මන්දාරම් හැන්දෑව 02

288 39 20
                                    

මන්දාරම් හැන්දෑව

දෙවන දිගහැරුම

දින ගෙවී ගොස්,පාසැල් ආරම්භ වන දවසද උදා විය.මා උදෑසනම ලෑස්ති වී කලින් දින රෑ සකසා ගත් පොත් බෑගයට අම්මා බැඳ දුන් බත් මුල හා වතුර බෝතලය දමා ගතිමි.උදෑසනම නැගිටින එක මදක් කම්මැලි වුවද,එයින් පලායෑමට නොහැකි බව මා දනිමි.

" පුතා කෑම කාලා යන්න,කෝ එන්න මං කවන්නම් "

" හා අම්මේ "

බොහෝ කලාතුරකින් මා විසින්ම ඉස්කෝලෙ යනවිට උදේ කෑම ගත් අතර,අනෙක් සෑම දවසකම අම්මා කෑම කැවුවාය.අම්මාට අප කොතරම් උස් මහත් වුවද තවමත් අප ඇගේ කුඩා දරුවන් ලෙස පෙනීම මව් සෙනෙහසේ ම එක් කොටසක් විය.කෑම කා අවසන් වූ පසු අම්මා දුන් වතුර වීදුරුවද බී අම්මාට වැඳ,බෑගයද රැගෙන පාරට ගියෙමි.වෙනදා මෙන් නොව පාසැල් ලමුන් නිසා උදෑසන පාර පිරී ගොස් ඇත.හංදියේ වූ බස් නැවතුම්පොළ අසළ වූ ජෑම් ගහ යට බංකුවේ වාඩි වූ මම බසයක් එනතුරු මග බලා උන්නෙමි.මද වේලාවකින් පාසැල් ලමුන්ගෙන්ම පිරී ගොස් තිබූ බසයක් පැමිණි අතර මා බසයට නැග හිස් ව තිබූ අසුනක ජනේලය අසලින් වාඩි වී බෑගය ඔඩොක්කුවේ තබා ගෙන ජනේලයෙන් ඉවත වූ වටපිටාව දෙස බලමින් ගියෙමි.මීදුම් අතරින් ඈත වටපිටාව පැහැදිලිව දැකගැනීමට නොහැකි වුවද මී දුම හා බැඳුනු උදෑසන පරිසරය වෙනස්ම ආකාරයක සුන්දරත්වයකට හිමිකම් කියන්නට විය.පාසල ලඟ වූ බස් නැවතුම් පොළේදී මුලු බස් රථයෙන් භාගයකටත් වඩා හිස් වූයේ එහි වැඩි පිරිසක් සිටියේ පාසල් ලමුන් නිසාවෙනි.නිවසේ සිට 10 km පමණ දුරකින් පාසල පිහිටා තිබූ අතර,වැඩි දුරක් නොවීය..

මා යන විටත් ලමයි බොහෝ දෙනෙක් පැමිණ තිබූ අතර,අප පංතියේනම් ලමුන් දෙක කිහිපදෙනෙක් පමණක් පැමිණ තිබුණි.පාසැල ආරම්භ වීමට ආසන්න වූ විට මුලු පාසල් භූමියම ලමුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් පිරී යන්නට විය.උදෑසන රැස්වීමෙන් අනතුරුව අප සියලු දෙනා නැවත අපගේ පංති කරා පියනගන්නට වීමු.

"Good morning සෙහස් "

"Good morning ආමන්දි, "

" කවුද දන්නෑ නේද අපිට physics කරන්නෙ දැන්.."

මන්දාරම් හැන්දෑවWhere stories live. Discover now