Chapter 13

339 60 4
                                    

ඉස්කෝලේ අවසාන විභාගේ ඉවර වෙලා සතියක් වගේ ගිහින් තිබුනා වගේම මේ කාලේ ඇතුලත නේහට වගේම ජන්ග්කුක්ටත් මීරව මුන නොගැහුනු තරම්

ජන්ග්කුක් වෙනදා වගේම නේහත් එක්ක කතා කරලා හ්‍යුන්ග්ලා එක්ක හිනාවෙලා සතුටින් හිටියට අදුරු අතීතය තාමත් කොල්ලගේ හිතේ පසුතැවීමක් ඉතුරු කරලා තිබුනේ , හැමදාම රෑට සිහි නැතිවෙනකල්ම බොන එක කොල්ලට පුරුද්දට ගිහින්
......ජන්ග්කුක්ගේ මේ හැසිරීම නිසා කොල්ලෝ ටික හිටියේ ගොඩක් තරහින්
සේහි ජින් දෙන්නා එයාලගේ ගෙදරට ගියේ ජීහු බබත් එක්ක මැන්ශන් එකේ ඉන්න ටිකක් අමාරු නිසා
ඒ වගේම වැඩ නිසා බිසී වුනු අනිත් කොල්ලෝ ටිකත් හිටියේ තම තමන්ගෙ ගෙවල් වල අපාර්ට්මන්ට්වලම හිටියා ,

________________________

ඩිං ඩොං

ජන්ග්කුක්ගේ ඔම්මයි අප්පයිත් අද ගෙදර නිසා කට්ටිය ටිකක් කතාකර කර ඉද්දි ඇහුන ගෙදර බෙල් එක නාද වෙන සද්දෙට mrs.jeon ගිහින් දොර ඇරියා

" නේහා "
Mrs.jeon හිනාවෙලාම දොර ඇරියේ පුදුමෙන් එලියේ ඉන්න කෙල්ලට කතා කරන ගමන්

" ඔම්මා , ගොඩ කාලෙකින් දැක්කේ "
දොරෙන් එලියේ හිටපු කෙල්ල mrs. Jeonව බදාගන්න ගමන් කියද්දි mrs .jeonනුත් පෙරලා එයාව බදාගත්තා

නේහා පොඩි කාලේ ඉදන්ම කොල්ලෝ ටිකගේ ඔම්මලාට අප්පලාට තමන්ගේම අයට වගේ ඔම්මා අප්පා කියන්න පුරුදු වෙලා හිටියා , අනිත් කොල්ලෝ ටිකත් එහෙමම තමයි

" අනේ කොච්චර කාලෙකින්ද දරුවෝ ඇත්තටම , මාස 6කින් වගේනේ ...කෝ එන්න ඇතුලට යමු "
Mrs. Jeon එක්ක ඇතුලට ගියපු කෙල්ල දැක්කේ mr.jeon වගේම ජන්ග්කුක්ව දුවගෙන ගිහින් කෙල්ල mr. Jeonවත් බදාගත්තා

" නේහා  , කොහොමද ඉතින් "

" හොදින් ඉන්නවා අප්පා , අප්පත් හොදින් ඉන්නවා නේද "

" හොදින් ඉන්නවා දුව ,කොහෙද ඉතින් බිස්නස් වැඩත් එක්ක ඔයාලව  බලන්නවත් එන්න වෙලාවක් තිබුනේ නෑනේ "

" ඒකට කමක් නෑ අප්පා අපි හැමෝම ඉන්න දවසක පාර්ටියක් දාමුකෝ නේද ජන්ග්කුකා "
නේහා එහෙම කියද්දි කොල්ලත් හිනාවීගෙනම ඔලුව වැනුවේ ඔව් කියන්න වගේ

IS IT OK 🥀(Completed) Where stories live. Discover now