මන්දාරම් හැන්දෑව
පස්වන දිගහැරුම
මා නිවසට පැමිණීමෙන් පසුව කල්පනා කලේ හවස සිදුවූ සිදුවීම ගැනය.ඒ මොහොතේ මට කුමක් වූවාද,කුමක් නිසා එසේ හැසිරුණිද කියා මට වටහාගත නොහැක.සඳරැස් සර් හැසිරුණු ආකාරයද මට ඉමහත් ප්‍රහේලිකාවකි.නමුත් මා ඒ මොහොතේ සිත නතරකර කල්පනා කරමින් ඒ මොහොත නැවත නැවත විඳින්නට වූයේ මගේ සිතේ තිබූ ලොකුම බලාපොරොත්තුවක් ඉටු වූවාමෙනි.රාත්‍රී කෑම ගැනීමෙන් පසුව මා කාමරයට ගොස් මදක් පාඩම් කිරීමෙන් අනතුරුව පාසැල් යාමට නිල ඇදුමද,බෑගයද සූදානම් කොට සපත්තු දෙක පිරිසිදු කර කාමරයේ පසෙකින් තබා නින්දට ගියෙමි.....
" පුතා අන්න සර් හෝන් කරනවා "
" හරි අම්මේ...මේ එනවා.අම්මේ එහෙනම් මම යන්නම් "
"බුදු සරණයි පුතේ "
මා අම්මාටද වැඳ පොත් බෑගයත් රැගෙන වැට කඩුල්ල වෙත දිව්වෙමි.සඳරැස් සර් යතුරු පැදියට වී මා එනතුරු එහි රැඳී සිටියේය...
" ගුඩ් මෝනිම් සර් "
" ගුඩ් මෝනිම් සෙහස්.ආ හෙල්මට් එක දාගන්න.ඒකරලා හයියෙන් අල්ලගන්න "
මා සර් ගෙනැවිත් තිබුණු හිස්වැසුමත් පැළද යතුරු පැදියට නැඟ එහි පිටුපසින් අල්ලා ගතිමි..
" කෝ අල්ලගන්න "
"හරි සර් මං අල්ලගෙන ඉන්නෙ "
" මගෙන් අල්ලගන්න ලමයෝ.ඔහොම අල්ලගෙන වැටෙයි..."
සර් මගෙ දෑත් රැගෙන ඔහුගේ බඳ වටා යොමා මා ඔහුට ලං කරගත්තේය.මා හට හිතේ යම්කිසි ලැජ්ජාශීලී බවක් හා බියක් ඇතිවු අතර හදවත වේග රිද්ම තනුවක් වයන්නට විය.උදෑසන මීදුම අතරින් හමා ආ සිසිල් සුළඟ නිසා මදක් දුර යනවිට මාගෙ දත් "ටිකි ටිකි" හඬ නඟමින් එකට ඇතිල්ලෙන්නට පටන් ගත් අතර වෙව්ලන හඬ ඇසුණු නිසාවෙන් දෝ සර් යතුරුපැදිය මාර්ගයේ පසෙකට වන්නට නතර කළේය...
"සෙහස් වෙව්ලනවනෙ "
" උදේ නිසා සර්...කමක් නෑ අපි යමු "
" ඔහොම ඉන්නකො.ඔයා මේක දාගන්න "
සර් ඔහුගේ කබාය ගෙන මා හට එය පැලඳු අතර ඔහු මෙලෙස මා ගැන සොයාබලන්නෙ මන්දැයි මගේ සිත මාගෙන් ප්‍රශ්න කරන්නට විණි...
YOU ARE READING
මන්දාරම් හැන්දෑව
Romanceරෑ අහස වූ නුඹට හැකි ලෙසින් එළිය ගෙනන තනි තරුවක් වෙන්නම් මා අමාවක දවසෙත් නොසෙල්වී නුඹ අසලින් හිඳින්නම් මියෙන තුරාවටම සිනාවක් වී නුඹගේ මුවගේ....❤️🥀