පලමු දිගහැරුම

1.4K 82 14
                                    

දැන් ඔයාල බලන් ඉන්නෙ මේ කාගෙ ආදර කතාවද කියලනෙ. මේ කතාව අයිති නෙතුම් චේතියට.නෙතුම් කියන්නෙ විශ්‍යවිද්‍යාලයේ තෙවන වසරේ ශිෂ්‍යයෙක්. අම්මයි තාත්තායි එක්ක හිටපු පවුලෙ නෙතුම් එකම ලමයා. හැබැයි  සහෝදරයෙක් කියන්න පුලුවන් හොදම යාලුවෙක් නම් එයාට හිටියා .ඒ තමයි ශෂික . පාසල් කාලෙ ඉදන් තිබුනු මේ බැදීම තවත් ශක්තිමත් කරමින් දෙන්නටම එකම කැම්පස් එකටම යන්න පුලුවන් වුනා. කැම්පස් ඉස්කෝලේ කියලා නෑ හැමදාම   වගේම මේ දෙන්න කලේ ආතල් එකේ හිටපු එක .

නෙතුම් කියන්නෙ අමුතු ලුක් එකක් තිබුන කොල්ලෙක්  . තලෙලු හම , හීන් ඇගත් එක්ක ඇගේ උස ඔහුට කඩවසම් බවක් එකතු කලා. ඒත් එයානම් පිලිගත්තෙ නෑ එයා ලස්සනයි කියල. ඒත් එයා ඒ පෙනුමට වෛර කලෙත් නෑ.කොහොම වුනත් මේ තලෙලු හම නිසා එයා පාසල් කාලේ ඉදන්ම වැඩිය කැපී පෙනුනේ නෑ . සමාජයේ ආකර්ශනයත් එයාට ලැබුනේ අඩුවෙන් . හැබැයි ඉතින් නෙතුම්ගේ යාලුවට නම් ඒ ආකර්ශනය අඩුවක් නැතුවම තිබුනා .ඒ දෙන්නටවත් තාම හිතාගන්න බෑ ඒකට හේතුව . මොකද ශෂික කියන්නෙත් නෙතුම් වගේම හැඩරුව තියෙන කෙනෙක් .

ඒත් නෙතුම්ට තිබුනා ඒලෙවල් කරන කාලේ ලසිත් කියලා අයියා කෙනෙක් එක්ක සම්බන්දයක් . හැබැයි ඒ සම්බන්දෙ තිබුනේ මාසයක් වගේ හරිම පොඩි කාලයක් . මන් මේකට ආදරයක් නොකිය සම්බන්දයක් කියන්නෙ ඇත්තටම එතන ආදරයක් තිබුනේ නැති නිසා .මේක ගැන දන්න එකම කෙනා ශෂික.කොහොම හරි මේ සම්බන්දෙ නවත්තන්නෙ නෙතුම්මයි . එයා එහෙම කරන්න හේතු ගොඩක් තිබුනා. ලසිත් අයියා කියන්නෙ නෙතුම්ගේ නෑදෑ කෙනෙක් නෑකමට එයා නෙතූගෙ අයියා වෙන්නෙ . ලසිත් පොඩි කාලෙ ඉදන්ම නෙතුම්ට කැමැත්තෙන් ඉදල එක දවසක් එයා ඒ ගැන නෙතූම්ට කියනවා . එදා නෙතුම් මේ යොජනාව ප්‍රතික්ෂේප කලත් පස්සෙ එයා හිතනවා එයත් ලසිත්ට ආදරයි කියලා . නෑදෑකම් සමාජය සේරම පැත්තකට කරලා ආදරේට ඉඩ දෙන්න නෙතුම් තීරනය කරනවා. ඒත් ඒක එයා හිතපු විදියටම වුනේ නෑ. පොඩි කාලෙ ඉදන් දැනගෙන හිටපු ලසිත් නෙවෙයි දැන් ඉන්නෙ කියලා නෙතූට තේරෙන්න ගත්තා. ලසිත්ගෙන් එයා බලාපොරොත්තු වුන ආදරේ එයාට ලැබුනේ නෑ. ලසිත් පුන පුනා එයාට ආදරෙයි කිවුවත් නෙතුම්ට ඔහුගෙන් ආදරයක් දැනුනේ නෑ. දහඅටවෙනි වියෙහි හිටපු නෙතුම්ට ලසිත් පෙනුනෙත් ඒ වයසේ වෙන ආදර කතාවල වගේම නිරුවතට පෙම් බදින කොල්ලෙක් විදියට විතරයි .එහෙම වෙන්න ලසිත්ගෙ හැසිරීම් බලපෑවා. මේ සම්බන්දෙන් නෙතුම්ට ලැබුනෙ නිදහස අහිමි වීමක් විතරයි . මොකද ලසිත් ට කිසිම වෙලාවක නෙතුම්ව තේරුම් ගන්න ඕනි වුනේ නෑ . එයාට ඕනී විදියට නෙතුම් ඉන්නයි එයාට ඕනි . දෙන්නෙක් අතර මේ වගේ සම්බන්දයක් තියෙනවනම් එකිනෙකාට එකිනෙකා ලග සැහැල්ලුවක් දැනෙන්න ඕනි . ඒත් ලසිත් ලගදි නෙතුම්ට ලැබුනේ හිසරදයක් විතරයි . මේ මාසෙ පුරාවටම මේ සම්බන්දෙ තිබුනේ දුරකතනයෙන් විතරයි .ඒ කාලෙ තුල ඔවුන්ට එකිනෙකා මුනගැන්න වුනේ නෑ.

