මන්දාරම් හැන්දෑව 03

170 23 24
                                    

මන්දාරම් හැන්දෑව

තුන්වන දිගහැරුම

අද රාත්‍රී අහස හරිම පාලු ස්වභාවයක් ගෙන ඇත.අහසේ පේන තෙක් මානයකම තිබුණේ නිවි නිවී දිලෙන තාරකා පමණෙකි.සඳ අද අහස හැරදමා ගොස් ය.නමුත් හඳ නැවතත් අහස් කුස ආලෝකමත් කරන්නට පොරොන්දු පිට මෙලෙස විවේකයක් ගන්නට ඇත.ඒ නිසා වෙන්නට ඇති,අහස දිලෙන එකදු තරුවක් සමඟ හෝ හාදකම් නොපෑවේ.අහස දන්නවා වෙන්නට ඇති,තමා වටා තාරකාවන් ලක්ෂ ගණනින් දිලෙමින් තිබුණද ඒ සියල්ලටමවත් එකම එක සඳ දෙන ආලෝකය අහසට දිය නොහැකි බව..අපෙ ජීවිතෙත් එලෙසමයි.තාරකාවන් වැනි මිනිසුන් බොහෝ සිටියද අපි ආදරේ කරන්නෙ හදක් වගේ අපිට ආලෝකය දෙන අයටම පමණි..

අද අහසේ වෙනදා තිබූ හද නැති නිසා මා ඒ දසුන දෙස බලා කල්පනා ලෝකයකට වැටුණෙමි.සිසිල් සුළං රැළ් දසතින් හමාවිත් විවෘතව තිබු කවුළුවෙන් මාගෙ මුව සිපගෙන කාමරයට ඇතුළු වන්නට විය.හිරිගඩු පිපෙන්නට තරම් සීතලක් ඒ සමඟ මා හට දැනෙන්නට විය.නමුදු මා ඒ සීතලට ප්‍රිය කලෙමි.මන්ද මුලු ගතම කුල්මත් කරන්නට එයට හැකිවූ නිසාවෙනි.එකවරම හමා එන සුළං රැල් නිසා සෙලවෙන පඳුරු අතරහුන් කණාමැදිරියන් වේගයෙන් ඉහළට පියාසර කළේ ඔවුනටද ඈත වූ තරු කැටමෙන් අහසේ රැඳීමට කැමැත්තක් ඇතිවී ඇතිබවක් මවාපාමිනි.කල්පනා සාගරයක ගිලී කිමිදෙමින් සිටි මා හට එකවරම මතක් වූයේ සඳරැස් සර්ගෙ හිනාවයි.සිනාසෙන විට වලගැසුණු කම්මුල් දෙකක් හිමි ඔහුගේ හිනාවෙ අලංකාරය එයින් දෙගුණ තෙගුණ විය.සැබැවින්ම ඔහුනම් ඉටිරූපයක් මෙන් ලස්සන කඩවසම් අයෙකු විය.ඔහුගේ ලඟින් එන පිච්ච සුවද මුසු සුවඳ විලවුන් සුවද මට එක දවසින්ම හුරු පුරුදු විය.අද ඔහුත් සමඟ පැමිණෙන විට ඒ සුවඳ මට තදින්ම දැනුණි.ඔහු ගැන මෙලෙස සිතන්නෙ ඇයිද කියා මා නොදනිමි.නමුත් ඔහුව මතකයට නැගෙන සෑම මොහොතක් පාසාම මගෙ සිත සතුටින් පිරී ඉතිරී යන්නට විය...

පසුදා උදෑසන මා වේලාසනින්ම ලෑස්ති වී අම්මා බෙදා දුන් කෑම එක කන්නට වුනෙමි.සුදු කැකුලු හාලෙ බත් සමඟ අර්තාපල් අල තෙලට හා කොච්චි සම්බෝලත්,කරවල බැදුමකුත් සමඟ පපඩම් බැද තිබුණි.ඇත්තෙන්ම බඩ පැලෙන්න කන්න තරම් එය රසවත් විය.මා කෑම කා අවසන් වූ පසු අම්මා කෙසෙල් කොලයක බැඳ තිබූ කෑම පාර්සලය බෑගයට දමා ගතිමි.ඒත් සමඟම සඳරැස් සර්ගේ අයියා කාර් එක නවත්වා හෝන් කරන්නට වූ නිසා,මා අම්මාට වැඳ බෑගයද දමාගෙන ගේට්ටුව දෙසට දුවන්නට වුණි.

මන්දාරම් හැන්දෑවWhere stories live. Discover now