Chapter 11

329 64 4
                                    

"නේහා ඔයා අර announcement එක දැක්කද ......."
ලෙක්චර්ස් ඉවර වෙලා තමන්ගේ සුපුරුදු බෙන්ච් එක ලගට යන ගමන් ඉන්න කෙල්ලගෙන් සූහෝ එහෙම ඇහුවේ ටිකක් බලාපොරොත්තු සහිතව

" මොකක්ද?? "

"ඒක දැක්කේ නෑ කියලා නම් කියන්න එපා දැන් "

" ඉතින් මං දැක්කේ නෑ "
නේහා එහෙම කියනවත් එක්කම කෙල්ලගේ අතින් ඇදගෙනම සූහෝ ගියෙ announcement දාන බෝර්ඩ් එක ලගට

" badge party "
කෙල්ලගේ පුදුමෙන් වගේ එහෙම කිව්වේ කෙල්ල කැමතිම දේවල් ගොඩේ මේ බැජ් පාටියත් තියෙන නිසා
ඒත් කෙල්ලට ඕනි උනේ මේකට ජන්ග්කුක් එක්කම යන්න,ඒත් මීරා නිසා කෙල්ලට ඒක කරන්න පුලුවන් කමක් නෑ.......හිනාවෙවී හිටපු කෙල්ලගේ මූන එකපාරටම අදුරු වුනේ ඒක මතක් වුනු නිසා

" වාහ් ඔප්පා මේ බලන්න බැජ් පාටිය "
ඒක දිහා අවධානේ දීලා හිටපු කෙල්ල එකපාරටම ගැස්සිලා ගියේ ලගින් ආපු කටහඩට
එතන හිටියේ මීර වගේම ජන්ග්කුක්

" ඉතින් ඔප්පා ඔයානේද මගේ පාට්නර් "

" ඔව් අනිවාරෙන්ම "

ජන්ග්කුක් මීරට බනී හිනාවක් දාගෙනම කිව්වේ නේහා ඒ දිහා දුකින් බලාගෙන ඉන්නකොට
ඇත්තටම ජන්ග්කුක් දැක්කේ නෑ නේහා එතන ඉන්න බව

කෙල්ල බලාපොරොත්තු උනා කවදහරි දවසක කොල්ලා කෙල්ලගෙන් බැජ් පාටියට ask out කරයි කියලා , ඒත් අන්තිමට ඒ හීන හැම එකක්ම කකුල් දෙක මුලට කඩාගෙන වැටුනේ නොහිතුව විදිහට

" නේහා ඉතින් ඔයා මගේ partner වෙනවද"
සූහො එහෙම අහනවත් එක්කම කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් බැලුවේ පුදුමෙන් වගේ ,ඒත් වෙනකෙනෙක් එක්ක යනවට වඩා සුහො එක්ක යන එක හොදයි කියලා හිතුනු නිසා කෙල්ල ඒකට කැමති වුනා

AT PARTY

පාට පාට ලයිට් නිසා ආලෝකමත් වෙලා තිබුන හෝල් එකේ තැන් තැන්වල කන්ඩායම් විදිහට එකතු වෙලා ලමයි කතා කර කර හිටියේ ගොඩක් සතුටින්
ලස්සන සංගීතයත් එක්ක මෙතන තිබුනේ හිතාගන්න බැරි තරම් ලස්සනක්
Grand hotel එකක් වුනු මේ තැන දකින ඕනි කෙනෙක් වශී වෙන එකනම් සුවර්

අයිනේ තිබුනු මේසෙක වාඩිවෙලා හිටපු ජන්ග්කුක් වයින් එකක් තොලගාන ගමන් තමන්ගේ අවධානේ දීලා තිබුනේ මීරා දිහාට ....
කෙල්ල අද ලස්සනයි , ගොඩක්
ජන්ග්කුක්ට කෙල්ලව උස්සන් යන්න නොහිතුනාමත් නෙවෙයි

IS IT OK 🥀(Completed) Donde viven las historias. Descúbrelo ahora