ආදරයක් තිබුනා හෝ නැතා මේක තමයි නෙතුම්ගෙ ප්‍රථම ප්‍රේමය . ඒ හැමදේම අමතක කරලා මේ හිසරදයෙන් නිදහස් වෙන්න නෙතුම්ට ඕනි වුනා . තවත් විදවන්න එයාට බෑ . ඒ නිසා එයා තිරනයක් ගත්තා මේ සම්බන්දෙ නවත්තන්න. ඒ හැමදේම අමතක කරලා ආපහු ජීවිතේ විදින්න එයා පටන් ගත්තා.නෙතූ සම්බන්දෙ ඉවරයි කියල කියපු වෙලාවෙ "හරි ඔහොම යන්කො" අවසන් වරට ලසිත් කියපු මේ වචන ටිකට නෙතුම්ගෙ හිත ගැස්සුනත් එයා ඒ ගැන නොහිතා ඉන්න තීරණය කලා. එතනින් එහාට එයා හිතුවෙ සතුටින් ජීවත් වෙන එක ගැන විතරයි . මේක නෙවෙයි නෙතුම්ගෙ ආදරය මේ එයාගෙ ජීවිතෙ අදුරු සිහිනයක් විතරයි .

මන් හිතන්නෙ නෙතූ ගත්ත තීරණය හරි . ආදරය කියල ප්‍රතම ප්‍රේමය කියල ජීවිතේ  විදවන්න ඕනි නෑ . අතෑරල දාන එක තමයි හොදම . ඔයාල මොකද හිතන්නෙ නෙතු කරපු දේ හරිද? වැරදිද?

❣️මතුසම්බන්ධයි ❣️

💃නෙතූ...

😍වාර්තාවක් කියෙව්වා වගේ ඇති ඊලග චැප් එකේ ඉදන් දෙබස් තියෙනවා

😍 මුලින්ම කියන්න ඕනි මං මේ කතාව මීට අවුරුද්දකටත් කලින් ලියපු එකක් එතකොට මං TU වත් බලලා තිබුන් නෑ . මේක මුලින් ලිව්වෙ girl boy love එකක් විදියට . ඒ විදියට ම දානවට වඩා bl එකක් විදියට දැම්මනම් හොදයි කියලා මට හිතුනා මොකද මං කලින් දාපු girl boy story එකත් ගොඩක් බලලා තිබුනෙ නැති නිසා .

😍 ඒ දවස් වල නම් හොයන්න තිබ්බ කම්මැලකම නිසා මගෙ නම දාලම ලිව්වා මේකෙත් ඒ නමම පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නෙ .ඒ වුනාට කතාවයි මායි අතර සම්බන්ධයක් නෑ මං මේකෙ ඕතර් විතරයි ( තමන්ගෙ ආදරයක් ගැන ලියන්නෙ කොහෙද තාම තනිකඩයි හුම්ම් 🥲 )අනික මේ cover photo එකයි කතාවෙ ඉන්න අයයි අතරත් කිසිම සම්බන්ධයක් නෑ ඒ දෙන්නට ආස නිසා cover එකට දැම්මෙ කතාව ලංකාවෙ විදියට යන එකක්

😍 ටයිපින් මිස්ටේක් ඇති ඒකට සොරි

😍 මේක කොටස් පහක වගේ පොඩි කතාවක්

😍 එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න සූටි මනිකලා 😍💖

අපේ ආදරේ කතාව මේ 💖 ( Completed )Where stories live. Discover now