන්නාඩි දෙකක් දාගෙන ඉන්නේ ...... කෙල්ල ඇත්තටම කියුට්
එතකොට ජියෝන් ජන්ග්කුක් කියන්නෙත් සල්ලිකාර පවුලක කොල්ලෙක් ... කොල්ලා playboy කෙනෙක් ඒ වගේම highschool එකේ ඉන්න හැන්ඩ්සම්ම කොල්ලා , කොච්චර කෙල්ලෝ එක්ක ඩේට් කරලා තිබුනා උනත් ජන්ග්කුක් කවදාවත් නේහා එක්ක නම් ඩේට් කරලා නැ.... දෙන්නගෙම දෙමාපියෝ බිස්නස්මන් ලා නිසා , නේහයි ජන්ග්කුක් දෙන්නා පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවෝ  උනා

ඔම්මලා අප්පලා බිස්නස් නිසා බිසී වුනත් ජන්ග්කුක් නේහා දෙන්නා ගැන හොයලා බලන්න එයාලා අමතක කරේ නැහැ  ...
මොනවා උනත් නේහා ජන්ග්කුකුගේ playboy ටයිප් එකටනම් කැමත්තක් තිබුනෙම නෑ

IS IT OK 🥀(Completed) Where stories live. Discover now